Friday, June 1, 2012

අළු නොකරන් කළු


පියාඹන්
ඉහළට
ගසා දා
අළු
තවදුර
ගිලී
නොකරන්
කළු

When In Gray කියවා බලන්න

30 comments:

  1. මොකකට කියනවද කියලා හිතුනා මුලින්......... ඒත් පස්සේ වැටහුනා....... කොච්චර ලස්සන අදහසක්ද අයියේ....... :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නංගි සටහනට

      Delete
  2. අයියෝ තේරෙන්නෑ.. සමාවෙන්ඩෝන.. මම කවි වලට බොහොම ටියුබ් ලයිට්. ඔබතුමාගෙ කවි හරිම ගැඹුරුයි.. ඉතින් තේරුම් ගන්ඩ බෑ පැහැදිලි නොකොලොත්.

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ අනේක ප්‍රශ්ණ, කම්කොටලු ඇතිවෙනවා. ඉන් හිත වසා ගලන අඳුර විසින් පුද්ගලයා අඳුරේ ගිල්වනවා එය අළු (gray) පැහැය හැටියට ගත්තා. බැරිකම, උදාසීනකම, පරාජය නිසා අඳුරේම ගිලී කඳුලු සලන පුද්ගලයා මොහොතින් මොහොත තව තවත් පතුලට වැටෙන්නේ තවත් දුර්වර්ණ කරමින්, නොදැනීම ඝණ අඳුරේ ගිලෙමින්. එය පදපෙලේ සඳහන් කළු පැහැයයි.

      අළු කියන්නේ ගින්නෙන් දැවී (නැතිවූ විට) ඉතිරි වෙන දෙය. අඩු වැඩියෙන් දැවුන ද අළු ගසා මතුවෙන්න පුලුවනි නම්, අළු ගොඩින් ක්‍රමයෙන් මිදෙන්න බැරි නැහැ. පියවරෙන් පියවර මිදී ඉහළට ඇදෙද්දි ඇස් මායිමෙන් ඉවත් වෙන්නේ දැවුන අළු වගේම දුර්වර්ණ වූ අළු පැහැයෙන් නොවේද?

      හිතන්න පෙළඹවීමට පදපෙල වචන කිහිපයකට සීමා කරන්න ඕන වුනා, ඉන් පදපෙල සංකීර්ණ වුනාද මන්දා.

      නිවාඩුවේ ගම රට ගිහිල්ලා ඉන්න අතරතුරත් ඇවිත් සටහනක් කර ඔබට බොහෝම ස්තුතියි.

      Delete
  3. ඝනදුරේ රැඳෙමිත් තවත්

    ඉන්නට නොමනා..

    සිටිතොත් රැඳි තවත්,

    කවදා දකිත්ද පහන් එලියක්....

    ReplyDelete
    Replies
    1. ඇඳින්නොත් අඳුර
      අඳුරින් අඳුර ගිලනා

      Delete
  4. සිංහල අදහස වඩා ලස්සනයි කියල හිතෙනව.සමහර විට හයිකුවක් වගේ කෙටි නිසා වෙන්න ඇති.
    සරල වචන ටිකකුයි ගැඹුරු අදහසකුයි තියෙන කවියක්.

    ReplyDelete
    Replies
    1. ඒ අපේ බාසාවේ ලස්සන.

      වර්ෂා ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන විභාගයට සූදානම් වෙනවා නේද?

      Delete
  5. අදහස ‍නොතේරුනත් කවිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මං පදපෙල කොම්පැක්ට් කරලා වැඩියි ද මන්දා?

      Delete
  6. Replies
    1. බොහෝමත්ම ස්තුතියි, ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  7. ලස්සන කවියක්..ගැඹුරු තේරුමක්.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි, ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  8. කවියෙ අදහස හොදයි...

    ReplyDelete
  9. සිංහල හයිකු ..හරිම ලස්සන අදහසක් .කෙටියෙන් .

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි බින්දි.

      Delete
  10. Replies
    1. ඔව්, ඔබේ පුංචි කොමන්ටුව ගොඩාක් වටිනවා.

      Delete
  11. Replies
    1. බොහෝම ස්තුතියි නංගී. වසරකට විතර කලින් පැවැත් වූ මැනේජ්මන්ට් ප්‍රසන්ටේෂන් එකක දී ඉදිරිපත් කර අදහසක් මෙයට මුල් වුනා. පදපෙල ඉංග්‍රීසියෙන් කලේ ඒ දවස්වලම. පසුව වඩා ලස්සනට මේ පදපෙල කරන්න පුළුවන් වුනා (ඒ අපේ බාසාවේ ලස්සන). ඒත් මට උවමනා ග්‍රැෆික් එක කරගන්න ඉඩක් ලැබුණේ නැතුව පමා වුනා.

      Delete
  12. ජීවිතෙ තව තවත් ගිලෙමින් අඳුරට යනවට වඩා දැනුමින් පොහොනිව ඉදිරියට ගියොතින් මුළු ජීවිතයම ආලෝකමත් වෙයි කියන සිතිවිල්ලක් දැනුනා.. :)

    කෙටියි.. අර්ථයෙන් ගැඹුරුයි..!
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නන්ඳු, ඔබේ අදහස තවත් ලස්සනක් එක් කරා.

      Delete
  13. සිතිවිල්ල අපූරැයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. අලුත් පොස්ටුවක් දැක්කා, ඉක්මනට ඒ පැත්තට එනවා.

      Delete
  14. ඔබටද කියන්න ඉතිරිව ඇත්තේ අළු නොකරන් කළු කියා පමණි! ඔබ නිසා කීදෙනෙක් මේ වෙනකොට කළු වෙලා ඇත්ද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් සැඟවුනු ඇනෝ කොමන්ටු එතරම් තැකීමක් කරන්නේ නැහැ. ලිවීම ඔබේ නිදහස, ඒ වෙනුවෙන් ගල්මල් අඩවිය විවෘතයි. අළුවේ කළු දකින ඔබට නිර්මාණය ගොඩාක් දැනිලා වගේ, ඒත් රිදුනා නම් සමාවෙන්න. කොමන්ටුවට බොහෝම ස්තුතියි.

      Delete
  15. අඳුරෙන් එලියට යන අයටයි මේ ඔවදන ඩීන් මල්ලී. කෙනෙක් ගෙ ජීවිතේ නොයෙක් හැලහැප්පීම් වලට මුහුන දෙනකොට ලැබෙන දුක් පීඩා මකා දමා නොහොත් අළු පිසදා නැගී සිටීම නොවෙද? අප කල යුත්තේ. අලු මතින් වැළලී යාම හොඳයි කියන්නා තව තවත් අඳුරෙහිම ගිලෙත්. කෙනෙක් ගේ ජන්මය සොයා ගොස් ගරහන්නා ද එවැන්නෙක්මයි. සොයුරු දමින් ලොව එළිය කරන්නෝ ලොව දිනවන්නෝම නොවෙද? ඔබට ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ, ප්‍රශ්ණයකට මුහුණ දී වැටුණොත් නොගිලී මතුවීම හෝ තවදුර ගිලී එරීම පෙන්වන්න කල පදපෙල, මේ සටහනින් තවත් ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ. බොහෝම ස්තුතියි අක්කේ.

      Delete