Monday, April 9, 2012

යතුරු කපන්නෝ


අත දරාගෙන
ආම්පන්න
යතුරු එකතුව
බලාපොරොත්තුවෙන්
බලා සිටින
මුලිච්චි
වෙන තුරු
යතුර
නැති වෙච්චි
උදවිය

24 comments:

  1. බොහොම ලස්සනයි. උපහාස රසයකුත් තියෙනවා.. රසයි...

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි, බොහෝම ස්තුතියි ලොක්කා.

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි දිනේශ් මල්ලි

      Delete
  3. හැමදාමත් වගේ ඩීන් අයිය අපි නිතරම දකින දෙයක් දිහා වෙනස් විදියට බලලා

    හැබැයි ඔය යතුරු කපන්නො වැඩි දෙනෙක් කැමති නැතිවෙච්ච යතුරට අලුත් යතුරක් කපන්න නෙවෙයි...තියන යතුරට අමතර යතුරක් කපන්නයි...:D

    ReplyDelete
    Replies
    1. පදපෙලට උවමනාවෙන්ම අඩංගු කර නැති කොටස් දෙකකින් එකක් ලකී සඳහන් කරලා තියෙනවා, සතුටුයි.

      අළුත් යතුරක් කපන්න විශේෂ හැකියාවක් වගේම පලපුරුද්දක් අවශ්‍යයි, ලේසිම කාරිය කොහේ හෝ හදා, ඉම්පෝට් කරන ලද රෙඩිමේඩ් (ප්ලේන්) යතුරක් පාවිච්චි කරලා ඩුප්ලිකේට් කිරීම. සාමාන්‍යයෙන් සිදුවන්නේ අමතර යතුරකට මුදලක් යටකරන්න මැලි අය කරන්නේ නැති වුන යතුරකට/හිරවෙච්ච ලොක් එකකට අලුත් යතුරක් කපා ගැනීම නේද?

      Delete
  4. උදව්වක්ද? අනුන්ගෙ විපත ඔවුන්ගෙ සැපතක්ද? :D

    ReplyDelete
    Replies
    1. විශ්වාසය නැතිවුනාම උදාවෙන අවස්තාව නොවැ.

      Delete
  5. ඇර ගන්න බැරි දොරවල් දහසක් ඇර දුන්නත්... ඔවුන්ට දොර ඇරගන්න යතුර හමුවෙලා නැතුවද...?

    ReplyDelete
    Replies
    1. පදපෙලට උවමනාවෙන්ම අඩංගු කර නැති කොටස් දෙකෙන් අනෙක ඔබ සඳහන් කරලා තියෙනවා, සතුටුයි.

      අනුන්ට යතුරු කපා පිහිටවෙන ඔවුන්ට හරියාකාරව වහගන්න දොරක්වත් තියේද?

      Delete
  6. තවත් අපූර්වත්වයකින් හෙබි කෙටි කවියක්.
    හොඳින් රසවින්දෙමි.

    ReplyDelete
    Replies
    1. බොහෝම සන්තෝසයි, ඔබේ ඇගයීම දිරියකි සහෘදයා.

      Delete
  7. ඇතුවත් බැරි, නැතුවත් බැරි

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙමයි, සහතික ඇත්ත.

      Delete
  8. නියමෙට ගැලපෙනවා ...... පද ටික

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඔබව ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  9. හැමදාම හිතන්ඩ දෙයක් ඉතුරු කරන කවියක් තමා ඉතින් ඩීන් අයියගෙන් ලියවෙන්නෙ..

    බොහොම නිර්මාණාත්මකයි..

    ජය !!

    ReplyDelete
    Replies
    1. ඒ වදන් දිරියකි, බොහෝම ස්තුතියි සහෘදයා.

      Delete
  10. උපහාස රසය අතරින් දුකක් මෝදුවෙන ගතියක් දැනුණා....

    ReplyDelete
    Replies
    1. ජය පරාජය දෙකම ඉන් පෙන්වන නිසා වෙන්න ඇති. බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

      Delete