Friday, April 20, 2012

පොල් කඩන්නා


බැරි උස බඩගා
නුඹ ඉහළට යනවා
ගෙඩි ගොඩක් කඩලා
බැල ගෙඩියක් ගෙනයනවා

18 comments:

  1. දැන්නං බැල ගෙඩියක් නෙමෙයි සල්ලි තමයි ගෙනියන්නෙ.

    ReplyDelete
    Replies
    1. බැල ගෙඩිය වෙනුවට සල්ලි :)

      Delete
  2. දැන්නම් බැල ගෙඩියක් තියා කුරුම්බැට්ටියක්වත් ගෙනියන්ඩ පොල්ගස් නැහැ නොවැ..

    ඔබ හැමදාම සමාජයේ දුක්මහන්සියෙන් ජීවත්වෙන ම්නිසුන් ගැන කතාකරනවා නේද ? කෙන්දෙදිත් මේ වගේ දෙයක් ගැන කතාකලා මට මතකයි.

    ReplyDelete
    Replies
    1. පොල් කඩන පුද්ගලයා හමුවේ ඇති අවදානම පරාජය කරලා බැහලා යන්න වෙන්නේ සොච්චමක් අතට අරගෙන, බැල ගෙඩිය බෝනස් එකක් විතරයි. දැන් එකත් නැත්ද? මේ කාරණය බොහෝමයක් රැකියා වලට පොදු තත්වය නේද?

      Delete
  3. කෙටියි
    සරලයි
    ඒත්...
    නොකියැවුණ දේ ගැඹුරුයි..! :)

    ReplyDelete
    Replies
    1. ඔව් නන්ඳු, ඉන් මතුවෙන කවිරසය මිහිරිවෙනවා නොවැ.

      Delete
  4. සාර්ථකයි. යතාර්ථයෙන් මදක් ඔබ්බට ගිය බවක් දැනෙනවා. නමුත් සමස්තයක් විදියට හොඳයි. ජය!

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට හරසරින් පිලිගන්නවා.
      ඔබේ විචාරය ඉතා ගෞරවයෙන් බාර ගත්තෙමි. එය මට ගොඩාක් වටිනවා.

      Delete
  5. අපේ ජීවිත වලම වෙනස් විදිහක වර්ෂන් එකක්.....

    ReplyDelete
    Replies
    1. ලියූ වචන කිහිපයේ නොලියා පාර්සල් කර දෙය, බොහෝම ස්තුතියි සොයුරා.

      Delete
  6. අනතුරුදායක රැකියාවක්. ඒ විදිහෙ හුඟක් රැකියාවලට වගේ ප්‍රමාණවත් ගෙවීමක් නොකෙරෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පල නෙලාගත්තාට පසුව දෙන එහෙම දෙය බැල ගෙඩියක් වගේ, දැන් ඒකත් නැතිලු.

      Delete
  7. ශ්‍රීමාල්April 26, 2012 at 12:15 AM

    කෙටි උනත් හරි සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. බහුලව සිද්ධ වෙන දෙයක් අපේ වටාපිටාවට හුරු දෙයක් එක්ක යා කරා.
      බොහෝම ස්තුතියි සටහනක් තියන්න මේ පැත්තට ආවාට.

      Delete