Friday, March 4, 2011

මුතු බෙල්ලනී


රොඩු බිඳක් අරගෙන
පෙලා ගතම නුහුරින
වෙළා වට වට වඩමින
රැකලා කලක් යහමින
බබලා මුතු වැජඹෙන
පුදලා දිවි බෙල්ලනී පරවෙන


මුතු බෙල්ලන් ගැන වැඩි විස්තර:
1. http://www.thepearlmarket.com/pearl-formation.htm
2. http://en.wikipedia.org/wiki/Pearl
3. ස්වභාවික මුතු අතර ලාංකාවේ මුතු ද විශේෂ තැනක් ගනි, ඒ ගැන විස්තරයක් මෙතැනින්

8 comments:

  1. අපි හැමෝටම මුතු බෙල්ලාගෙන් ගන්න ලොකු පාඩමක් තියෙනවා ඩීන් මල්ලී. මුතු බෙල්ලෙකු තුලට ඇතුළු වන පුංචි වැලි කැට වැනි දේ උන් ඒවාට අකමැති නිසා ඒවා ආපසු එලියට තල්ලු කරන්න උන් උත්සාහ කරනවා. නමුත් උන්ට ඒවා එළියට දමන්න අපහසු නිසා පසුව උන් ඒවා තමා තුලම තබා ගෙන ඉතාම සුන්දර, වටිනා මුතු බවට පත් කර ගන්නවා. අපේ ජීවිත වලත් මේ වගේ අපි ආසා නොකරන, අපි අපහසුතාවයට පත් කරවන දේවල් වලට අපිට මුහුණ පාන්නට වෙනවා. අපි ඒවා සමහර වෙලාවට අත් හරින්නට බලනවා. සමහර දේවල් අපිට අත් හැර යන්නට බැරි වෙනවා. සමහර දේවල් අපි කොතරම් අකමැති උනත් අපි අතරම තබා ගන්නට සිදුවෙනවා. ඒවා ඉවසිල්ලෙන් අපි තුල තබාගෙන, එහෙම නැතිනම් අපි අතර තබාගෙන ජීවිතය සුන්දරව ගෙන යාම තමයි අපි කල යුතු දේ. එහෙම තමයි අපි ජීවිතයේ පන්නරය ලබන්නේ. ඔබටත් මෙය ආදර්ශයක් වේවී. ජයම වේවා!.

    ReplyDelete
  2. Toe marakkalayaa umba taama lenawa?
    tota lajja nada yako
    tota kondak nada ballo

    ReplyDelete
  3. Dear Malli, Most of us can afford to take a lesson from the oyster. The most extraordinary thing about the oyster is this: Irritations get in to his shell he does not like them, and tries to get rid of them. But when he can not get rid of them, he settles down to make them one of the most beautiful things in the world. That is called Pearl. My friend, if there are irritations in our lives, to day there is only one prescription: a pearl called patience.

    With all our blessings! for your bright future.

    ReplyDelete
  4. @Anonymous:
    ආගන්තුකයාණෙනි කලින් පොස්ට් එකක ඔබේ සටහනකට පිලිතුරු ලියමින් මා පැහැදිලිව හා සරළව පැවසූවා ඔබ ගෙනෙන දෙය මා භාරගන්නේ නැතිබව.

    ඔබේ හැම සටහනකම සඳහන් එක් වචනයක් (marakkalayaa) උරුමයෙන් මා සතුයි. ඉතිරිය ඔබ ඔබ ගැන කරන හැඳින්වීමක් වෙන්න ඇති.

    ඒ වගේම ඔබේ ක්‍රියාකලාපයෙන් මගේ ගමන කිසිඳු වෙනසක් නොවෙන බවත් ඔබට දැනටමත් වැටහී ඇති.

    ඔබ ගැන මගේ තියෙන්නේ අනුකම්පාවකි. මා හිතනවා ඔබ වැරදි වටහාගෙන කල හා කරන වැරදි නිවැරදි කරගෙන නුදුරු දිනකදී ගල්මල් අඩවියේ නිර්මාණ රසවිඳින්න එක්වේවි කියලා.

    අපේ සමාජය යහපත් වෙනවා දකින්න පතන සහෘද බ්ලොග්කරුවන් අතරින් කෙනෙකු වෙන මා සමාජයේ එක් පුද්ගලයෙකු වෙන ඔබද යහපත් වෙනවා දැකීම මගේ පැතුමයි.

    සියළු සිත් පහන් වේවා!

    ReplyDelete
  5. අප තුළට බාහිර රොඩු ඇතුළු වෙන තරමට අප තුළ මුතු වර්ධනය කර ගැන්මට අවකාශය සැලසෙනවා නේද? මුතු බෙල්ලෙකුගෙන් වැදගත් පාඩමක්.

    ReplyDelete
  6. @Chandi:
    මේ පදපෙල කරලා මාස දෙකක් විතර ඇති. මගේ අදහස වූයේ මුතු බෙල්ලා වටා ඇති වටිනා කතාව විස්තර කරන්න, ඒත් ඒ සඳහා අවැසි විවේකය ලැබුණේ නැහැ. ඒ අඩුව චාන්දි අක්කා ඉතාමත් අලංකාරව ඉටුකරලා තියෙනවා දැක්කාම ලොකු සතුටක් දැනුනේ. ඒ වගේම වටිනා දැනමුතුකම ඉතා අගේ කරනවා.

    බොහෝම ස්තුතියි අක්කේ.

    සුන්දර සොබාදම වටිනා පාඩම් බොහෝමයකින් පෝෂිතයි. අපිට ඒවා දකින්න, ග්‍රහණය කරන්න තරම් පොඩි විවේකයක් ඇත්නම්.

    ReplyDelete
  7. @Chandi:
    Akke, thanks a lot for adding pearl oysters story in English. I use same fact very much in team building and personal development work shops too.

    “…to day there is only one prescription: a pearl called patience…” time tested, load tested truth

    ReplyDelete
  8. @නලිනි චන්දිමා:
    මුතුබෙල්ලා ලොකු පාඩමක් කියා දෙනවා නම් තමයි.

    සාමාන්‍යයෙන් බාහිරින් රොඬු ඇතුලත් වීමෙන් වැඩෙන මුතු. එහෙත් මහා පරිමාණව මුතු බිහි කිරීමට ගොවිපලවල දී ඒ වගේ රොඬුවර්ග ඇතුලත් කරන බවයි කියයි. කරදියේ වගේම මිරිදිය ගොවිපල වල ද මුතු වගාව කරයි.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete