Wednesday, December 8, 2010

එපා හලන්නට හිම සළුපට


නීල අහසේ
ඉහළට නැග
සිපගෙන වළාපෙළ
පැලැඳි හිම සළුපට
එපා හලන්නට
කෝප වී
වස්සා
මොර සූරන වැසි
යටකරන පහත්බිම
වෙසෙන අසරණයින්
නැහැ කලේ වරදක්
උත්සන්නට
රසදිය කඳ

16 comments:

  1. //උත්සන්නට
    රසදිය කඳ//

    උෂ්ණත්වය ඉහල යෑම නිසා හිම කඳු දියවී අපි වගේ පුංචි දූපත් රටවල් යට වෙන එක ගැන නේද මේ කියන්නේ...

    අයියා.. හැබැයි ඉතින් වරද හිම කඳු වල නම් නෙමෙයි ඕං...අපේම වැරදි. අපේම කීවට වැඩි පංගුව අයිති දියුණූ රටවල් වලට... එයාල එක එක සමළු තිය තිය පරිසර උෂ්. අඩු කරන්න කියන්නේ මේ අපි වගේ අහිංසක රටවලට...

    ReplyDelete
  2. ඇත්තට ම ලංකාවට මෙච්චර වහින්නෙ ඒ හින්ද ද දන්නෙ නෑ නේද..?
    ඒකෙත් හැටි.. කරදර ඔක්කොම අපිට

    ReplyDelete
  3. කුණු ඔක්කොම බේරෙ වැවට කිව්වළු..සහෝදරයාගෙ"අවදිය" නම් අනර්ඝයි..

    සුලා..

    ReplyDelete
  4. ඔව්ව ඔහොම තමයි ඩීන්

    මොනවා කලත් අන්තිමට පහල ඉන්න අපිව තමයි බයිට් වෙන්නේ

    ReplyDelete
  5. මේ සුලා ට මම එක එක තැන් වල පනිවිඩ තියනවා (තිසාගේ අඩවියේ, මාරයගේ අඩවියේ එහෙම)

    ඒත්

    මාත් එක්ක අමනාපයෙන්ද මන්දා නෝ රිප්ලයි.

    ReplyDelete
  6. ගිනිගත් පුරවරට කිම පිණි දියෙන් පල???

    ReplyDelete
  7. @දුකා,
    ඔබතුමාගෙ අඩවියට පහුගිය ටිකේ ආවා ගියාට අළුත් ලිපි තිබුනේ නැහැ නොවැ..ඉතිං සටහනක් දාන්න බැරි වුණා..ඒ ගැන සමා වෙන්න ඕනෑ..කොහොම නමුත් ආයෙත් ලියන්න පටාංගත්තු එකට නම් සන්තෝසේ බැරුවා..

    සුලා

    ReplyDelete
  8. @wath:
    කඳුවගේ ඉහලට ගිහින් වනසපු ඈයෝ, ඉහළට නගින්න උත්සාහ ගන්න අයට නීතිදානවා නුඹලා රත් කරන්න එපා කියලා. ඒ දෙගොල්ලෝ වාද වෙන අතර කඳු පාමුල අපි වගේ දූපත් වගේම දුප්පත් රටවල් බැට කනවා.

    ඇත්තෙන්ම කඳුවල වරද නෙවේ, දියුණු කියන ඈයෝ වනසපු එක මිසක්.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  9. @චේජනා:
    වෙන්න ඇතිනේ...

    පාකිස්තානයේ නුහුරු ගංවතුරට කාරනය වූයේ හිමාලය හා අවට කඳුවල හිම ස්තර දියවීම බව කියැවුනා.

    ඕසෝන් ස්තරය පලුදුවීම හා පෘථිවියේ ඌශ්ණත්වය ඉහල යෑම උත්තරධ්‍රැවයේ හිම කඳු දියවීමට හේතුවන බවත් ඉන් ඇතිවන මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා මාලදිවයිනට අයත් දූපත් ගනනාවක් යටවීමේ තර්ජනයත් මතුවී ඇතිබවත් පසුගිය කාලයේ විද්වතුන් කියා සිටියා. අපිත් ලඟ පාතම නේද?

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  10. @සුලා:
    ඒකනම් ඇත්ත හැම දෙයම පල්ලමට... බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  11. @දුකා:
    ඔව් හැම දෙයකම බර පාමුලට, මෙතැන දී ද එයමයි.

    ඔන්න දැන් සුලා හා දුකා මහ මුහුදයි මහ පෙලොවයි අතර තියෙන ගල්මල්-පරයක හමුවුනා නොවැ.

    ReplyDelete
  12. @හරී - පිණිපළස:

    හැල්මේ දුවන පරිසරය නසන
    ගිණිගත් පුරවරක පිණි බිඳක් නොවේ පලක්
    වැලි කැට එක්ව තැනෙන
    වේල්ලක බිත්ති රඳයි බිඳ බිඳ එක්වූ ජල කඳක්

    ස්තුතියි නංගී සටහනට

    ReplyDelete
  13. ලස්සන අදහසක් මිත්‍රයා
    මේ දින වල ඔන්න මාෂල්ස් අයිලන්ඩ්ස් යට වේගෙන යනවලු මේ සිද්දිය නිසා.
    අර කිවත් වගේ ඉතින් මේවට වැඩි හරියක් වග කියන්න ඔනේ අපේ මිනිසුන්ම තමා
    ලස්සන නිර්මාණයක් යාළු

    ReplyDelete
  14. @සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
    බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට

    ReplyDelete
  15. චන්දිමාJanuary 20, 2011 at 5:50 PM

    බලපුළුවන්කාරයන්ගේ ක්‍රියාවලින් නැගෙන ගෝලීය උණුසුමෙන් මෙන්ම වෙනත් අයහපත් ප්‍රතිපලවලිනුත් වඩාත්ම පීඩා විඳින්නේ ඊට කොහෙත්ම සම්බන්ධයක් නැති අසරණයින්. දැන් ලෝකය පුරාම සොබාදහම මිනිසාට එරෙහිව නැගී සිටිනවා වගෙයි. නමුත් සොබාදහමත් බලපුළුවන්කාරයන්ගෙ ගොන්නටම එකතු වෙලා අසරණයින් පෙළනවද මන්දා.
    ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  16. @චන්දිමා:
    කවදත් බැට කන්නේ දුබලයා.

    බොහෝම ස්තුතියි නංගී විමසුම් සටහනට.

    ReplyDelete