Sunday, December 26, 2010

මිතුරේ සයුරු රළතෙම


ඈත දියඹේ අහස සිඹ
ඉකිරි කවඩි අරගෙන
තාලෙන් තාලෙට රැළි නගා
වෙරළට එන

පුංචි පැටව් කැනූ අගල්
කිරිසුදු පෙනින් පුරවන
වැලි මාලිගා බිමට හලා
ඔච්චම් කරන

වෙරළේ වැලි තීරය
සිත්සේ තෙත් කර
රන් පැහැ රටා දමා
ඔපවත් කරන

ලොකු පොඩි සැම
මද නලින් පිලිගෙන
හිතේ දුක රූරා අරගෙනා
සිතිජයේ හලන

මිතුරේ සයුරු රළතෙම
ඉඳහිට සැර වෙන
නිවී ඈතට යනෙනා
දිවි රැකදෙන

කෝපවෙන්ට එපා කිසිදින
ඔදතෙද පිරි නුඹේ පව්ව අබිමුව
කුහුඹුවනි අපි වූ අසරණා
වරක් පෑගුන




සුනාමි ඛේදවාචකයේ සයවන වසර සිහිකරමින් ...
නිල් සයුර අප මිතුර අරන් ඇවිදින් පුංචි රළපෙළ ලස්සන කරනු මැන අපේ වෙරළ
කෝපවෙන්ට එපා කිසිදින

6 comments:

  1. ලස්සන පද ගැලපීමක් !!

    සුනාමි උවදුර නිසා අපට ගොඩක් දේවල් නැති උනා. නමුත් අපට එක දෙයක් ලැබුනා. ඒ තමයි සහෝදරත්වය කියන මානුශික හැගීම. එදා සුනාමි ඇති උනාට පස්සේ අපේ ජනතාව ජාති බේද අමතක කරලා එකාවන්ව සහෝදරත්වයේ දෑත දිගු කරපු එක නම් ප්‍රශංසනිය යි.

    ReplyDelete
  2. මුහුදත් වෙරළත් සම්බන්ද තවත් ලස්සන පදපෙලක්

    ReplyDelete
  3. @මධුරංග:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. පැමිණ සටහනක් තැබීම ගැන ගොඩාක් සතුටුයි.

    සුනාමිය සොබාදම විසින් ජීවිතයට කල බලපෑමක්. ඔබ සඳහන් කල පරිදි අපේ රටේ ලොකු වෙනසක් දකින්න ලැබුණා. ඒ ලත් අත්දැකීම වාද බේද දුරුලා ඉස්සරහට යන්න යොදා ගන්නවා නම් මේ වසර හය තුල අපිට ලොකු වෙනසක් දකින්න තිබුණා.

    නැවතත් බොහෝම ස්තුතියි ඔබේ සටහන හා ඇගයීමට.

    ReplyDelete
  4. @නෙල්ලි:
    මුහුදුබඩ අපිව හැම රළු රළක් ම විඳගෙන රකින්නේ ලස්සන රන්වන් වෙරළ. ඒ වගේම මුහුද, වෙරළ, රළ පදපේලි කරන්න දෙන්නේ ලොකු අනුබලයක්.

    බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් තැබුවාට.

    ReplyDelete
  5. සයුර කියන්නෙ මහ පොලව වගේම අපේ ජීවිත වලින් බැහැර කරන්න බැරි දෙයක්. ජීවිතේටම මුහුදක් දැකල නැති කෙනෙක්ට පවා ඒ කතාව අදාලයි.

    පදපෙළ මරු. මගේ හිත් ගත්තා. පදපෙළෙ කොටස් එක එක අරගෙන වෙන වෙනම කියවීමක් කරල රස විඳින්න පුලුවන් අපේ අද්දැකීමුත් එක්ක.

    ReplyDelete
  6. සයුර ලඟ පාතක නැති අයටත් නූතන පරිසර විෂමතාවයන් නිසා සයුර ගැන උනන්දු වෙන්න වෙලා. දූපතක අපිට ඒ හැමටම වඩා සයුර සමීපයි. ගොඩබිමත් සයුරත් අතර හැම තෙරපීමක් ම දරා ගෙන අපව රකින්නේ රන්වන් වෙරළ. ඒත් එදා මොන හෝ හේතුවක් නිසා සයුරත් වෙරළත් එකතු වී මුහුදුබඩ අපට ඔවුන්ගේ කෝපය/බලය පෙන්වූවා. අපේ ම අතින් වූ වරදක් නිස ද මන්දා?

    අපේ මිතුරු සයුර කවදාවත් උරන වෙන එකක් නැහැ මතු දා!

    බොහෝම ස්තුතියි මල්ලී නිර්මාණය අගයමින් සටහනක් එකතු කලාට.

    සුභ නව වසරක් වේවා!

    ReplyDelete