Tuesday, December 14, 2010

හරය

මොරදිදී දෙසන
අඩු වැඩිකොට
බෙදා ගුණකර
උනුනටම
වාසි ගෙනෙන සේ
සකසන
අගය

19 comments:

  1. ගුණ කරොත් වාසියි
    බෙදුවොතින් පාඩුයි
    හරයට කරනදේම
    ඉබේටම සිදුවෙයි
    අනුන්ගේ පානෙන්
    එළිය ලැබ සැනසෙයි,,,,,ලවය

    ReplyDelete
  2. හරයක් නැති හරය
    හරියට කරොත් ‍ගොඩය
    ලවයත් ඔහෙ වැනෙත
    හරක් පිට රැඳි ළමයි අපිමය

    හරකා උඩ ළමයා

    ReplyDelete
  3. සාමාජයේ හරයන් රකින්න බණ දෙසමින් තමන්ගේ මඩිය තරකරගන්න ක්‍රම හැදීම ගැන ලොකු කතාවක් පොඩි පදපෙලකින් ඉදිරිපත් කරලා තියෙන ලස්සන.

    ReplyDelete
  4. තිත්ත ඇත්තක්....

    ReplyDelete
  5. කෙටි පදපෙලින් දිගහැර තියන අර්ථය අපූරුයි.

    අනෙත් අන්තය දිහා බලල ලියල තියන පිළිතුරු කවිත් මරු.

    ReplyDelete
  6. කොහොමත් මගෙ සහෝදරයා අතින් ලියැවෙන්නේ හරයක් ඇති දේවල්මනෙ...

    සුලා

    ReplyDelete
  7. නියම අදහසක්...

    ReplyDelete
  8. @හරී - පිණිපළස:
    "අනුන්ගේ පානෙන්
    එළිය ලැබ සැනසෙයි,,,,,ලවය "

    ගණිත කවියේ පාර්සල් අදහස ගොඩාක් සිත්ගත්තා නංගී. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  9. @wath:
    "හරක් පිට රැඳි..."
    පදපෙලේ සමාජමය විමසුම උපරිමයි. බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  10. @නෙල්ලි:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  11. @``` Outsider```:
    බොහෝමත්ම ස්තුතියි ඔබේ සටහනට

    ReplyDelete
  12. @Raven:
    ඒ කවිමුතු පොකුරක් වෙලා අදහස තවත් බබලවනවා.
    බොහෝම ස්තුතියි මල්ලි සටහනට.

    ReplyDelete
  13. @ගී සිතුවම්.......:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    ඔබේ අඩවියේ ගී සිතුවම් ගනනාවක් රසවින්ඳා පෙර දවසක; බොහෝම අලංකාරයි, ගොඩාක් සිත්ගත්තා. හැබැයි මෙදා තමා සටහනක් තියලා ආවේ.

    ඔබේ සටහනටත් බොහෝම ස්තුතියි.

    ReplyDelete
  14. @සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
    බොහෝමත්ම ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
  15. @සුලා:
    කවදත් වගේ සුවඳ මලක් තියලා ගිය මල්ලියේ තුති.

    ReplyDelete
  16. @prasanna86k:
    ගල්මල් අඩවියට පීනා ආ ගොල්ඩ් ෆිෂ් සාදරයෙන් පිලිගන්නවා, කරදියේ කොරල්පර ලස්සන කරන්නේ අපි එකතුවෙලා නේ...

    බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කලාට.

    ("සොඳුරු සිත" කියවද්දි ගොල්ඩ් ෆිෂ් පැනය විසඳ ගත්තේ)

    ReplyDelete
  17. @හරී - පිණිපළස & @wath:
    ඔබ දෙදෙනාගේ කවිමුතු මේ නිර්මාණය තවත් දීප්තිමත් කලා.

    නැවතත් ස්තුතියි.

    ReplyDelete