Monday, October 11, 2010

සමනය කරන වෙරළ


හෝ හෝ හඬ දෙවමින
ගෙවා දුර පෙරලා එන රළු රළ
බිඳුනත් හැප්පී ගල් කුළ
අඩුවක් නැහැ පෙන්නන ඔදතෙද
නිහඬව පිලිගෙන
රන්වන් කැට විහිඳුන සිනාවෙන්
කිරිසුදු මුදු පෙණ කර
පෙරලා යවන්නේ කොහොමද
පුරවා දයාවෙන්
සමනය කර අම්මා වාගේ

12 comments:

  1. ගොර හැඩි රළ
    බිඳී නොබිඳ
    වෙරළ අසල
    වී නිසසල

    මවකගේ ඇකයේ
    සැනහෙන
    දරුවෙකුගේ
    මුහුන සිඹින

    අම්මාවරු
    මෙන් නිරතුරු
    මඟ බලමින්
    සිටින අයුරු

    ReplyDelete
  2. "කරදරයක් වූවානම් සමාවන්න."

    ඇයි බොල info ඔය උලව්ව මෙතන රිංගන්න කලින් හිතන්න බැරි වුණේ.

    ReplyDelete
  3. සහතික ඇත්ත... ගිණියම්වූ හදවත් සිහිල් කරන්නටත්,ප්‍රේමයෙන් වෙළුනු හදවත් මුසපත් කරන්නටත්,හුදෙකලාව අවැසි හදවත්වලට තනි රකින්නටත් සයුරු තෙර තරම් සමතෙක් මං හිතන්නෙ නැහැ තවත් ඇතිය කියලා...දැනට අවුරුදු ගානකට ඉස්සර අඟුලානෙ වැඩබිමක සේවය කරන කාලෙ ඔය වෙරළ තීරයෙ සුන්දරත්වය හොයාන සයුර දිහා බලාන හිටිය හැටි තාම මතකයි...ඉක්මනටම ඒ ජීවිතය හොයාගන්න ඕනෑ...ජීවත් වෙන්න තියෙන්නෙත් තවත් සුළු කාළයක් නොවෑ...මේ කාන්තාරෙට වෙලා කොන්ක්‍රීට් කඳු දිහාවයි..මළ මුහුද දිහාවයි...හැඟීම් විරහිත හතරැස් මූණු දිහාවයි බලං ඉඳල හොඳටෝම ඇතිවෙලයි තියෙන්නෙ....

    බෝහෝම අපූරු නිර්මාණයක්...!

    සුලා...

    ReplyDelete
  4. ඩීන් අයියෙ,

    රන් පදක්කම් ලාභී ජුලියන් බෝලිං මහත්මයා එමීරයේ රු. 20,000.00 පඩියට වැඩකරනවාය කියන එක ඇත්තක්ය?????...උඹ නම් මාර මනුස්සයෙක් බං..අපේ මිනිස්සු ගැන හිතන වදවෙන...!

    සුලා..

    ReplyDelete
  5. මුහුදට, රැළිවලට ගොඩාක් ආස වුනාට ඔයා දකින විදියට මම ක්වදාවත් වෙරල දැකල නෑ කියල හිතුන අය්යෙ මේක කියෙව්වම...

    ReplyDelete
  6. හයි හත්තිය අරගෙන දිවගිය
    දරුකැල පෙරලා එන මානය
    බලා හිඳින්නී ඇය
    වෙහෙසක් නැති වෙරළක් සේ

    ඔබේ පදපෙලින් කල විමසුම ගොඩාක් සිත්ගත්තා

    ReplyDelete
  7. @Anonymous:
    මෙතැන දාලා තිබුණ වාණිජ දැන්වීමට පිලිතුරු ලියූ ඇනෝට ස්තුතිය.
    ඒ දැන්වීම මා ඉවත් කලා.

    ReplyDelete
  8. @සුලා:
    බොහෝම ස්තුතියි අගනා විමසුමට. විස්තර ගැන නම් මොන කතාද? මොනවා කරන්න ද මලේ අපිට පිං මදිවෙන්නැති ඒ පින්බිමේ හුස්ම ගන්න. ඇති එකම සැනසීම අපි ගොඩාක් දේවල් කරලා සම්මාදම් වුනා කියලා හිතෙන, කවදාවත් පැසසුමක් නොලබන අපි විසින් අපේම උරහිසට දා ගන්න වෙන තට්ටුව විතරයි.

    ReplyDelete
  9. @සුලා:
    මා දන්නා තරමින් බොලිං මහත්මයා තම ක්‍රීඩා ක්ෂේත්‍රය හා සම්බන්ධ ව්‍යාපාරයක්/පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඔහු කරගෙන සිටී සුවපහසු රස්සාවෙන් ද අස්වූ කෙනෙක්. ඒ නිසා එමීරයට ආවා කියන එක කියන්න අමාරුයි, ඒත් වෙන්න බැරි දෙයක් නැහැ නොවැ.

    ඉහතින් "බොල" වචනය සඳහන් සටහන මේ අඩවියට ඇලුම් කරන කවුරු හෝ තියන්න ඇති ඊට කලින් දාලා තිබූ ස්පෑම් සටහනක් නිසා. ඒ සටහන මා ඉවත් කරා, එයයි මෙතෙක් ඉවත් කරපු පලමු සටහන.

    ReplyDelete
  10. @චේජනා:
    මුහුද කොහොමත් ගුප්තයි. අපි දැනගෙන ඉන්න දේවල් වලට වඩා ගොඩාක් දේවල් ඇති ඒ ගුප්තයේ යටවෙලා.

    හැදුන වැඩුන පරිසරය නිසා වෙන්න ඇති මුහුදට ගොඩාක් කැමැතියි. ඒත් මුහුදු වෙරළකට ගිය දවසක් මතක් නැහැ.

    තවත් අලුත් පදපෙලක් මුහුද ගැන. Amazing Spring බලන්න.

    ReplyDelete
  11. ගල්මල් මහත්තයෝ....

    හදගීපොත අඩවිය පැත්තෙන් කිසිම සද්දයක් නැත්තෙ මොකෝ.....ඉතිං ඔය උත්තමයගෙන් තමා විස්තර දැනගන්න තියෙන්නෙ....

    මට මෙහෙම හිතෙනව අයියෙ...

    පරාර්ථය හුදෙක් හිතළුවක් පමණක්ය...මනුස්ස සන්තානය හැමවිටම ආත්මාර්ථයට යටයි'ය කියලා...

    ..එක අතකට ඒකෙ අළුත් දෙයකුත් නැහැ...සනාතන ධර්මයට එකඟයි...

    සුලා..

    ReplyDelete
  12. @සුලා:
    හද ගී පොත ඇත්තෝ මෙදිනවල වැඩ රාජකාරී නිසා විවේකයක් නැතිව, ඒවා එකලාසයක් කරගෙන ඒවි ඉක්මනට.

    ReplyDelete