Friday, October 1, 2010

ජීවය දෙන තුටු කඳුල


විඩාව සෝසුසුම
සමනය කර ගිලිහෙන
කඳුළු බිඳ
වැටී වැව් තලය මත
නැගෙන තරංඟ
හැපී ඉස්සෙන ජල තලය
එතෙර ගල්තලාවේ
හිදැසක රැඳි පස් පිඩක
වැඩෙන පතොක් පඳුරක
ජීව ජල බිඳුව ලබාදී
විකසිත සොම්නස් මල
මතුකරන දිළෙන මුතුකැට
ජීව බලය දෙන


පිදුම:
මැදපෙරදිග රැකියාවල නිරතව කට්ට කාෂ්ඨක පරිසරයක් එක්ක ඔට්ටු අල්ලන
ලක්ෂ සංඛ්‍යාත දිරිය මිනිසුනට ගෞරවයෙන්

12 comments:

  1. මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරි උනා, ඇත්තෙන්ම මේ මටත් ඔය පිටරට යන අය විඳින දුක මුලින්ම තේරුම් ගියේ මගේ පෙම්වතා රට ගියාට පස්සෙ. ඊට අවුරුදු ගනනාවකට පස්සෙ රකියාවකට නොවුනත් මමත් එතෙර ගියාට පස්සෙ හොඳටම තේරුම් ගත්තෙ.

    ඒ දුක විස්තර කරන්න අපි ළඟ තියෙන වචන මදි අයියෙ.

    ReplyDelete
  2. ගල් මල් සහෝදරයා....මට ඔබගේ අන්තර්ජාල ලිපිනය දෙනවාද????...

    නිර්මාණය ගැන පසුව සටහනක් තබන්නම්..
    උඹ දන්නවා මම කවුද කියලා...

    ReplyDelete
  3. @ඇනෝ:
    මේ අඩවියේ About Me යටතේ ඇති View my complete profile බලන්නකෝ, ඒක වෙන්න ඇති ඉල්ලුවේ

    ReplyDelete
  4. කතරේ වැලි හුළඟේ
    සිත ගත දවන අතරේ
    හෙලනා දාබිඳු
    රියාල් ඩිනාර් වී
    මව්බිම වෙතට ඇදේ...
    දිරිය සවියයි ඒ
    වැලි කතර පුද දෙන්නේ..
    ඔබේ දිරියට පිදෙනා
    ප්‍රණාමයයි මේ...

    ReplyDelete
  5. ආ..ඒක හරි..මට දැනගන්න ඕනෑවුනේ අපේ හදගී පොතේ ඉන්ද්‍රජාලිකයා මේ දිනවල පේන්න නැත්තේ මොකද කියාලයි...නෝ කතා...නෝ සිනහා...

    ReplyDelete
  6. @හරි:
    ඉවුරට ලඟා වුන අයයි දකින්නේ කටු පඳුරුවල තරම... නැත්නම් එගොඩට පාටින් කොළ.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  7. @සෝරෝ:
    බොහෝම ස්තුතියි සටහනක් තිබ්බාට.

    ReplyDelete
  8. මේ ලිපිය මට අන්තර්ජාලය ඔස්සේ කලකට ඉහතදී ලැබුනු සුන්දර ලියවිල්ලක්..ගල්මල් සහෝදරයාගේ ඉහත නිර්මාණයට පොඩි සම්බන්ධයකුත් හැඟෙන නිසා මට හිතුනා ඔයාලත් එක්ක බෙදාහදා ගන්න...

    ============================================
    නොබැලූ ලියුම....

    ආදරණීය අම්මේ,තාත්තේ

    මේ ලිපිය ලියන අද මම මැද පෙරදිග වසර පහක් සම්පූර්ණ කරනවා.ලබන මාසෙ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ.කලින් නිවාඩුවට ගෙදර එත්දි වෙච්චි ණය ඔක්කොම ගෙවලා ඉවරයි.මේ නිවාඩුවත් එක්ක මම ගෙදර නවතින්නයි හිතන් ඉන්නෙ.මට ආයෙත් මෙහෙ එන්න අදහසක් නැහැ.මට විශ්වාසයක් තියෙනවා මට ලංකාවෙ හොඳ රස්සාවක් කරන් ඉන්න පුළුවන් වෙයි කියලා..

    මේ ගැන ඔයාලත් අදහස් කියන්න.
    මීට ආදරණීය
    පුතා
    =============================================
    හැරෙන තැපෑලෙන් පිළිතුරක් ලැබුණා..

    ආදරණීය පුතේ,
    අපට ඔබේ ලිපිය ලැබුණා.ගොඩාක් සතුටුවෙනවා ඔයා නිවාඩුවට එන එක ගැන.ඉතිරිය අම්මා ලියාවි.
    පුතේ ඔයා දන්නවාද අපි ඉන්න ගෙදර තත්වය නම් බොහෝම නරකයි.වැස්සකාළෙට ගේ ඇතුලෙ ඉන්න තැනක් නැති තරම්.හැම තැනම තෙමෙනවා.වහලය අළුතින්ම හදන්න වෙයි මයෙහිතේ..මේ ලාලෙ ලීවල ගණන් හැටියට ඒක අපිට දරාගන්න බැහැහැමෝම කියන්නෙ කොන්ක්‍රීට් දාලා උඩ තට්ටුවක් හදන්න කියලා.හරියට ගෙයක් නැතිව මොනව කරත් වැඩක් නැහැ.ඔය රස්සාව නවත්වලා මෙහෙ ඇවිත් ලැබෙන සොච්චම් පඩියෙන් කොන්ක්‍රීට් දාලා ගෙයක් හදන්න පුළුවන් වෙයිද??මම මේක කිව්වෙ ඔයාට මතක් කරන්න.පුතා හොඳ දෙයක් බලලා තීරණය කරන්න.
    ඔබේ ආදරණීය
    අම්මා..
    ============================================
    ඊටත් වසර පහකට පසු....පුතාගෙන් ලියුමක්..!

    ඔන්න මේ කාන්තාරෙ අවුරුදු දහයක්ම ගතවෙලා අදට.ලබන මාසෙ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ.ගේත් හදලා ඉවරනෙ.ඒකට ගත්තු ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි.මේ සැරේනම් ගෙදර ඇවිත් නවතින්නයි හිතන් ඉන්නෙ.ත්‍රීවීල් එක්කක්වත් හයර් එකට දාලා ගෙදර වියදම් පියවගන්න පුළුවන් වෙයි.දැන් නම් මෙහෙ ඉඳලා එපාවෙලා.මගේ ළමයිනුත් එක්ක සතුටින් ඉන්නයි අදහස.
    මේ ගැන ඔයාලගේ අදහසත් කියන්න..
    මීට ආදරණීය
    පුතා..
    =============================================
    මෙන්න පිළිතුරු ලිපිය.

    ආදරණීය පුතේ,
    ඔයාගේ ලියුම කියෙව්වාම හරිම දුක හිතුණා.මගේ පුතා අපි වෙනුවෙන් පොඩි කාලෙ ඉඳන්ම දුක් විඳා.මම මේ මතක්කරන්නමයි හිටියේ.ඔයාගෙ නංගි දැන් කසාද බන්දලා දෙන්න වයසත් හරි.එයා බඳලා දුන්නා නම් මගේ හිතත් නිදහස්.මම මැරෙන්න කලින් එයා බැඳලා ඉන්නවා දකින්න ආසයි.වැරදියට ගන්න එපා.ඒ ගැනත් හිතලා බලන්න.ඔයාම තීරණය කරන්න.
    මීට
    අම්මා..

    ==============================================

    සුලා..

    ReplyDelete
  9. වසර හතරකට පසු..බිරිඳට...

    ආදරණීය ස(බිරිඳට )

    අවුරුදු දාහතරක්ම ගෙවිලා ඉවරයි..දැන්නම් මට මෙහේ තිත්ත වෙලා.තවත්නම් මෙහෙ ඉන්න බැහැ.මගේ වීසා එකත් කැන්සල්කරගෙනම එන්නයි හිතන් ඉන්නෙ.නංගිගේ කසාදයත් හිතන් හිටියට වඩා හොඳට වුනා.ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි.මෙහෙට වුණු ණයත් ගෙවලා ඉවරයි.
    ලංකාවට ඇවිත් මොනවාහරි රස්සාවක් කරගෙන ඉන්නවා.දැන්නම් බර වැඩ කරන්නත් අමාරුයි.අධික රුධිර පීඩනයයි දියවැඩියාවයි දෙකම ඇවිත්.ගන්න පඩියෙන් බාගයකට වඩා බේත් හේත් වලට යනවා.ලංකාවට ඇවිත් බෙහෙත් කරානම් හොඳයි.

    මීට,
    ජ...(සැමියා)

    ==================================================
    බිරිඳගෙන් පිළිතුරක්...!

    ආදරණීය ජ..(සැමියාටා
    ඔයාගේ ලියමන කියවලා ඇස්වලට කඳිළු ආවා.ඔයානම් ආයෙත් රට යන්න එපා.අපි බැඳයින් පස්සෙ මෙච්චර කාලෙකට මම ඔයාගෙන් කිසිදෙයක් ඉල්ලලා නැහැ.ඒත් දැන් දෙයක් ඉල්ලන්න තියෙනවා.ඔයාලගෙ අයියා බැඳයින් පස්සෙ අම්මා සෑහෙන්න වෙනස් වෙලා.එයාලගෙ පැත්ත අරං.ඒ වාගේඉම මං අහගෙන මේ ගේ අයියලට ලියලා දෙන්න යනවාලු.එහෙමවුනොත මේ දරුවයි මමයි ඉන්නෙ කොහේද??අපිට යන්න තැනක් නැහැ.ඔයාට පුළුවන්නම් අපේම කියලා ගෙයක් හදා ගම්මු.ඔයා දන්නවානේ දැන් සිමෙන්ති,යකඩ,බාස් කුළී කොයි තරම් ගණන්ද කියලා.මම මගේ හිතේ තියෙන දුක කිව්වේ..ඔයාත් හිතලා බලන්න.

    මීට ආදරණීය,
    බිරිඳ (ස )

    =============================================
    වසර දහ නවයකට පසු....,

    ආදරණීය ස (බිරිඳට )


    අවුරුදු දහනවයක්ම ගෙවුණා.හිතා ගන්නත් බැහැ මෙච්චරකල් හිටියාද කියලත් තනියම මෙහේ.කොහොමහරි අපේ ගේත් හදලා ඉවරකරගත්තානේ.ඒක ලොකුදෙයක්.තවත්නම් වැඩකරන්න බැහැ.මේ රස්සාවෙන් අයින් වෙන්න කාලෙ හරි.අස්වෙනවත් එක්ක මගේ අතට ලැබෙන මුදලත් හිතන් හිටියටවඩා අඩු ගානක්.මොනවා කරන්නද?..අනෙක් අයටත් මීට වඩා සළකන්න තිබුණා ටිකක් වැඩිපුර ලැබෙනවා නම්.කොහොම හරි මම යමක් කරගත්තානේ..ඒ ගැන සතුටුයි.හැබැයි පවුල් ජීවිතයක් තිබුනේම නැහැනේ..අස්වෙලා ඇවිත් ළමයි,ඔයා එක්ක ජීවත් වෙන්න ඕනේ.මේ සැරේ නම් අස් වෙලාම තමයි එන්නේ.
    මීට,
    ජ,,(සැමියා )
    ==================================================
    බිරින්දෑගේ පිළිතුරු ලිපිය...

    ආදරණීය ජ ..(සැමියාට )

    ඔයාගෙ ලියුම කියෙව්වායින් පස්සෙ මම ගොඩාක් සතුටු වුණාපරක්කු වෙලාහරි ඔයා ගත්තු තීරණය ගැන.ඒත් පුතා කියනවා එයාට කොම්පියුටර් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න ඕනෑලු.පළවෙනි අවුරුද්දෙ ලක්ෂ හතරයි,ඉන්පස්සෙ ලක්ෂ තුන ගානෙ අවුරුදු දෙකක්.එකපාර ඔක්කොම සල්ලි ගෙවන්න ඕනෙනැහැ.කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්.ලංකාවෙ හොඳම කොම්පියුටර් ඉංජිනේරුවා ඉගෙනගෙන තියෙන්නෙත් ඒකෙලු.මේ මාසෙ 30ට කලින් රෙජිස්ටර් වෙන්නත් ඕනෙලු.
    ළමයගේ අනාගතේ ගැන හිතලා ඉක්මනින් පිළිතුරක් එවන්න.
    මීට
    ස..(බිරිඳ )
    ??????????????????????????????????????????????????

    ඉතින් ඔහු තමන්ගේ පුතාගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් තවත් අවුරුදු කීපයක් වැය කරළා අවුරුදු 27කට පසු ප්‍රථිලාභ විදිහට දිය වැඩියාව,අධික රුධිර පීඩනය සහ කොඳෙ අමාරුව කරපින්නාගෙන රැකියාවෙන් අස්වෙලා ගුවන් තොටුපලට යනගමන්,නිකමටවාගේ තමන්ගේ කළිසම් සාක්කුවට අත දාත්දි අහුවුණා ඊයේ පෙරේදාවක බිරිඳ එවූ ලියමනක්.

    ඒක තවමත් කඩලා නැහැ..

    ඔහු ඒක අතට අරන් නොකඩාම ආයෙත් දෙකට නවලා සාක්කුවට දාගත්තා..

    ඒ ලියුම තමයි ඔහුගේ මැද පෙරදිග ජීවිතයේ ඔහු නොකියවූ එකම ලියුම..!!

    ============================================
    ප.ලි.

    ගොඩක්වෙලාවට මෙය සත්‍යයට ලඟයි...මෙය නිර්මානය කළ තැනැත්තා කවුරුන්දැයි අන්තර් ජාල ලිපියේ සඳන්ව තිබුණේ නැහැ..ඒ ගැන සමාවෙන්න...

    සුලා..

    ReplyDelete
  10. @චේජනා:
    බොහෝම ස්තුතියි නංගී අගනා පදපෙලට

    ReplyDelete
  11. @සුලා:
    "...ගොඩක් වෙලාවට මෙය සත්‍යයට ලඟයි..."
    කියලා වැඩක් නැහැ.

    මලේ පංකාදු ලියුම. කාගේ වුනත් රචනය උපරිමයි. අර ලියුම කියවපු නැති එකම තමයි හොඳ.

    ReplyDelete