Sunday, September 26, 2010

දමක පුරුක් සේ



සිහින් රන් හූයෙන්
ගොතා වියන රටා පිරුණ
දිලිසෙන මාලා කර පලඳන
සවිබල වැඩි කරවන
තඹ කිසිදින නොදිලෙන
කිරන බරට රන් සම සම
සංයෝගය වැරදුනාම
දුබල පුරුක බිඳ දමන
දිලිසෙන වටිනා රන් දම

උතුම් මිනිසත් බවෙන් නිමැවුන
යහගුණ විහිඳා බැබලෙන
අමිල අගනා පුරුක් පෑහුන
සොයුරු සිතින් එක්වුන
දුරලා මිලින පාරතෑකි බන්දන
සවිමත් කර මිතුදම
අදිතෑකි මහබර

ගල්මල් අඩවියේ පොස්ට් 50 සනිටුහන් කරයි.
එය ඔබ දුන් දිරියයි, ශක්තියයි.
මිතුදමේ සෑම පුරුකක්ම අගයමින්
ගෞරවයෙන් පුදන වගයි.

11 comments:

  1. විශ්වයේ අහුමුළුදු නොව..
    මනුෂ්‍යත්වයේ මහිමය..
    මිණි මුතු සේ ඔප දමන..
    හද දිනූ..පරනොවන මල..
    ගල් මල..

    මගේ සුභ පැතුම් සොඳුරු දාර්ශණිකයානෙණි..!

    ReplyDelete
  2. සුභ පැතුම් අයියේ,,,

    මම හැමදාමත් අයියාගේ ලිපි වලින් වටිනා යමක් ඉගෙන ගන්නවා, ජයවේවා !!!!!!!!!!!!

    ReplyDelete
  3. සුබ පැතුම්... අද නම් මට ගොඩක් ආස හිතුනෙ ග්‍රැපික් එකට.. ඒක අද හරිම ලස්සනයි...

    ReplyDelete
  4. @ඇනෝ:
    ලස්සන පදපෙලක් එකතු කරලා තියෙන්නේ.
    බොහෝම ස්තුතියි මිත්‍රයා සුබපැතුමට හා නිතර දෙන සහයෝගයට. මෙ දිග ගමනට ජවය දුන්නේ ඔබලා.

    ReplyDelete
  5. @හරි:
    යමක් බෙදාගන්න පුලුවන් වුනා නම් ඒකයි සතුට.
    බොහෝම ස්තුතියි නංගී සුබ පැතුමට හා සටහනට.

    ReplyDelete
  6. @චේජනා:
    මේ ග්‍රැෆික් ඉමේජ් ද පුරුදු ක්‍රමයටම සැකසූවක්.
    බොහෝම ස්තුතියි නංගී සුබ පැතුමට හා ඇගයීමට.

    ReplyDelete
  7. ගල්මල් අඩවියට නිරතුරුව පැමිණ නිර්මාණ රසවිඳ සටහනක් තබා දිරිමත් කරන ඔබත්, නිහඬව ඇවිත් නිර්මාණ රසවිඳින ඔබත් එකතුව මේ අඩවියේ වීව්ස් දස දහසක් උසට එසවූයේ. ඒ පාමුල මා කුඩා මිනිසෙකි. ඉන් ලද සහයෝගයෙනි, දිරියෙනි මේ ගමනට ජවය ලැබෙන්නේ.

    මගේ හෘදයාංගමය ස්තුතිය "ඔබට".

    ReplyDelete
  8. හිතවත් සහෝදරයානෙණි,

    මේ සුවිශේෂී 50වන සටහන සහ "එබීම්" දසදහස සම්පූර්ණ වන මේ අවස්ථාවේ එක් යෝජනාවක් කිරීමට සතුටුවෙමි..
    ඔබ අන් සහෝදර බ්ලොග් අඩවීන් වලට ගොස් තබන සටහන්ද ඉතා අගනේය..ඔබගේ මෙම පිටුව දැකුමෙන් ඉතා සුන්දරය..නමුත් ඔබ යන එන සහෝදර බ්ලොග් අඩවිවලට පිවිසුමක් ඔබගේ පිටුවෙහි වෙන්කරනවානම් ඉතාමත් අගේය යැයි සිතමි..යෝජනාවක් පමණි...

    ReplyDelete
  9. @ඇනෝ:
    මලේ නුඹ මගේ හිත කියවන අපූරුව...

    මීට කලින් වතාවක් උත්සාහ කර සාර්ථක කරගන්න බැරිවූ කාර්යයක් එය. ලයිස්තුව දිග වැඩි හිදත්, නිර්මාණ කියවන මගේ සහෘදයනට සිදුවිය හැකි ප්‍රමාදය ගැනත් හිතා මේ කාර්යය පමා කලා. මෙදිනව නියැලී ඉන්න කටයුත්තකින් ලබන සතියේ විතර පොඩි විරාමයක් හොරාගෙන හරි මේ කාර්යය ඉටු කරන්න ඕනේ කියලා මා හිතුවේ ඊයේ හවස්යාමයේ.

    අගේ ඇති යෝජනාවක් නොවැ, පුලුවන් තරම් ඉක්මනට කරන්න බලමු. බොහෝම ස්තුතියි ඔබට.

    ReplyDelete
  10. @ඇනෝ:
    ඔන්න ඒ යෝජනාවත් ක්‍රියාවට නැංවූවා. ගූගලයා උදව් කරලා වැඩේ ලේසි කලා.

    ReplyDelete
  11. මල්ලී, පනස්වන සටහනට හර්ද‍යාංගම සුබපැතුම්! සෙනෙහසින්. මේ මිතුදම මෙලෙසින් සැමදා දිනේවා!

    ReplyDelete