Wednesday, June 16, 2010

යායක මල් තිළිණයක්


ගසක් මලක් සොයා
වරු ගනන් පීරූ ගූගලය
ඈඳින පත් ඉරුවක්
ඉහේ මලක්...

ලැබුණාලු එදා
සිරි ලකෙන් ගසක්
සැකයකි ඉස්සුවාද
සුදු හොරෙක්
කිඩාරමක්!

යැව්වානම් තෑග්ගක්
ලෙසිනා අයෙක්
නොවෙත්ද විරුවෙක්
පිදිය යුතු රන් මල් මිටක්

අදත් උන්දැලා
නොවෙත්ද උතුම්
ලබන්නට තුටු පඬුරක්
යායක කිඩාරම් මල්


සටහන:
අපේ පුංචි රට ජෛව විවිධත්වයෙන් අගතැන් රටවල් 25න් ප්‍රමුඛ ස්ථානයක් ගනී. එහෙයින්ම ලංකාවට ආවේණික ශාඛ ප්‍රබේධ හා ඒවායෙහි ජාන පදාර්ථ සොරකම් කරන ජාත්‍යන්තර කල්ලින් ගේ කොල්ලකෑම් වලට දිගින් දිගටම ඉලක්ක වී ඇත.

ශ්‍රී ලංකාවට ආවේණික ගසක් (ලංකාවට ආවේණික ගස්වල උද්භිද විද්‍යාත්මක නමෙහි සිලනිකා Ceylanica කියන කොටස යෙදෙනවා) ගැන සොයා බලන විට දැනගත්තා ඕලන්දක්කාරයෝ 18 හා 19 ශතවර්ෂ වලත් කිඩාරම් පැල ලංකාවෙන් ගෙන ගොස් ඇතිබව.

වසර 2006 දී ඕලන්දක්කාර විද්‍යාඥයෝ දෙදෙනෙක් කිඩාරම් පැල රටින් පන්නන්න උත්සාහගත් අවස්ථාවක අත් අඩංගුවට ගත් බව පුවත්පත් වල පලවුනා.

මෙ වන විට ඒ රටට ආවේණික කිඩාරම් විශේෂ ඇති බව කියැවේ.

කිඩාරම් විශේෂ කිහිපයක් ලංකාවෙ තිබෙන බවත් මෙ ශාඛය සර්ප විෂට බෙහෙත් කරන්න යොදා ගන්නා බවත් කියැවේ.

නුදුරු කාලයකදීම අපේ රටට ආවේණික ගස්කොලන් වල නම් විතරක් අපිට ඉතුරු වෙන්නත් බැරි නැහැ... එතකොට අපේ උන්දැලා දැන් ඩයිනෝසර්ලා ගැන රස කර කියනවා වාගේ කතා කියාවි!

පළමු පල කිරීම: 06-03-2010

19 comments:

  1. ආහ්..! මගේ "සොඳුරු දාර්ශනිකයා" ....

    මම ඒ නම දුන්නෙ නිකම්යෑ...ලස්සන නිර්මානයක්...අදහසක් එක්ක පසුව එන්නම්...

    සුලා...

    ReplyDelete
  2. අය්යෙ,
    මේක ගැන කතා කලොත් මටත් ගොඩක් දේවල් ලියන්න වේවි..ජාන සොරකම් නිසා අපිට උරුම ශාක හා සත්ව විශේෂ ගණනාවක උරුමය නමටවත් අපට නෑ.. අනික අපිට උරුම ගහ කොල වලිනුත් අපි නිවැරදි ප්‍රයෝජනයක් ගන්නෙ නෑ..වෙදකම ට වගෙ දේවල්වලට, අපි සතුව තිබූ අපේ බෙහෙත් වට්ටෝරු එහෙමත් ගුරු මුශ්ටිය ට යට වෙලා අබාවයට ගිහින්..
    ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතිත් විනාශයෙ මුවවිට.. විශේෂයෙන්ම දේශපාලකයන්ගෙ නිමක් නොමැති අදුරදර්ශි තීරණ, ඔවුන්ගෙ අනුග්‍රහය ලබන වන විනාශය නිසා..

    අපිට රටක් ඉතිරි වෙයිද මන්ද මෙහෙම ගියොත්..

    ReplyDelete
  3. ෂා.....සුලා අයියා ඩීන් අයියට අපූරු නමක් පට බැඳලනෙ.....ඒක නම් හොඳටම ගැලපෙනවා....ස්තුතියි සුලා අයියේ...

    මම හිතන්නේ මම මේ කවිය කාලෙකට කලින් කියවලා තියෙනවා අයියගෙ නිර්මාණ තුලින්...

    අපිට තියෙන්නේ පාරාදීසයක් කියන එකත් ඒ පාරාදීසයේ වටිනාකමත් ඔය මැටි දේස පාලුවන්ට අමතක උනාම ඔය වගේ දේවල් නොවී තියේවිද අයියේ,,,,,

    ReplyDelete
  4. @සුලා:
    තියෙන නම නම් හොඳටම ඇති තවත් නම් නැතිවට.

    බොහෝම ස්තුතියි පලමුවැනියට ඇවිත් සටහනක් තිබ්බාට. රාජකාරී ගොඩාක් නොවැ, විවේකයේ ලියමු බලන්න.

    ReplyDelete
  5. @චේජනා:
    ලංකාවේ ඇති ශාඛ විශේෂ නම් ගොඩයි. ඒ නිසාමද කොහේද අපේ අයට ඒවා ඒතරම් අගයක් නැත්තේ.

    ගාල්ලේ රූමස්සල කඳුවැටියේ තියෙන්නේ ඉතා විරලම බෙහෙත් පැලෑටි බව කියයි. ඒනිසා වෙන්න ඇති ජනප්‍රවාදයෙ එන්නෙ රාමා සීතා කතාපුවතේ හනුමා හිමාලයෙන් බෙහෙත් වනයක් උස්සාගෙන එනවිට ඉන් පස්පිඩක් උනා වැටිලා ලු රූමස්සල කන්ද හැදිලා තියෙන්නේ කියා. ඉන් ඇතිවූ නම තමයි ලු උණවටුන.

    විශාල ගස් ගැන නොවෙයි එදිනෙදා පාවිච්චියට ගන්න පලා වර්ග ගැන බැලුවොත් ලංකාවේ තියෙන තරම් පලා වර්ග කොහේවත් නැති තරම්. ඉන්දියාවේ මුකුණුවැන්න බෙහෙත් පැලෑටියක්.

    අපේ ගොටුකොළ (Gotu Kola) ඒ නමින් ම ලොව නන්දෙස මේ කාලයේ ලොකු නමක් දිනාගෙන.

    වෙනිවැල්ගැට ලංකාවට ආවේණික වැලක් කියා අහලා තියෙනවා.

    ලංකාවේ කිඩාරම ගසේ බෙහෙත් කිරීමෙ හැකියාව ගැන ගොඩාක් කරුණු දැනගත්තේ ඉන්දීය මූලශ්‍ර මගින්, අරකී විදියට අපේ දේවල් ගුරුමුශ්ඨිත් එක්කම පස්වෙනවා නේ...

    නංගි සඳහන් කලාක් මෙන් ලියන්න ගියොත් කෙළවරක් නැහැ. බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  6. "සල් සපු නා නිල් මහනෙල්
    කුමුදු සමන් මල් අතරේ...
    කිඩාරම් මලේ පවා..
    සුවඳ දිග හැරේ..."
    කවුරු කොහොම කිව්වත් ඔය කිඩාරම් කියන මල් ජාතිය ගැන මම දැනගත්තෙ ඔය සිංදුවෙන්....ඉතින් කවුරුනමුත් මේ ගීතය ලියූ නිර්මාණ කරුවාට මගේ ප්‍රනාමය..!අඩුගනනේ මේ ගීතය අහන අනාගත පරපුර දැන ගනීවි..එකෝමත් එක කාලයක ශ්‍රී ලංකාද්වීපයේ වටිනාකමින් අනූන සුන්දර මෙවැනි මලක් පිපුනාය කියාවත්..
    අනෙ අප්පේ...අවුරුද්ද පුරා මල් ප්‍රදර්ශන පවත්වන නෝනලාට එක යෝජනාවක් කරන්න කැමැතියි.. උජාරුවෙන් පෙන්නන අහවල් ඕකිඩ් ,ඇන්තූරියම්,බෝගන්විලා අතරට කිඩාරම් මල් පැලයකුත් එකතුකරමු...දිල්,චෙජනා..අපේ ගෙවත්තෙත් මෙවැනි දුර්ලභ පැලයක් හදා ගම්මු....සුන්දරත්වය වගේම ලෙඩක් දුකක් වෙලාවකදි අපිට පිහිටටත් ඒවි..අපි අපිම පටන් ගමු....මෙදාපාර ගෙදර ගියාම මටත් මගේ ගෙවත්ත හදාගන්න ඕනෙ කොයි විදිහටද කියලා අදහසක් දීපු "සොඳුරු දාර්ශනිකයාට" පිං අයිති වේවා...
    මම මව්බිමට ගියාම වැඩිපුරම රැඳෙන්නෙ ලොකු සහෝදරීගෙ ගෙදර..ඒ ගෙවත්තෙ මගේ අතින් ඉන්දවලා තියෙනවා "ජපන් බටු"කියන පලා වර්ගය..මම මේ ලෝකෙ ආසම කරන මැල්ලුම..ඉතින් ඉස් ඉස්සෙල්ලාම ඒගෙදරදි මට ලැබෙන කෑමවේලෙ ඔය මැල්ලුම අනිවාර්යයයි..ගේවටේට ලොකු ඉඩක් නැතිවුනත් හාතාවාරිය වැලක්,අඟුන කොළ වැලක්,ගොටුකොල පාත්තියක් හදලා තියෙනවා...ලොකු සහෝදරී ඒවා අගේට බලාකියාගන්නවා..ඉන්දුවෙ කවුරු උනත් එයාගෙ හැඹිලියට වාසියි නෙව...

    සුලා..

    ReplyDelete
  7. ඔය කිව්වට ඔය මල් පැලයක් හොයාගන්න එක තමයි ප්‍රශ්ණෙ...ඕවා හැදෙන ඉසව් එහෙම තමුන්නැහැම කියාදුන්නොත් නම් අගේය.....!

    සුලා..

    ReplyDelete
  8. ඔය කිව්වට ඔය මල් පැලයක් හොයාගන්න එක තමයි ප්‍රශ්ණෙ...ඕවා හැදෙන ඉසව් එහෙම තමුන්නැහැම කියාදුන්නොත් නම් අගේය.....!

    සුලා..

    ReplyDelete
  9. @දිල්:
    මට නම් තියෙන නම හොඳටම ඇති, ඔය සුළඟ අල්ලගන්න බැරි එකනේ වැඩේ.

    දිල් නංගී මෙ නිර්මාණය මීට පෙර කියවලා, විමසලා ලොකු සහයෝගයක් දුන් කෙනෙක් නේ අපෙ පරණ කවිහවුලේ දී. ඉතිං ආයේ ඇගයීමක් ඉදිරිපත් කිරීම ගැන තවත් සතුටුයි.

    ඇත්තෙන්ම අපිට තියෙන පරාදීසියේ අගය තේරෙන්න නම් ඉන් කෙටි කාලයකටවත් ඉවත්වෙලා බලන්න ඕනේ.

    අපේ පොලිටික්කෝ කරන දේවල් නම් කියලා වැඩක නැහැ. ලියලාත් වැඩක් නැහැ.

    මතකයේ හැටියට, 1990 මැද හරියෙ ද කොහේ ද, අපේ රටින් තේක්ක වගාවන් කපලා කඳන් තොගයක් ඉන්දියාවට පැටෙව්වා, ඒ කාලෙත් ඉන්දියාවේ තේක්ක වගාවන් ඕනෑ තරම් තිබුනා, උන් ඒවා සුරකින අතර අපේ දානපතියෝ... ඒ වුනත් සාමාන්‍ය මිනිහෙකුට තම ඉඩමේ තියෙන තේක්ක ගහක් කපන්න නීතියෙන් ඉඩක් නැහැ.

    ReplyDelete
  10. @සුලා:
    අපි මෙ මැදපෙරදිග රටක ඉන්න නිසා අපේ රටේ පලා වර්ග වල අගය හොඳින් දන්නවා.

    ලංකාවේ කිඩාරම් වර්ග කීපයක් තියෙනවා. රූපයෙ පෙන්වා ඇති මල හා දණ්ඩ ඉන් එක් වර්ගයක්. තවත් චූටි මලක් හටහන්න වෙනත් ගසක එතිලා වගේ වැඩෙන විශේෂයක් ද තියෙනවා. කැලෑබදව තමයි වැවෙන්නේ. මල් නම් අලංකාරයි, ඒත් මල පීදෙනවත් එක්කම වහනය වෙන්නේ ඉතා සැර දුඟඳක්, එය පලාතක්ම වනසන සතෙක් කුණු වුනා සමාන සැර ගඳක්. කිඩාරම මලක් වසර හරතකට වරක් පිපෙන බව අසා ඇතත් හරියටම කියන්න දන්නේ නැහැ. කිඩාරම් සාමාන්‍යයෙන් ගෙවතු වල වවන්නේ නැහැ කලාතුරකින් වනරොදක තිබුණොත් මිසක්.

    කිඩාරම් මලේ මෙ ගුණය නිසා වෙන්න ඇති පබදුම් වල යොදාගන්නේ උපමාවක් ලෙසට.

    ReplyDelete
  11. මළා....මමත් ඉඳල ඉඳල නා ගත්ත නේද??...සහෝදරයා බොහෝම ස්තූතියි දැනුවත් කරාට...අනේ අම්මපා..කොච්චර දේවල් තියේද ඉගෙනගන්න...ඉතිං ඉඳල ඉඳලා මමත් හැදුවනම් කිඩාරම් පැලයක්...අම්මෝ..මා නැතෝ...!

    සුලා...

    ReplyDelete
  12. මළා....මමත් ඉඳල ඉඳල නා ගත්ත නේද??...සහෝදරයා බොහෝම ස්තූතියි දැනුවත් කරාට...අනේ අම්මපා..කොච්චර දේවල් තියේද ඉගෙනගන්න...ඉතිං ඉඳල ඉඳලා මමත් හැදුවනම් කිඩාරම් පැලයක්...අම්මෝ..මා නැතෝ...!..තියෙන්නෙත් අල්ලක් තරමට ඉඩම් කෑල්ලක්..

    සුලා...

    ReplyDelete
  13. ඇත්තමයි මම හිතුවෙත් මේ 'කිඩාරම් මලේ' කියලා සිංදුත් තියන එකේ හොඳක් ගැන කියනවා වෙන්න ඇති කියලයි .
    මේ කතාව නම් ඇත්ත. මට මතකයි ගිය වසරේ ප්‍රංශයේ ප්‍රසිද්ධ සමාගමක් ඉතා සාර්ථක බෙහෙතක් නිපදවා තිබුනා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා. එය නිපදවා තිබූ ශාකය මට මේ වෙලාවේ මතක නැති උනත් ..එය ලංකාවට ආවේනික පැලෑටියකින් නිපදවා ඇතැයි පුවත්පතකින් මා කියෙව්වා..
    ඉතිං ..අපරාදේ අපේ රටේ දේවල් වලින් විදේශිකයින් මේ වගේ බොහෝ ප්‍රයෝජන ගන්නවා කාටත් හොරෙන්ම..එය ඇත්තෙන්ම කණගාටුවට කරුණක්
    ස්තූතියි අයියේ බොහෝමත්ම

    ReplyDelete
  14. බලද්දි මම හොඳයි නෙ.. මම දැනගෙන හිටිය කිඩාරම් මලක් කියන්නෙ ගඳ ගහන එකක් කියල..මම හිතන්නෙ සුලා අය්ය ජපන් බ‍ටු කියන්නෙ අපි පහත රටදි සිංගප්පුරු කියල කියල කියන ගස් ජාතියට වෙන්න ඕනෙ...අපේ ගෙදර තියෙනව.. ඒක නම්..
    ආයෙ මම ඉන්දපු සුවඳ හමන චූටි මලක් පිපෙන ඇට්ටේරියා ගහකුත්...
    ආයෙ තව එකක් තියෙනව කළුමැදිරිය පැලයක්.. ඒක හරි හෙමින් හැදෙන්නෙ.. කැලේ හැදෙන ගහක් ළු.. ගොඩක් දුර්ලභයි කියනව.. ඒ හින්ද පැත්තක හැදෙන්න දීල තියනව..
    හැබැයි ඉතින් අපෙ ගෙදර තියෙන ගස් වැල්වල සි‍ටුවීමෙ අයිතිය හා ගෞරවය වැඩියෙන්ම අයිති අපෙ අම්මට...

    ReplyDelete
  15. කිඩාරම් මල ගඳ ගහන බව දැනගෙන හිටියට දැක්කෙ අද...
    නොදත් බොහෝ දේත් දැන ගත්තා..
    ඔබට තුති.. හැමදාම වගේ ඉතා වගකීමකින් හා උවමනාවකින් මෙවැනි හරවත් යමකින් අප දැනුවත් කරනවාට...

    ReplyDelete
  16. @nimanthi:
    අපේ රටේ මොනතරම් නම් ස්වාභාවික ශාඛ සම්පත් තියෙනවද, ඒවා ගැන පර්යේෂණ කරන්න අපේ විශ්ව විද්‍යාල එතරම් උනන්දු නැත්තේ ඇයි කියන්න ප්‍රශ්ණය කාලයක සිට ඇතිවෙන්නක්.

    බොහෝම ස්තුතියි අගනා තොරතුරු එක් කරමින් කල ඇගයීමට.

    ReplyDelete
  17. @සුලා:
    ඇත්තෙන්ම අපි දන්නේ අපේ ඇති සම්පත් ගැන බිඳක් විතරයි. අපි පුලුවන් විදියට ඒ බිඳ බිඳ එක් කර බෙදමු, ඉන්වත් අපිට පුලුවනි ලොකු සේවයක් කරන්න.

    ReplyDelete
  18. @චේජනා:
    අපේ රටේ විවිධ පලාත්වල පාවිච්චි කරන පමණක් නම් වෙනස්.

    උදාහරණයකට: මෑකරල් වලට ගාළු පලාතේ ලීම කියා පාවිච්චිකරනවා, අන් බොහෝ පලාත්වල ලීම කියන්නේ ලොකු දෙහි විශේෂයක්

    ReplyDelete
  19. @nethu:
    බොහෝම ස්තුතියි සටහනට, මේ පෝස්ට් එකෙන් පුංචි යහපතක් හරි වුනා නම් සතුටුයි.

    ReplyDelete