Saturday, June 12, 2010

විසිතුරු පහන්


යටකර
ලොකු ගානක්
රුවින්
සැරසුවත්
වීදි කොනක්
විහිඳනා
මද කාන්තිය
සෑහේද නුඹට

පළමු පල කිරීම: 04-02-2010

19 comments:

  1. වීදි කොණ
    සරසමින
    මද එළියෙන
    ‍රැඳී හිඳිමි මම
    යට කළේ ලොකු
    ගාණක්
    මම නොව
    මට ද නොව
    ඉදින් මැසිවිලි
    නගනු කුමටද
    කිමද එහි පල

    ReplyDelete
  2. කනා මැදිරි එළියත් ගනදුරු ‍රැයට
    ගෙනා වෙන් පහන් එළියක් සීරුවට
    මනා නොමවුනත් ආලෝකය පිටට
    සිනා මඳ පහන් කනුවත් වටී මට

    ReplyDelete
  3. මට මතක් වුනේ ලොකු ගානක් වියදම් කරලා ඇද පැළදගෙන වීදී කොන් වල ඉන්න වෙනත් "කණූ" ජාතියක්... මම වැරදිද දන්නෙ නැහැ..

    වෙනස් නිර්මානයක් අයියේ...

    ReplyDelete
  4. Kaviya nam podiyi !
    Eeth theeruma nam,
    Maha wishaalayi....

    ReplyDelete
  5. මෙහෙම තමයි ගොඩාක් අපෙ ජිවිත.. ගොඩාක් මහන්සිවෙනවා.. එලිය ටිකයි. නමුත් සමහර අය ටිකයි මහන්සිවෙන්නෙ එලිය ගොඩායි

    ReplyDelete
  6. සෑහෙන මුත් අමාවක දාට
    නුඹ විහිදන පුංචි එලිය
    වැල කල මුදලට නොසරිලන
    කුඩා එලිය නම් අගය කල නොහැක
    කිසි විට වැය කල අගය
    ගැන සලකන කල
    හරියට අයිෆා මෙන් . .

    ReplyDelete
  7. වෙනස් කෝණ වලින් දකින විවිධ අදහස් ගලා එන්න ඉඩ දි තවත් ටිකක් බලා ඉඳිමු...

    ReplyDelete
  8. විනිවිඳ අඳුර..
    දැල්වෙන පහන
    මඳ උවද එළිය..අගය වැඩිවුවද..
    කෙරෙන කාරිය...
    වීදි සරනා..
    නුඹට සරි නම්..කුමට කාරිය...???

    සුලා..

    ReplyDelete
  9. ආර්ථික විද්‍යාවේ සිද්ධාන්තයකි....ඉල්ලුමට සරිලන සැපයුම..

    සුලා..

    ReplyDelete
  10. මෙ පුංචි පදපේලියට එකිනෙකට වෙනස් අර්ථදැක්වීම් කිහිපයක් ලැබී තියෙනවා, ඒ ගැන සතුටුයි.

    මෙ නිර්මාණයෙන් දැක්වෙන්නේ විසිතුරු පහන්ටැඹක ඉහළ කොටසක්. එතුල විදුලි බුබුලු තුනක් දැල්වෙන නමුත් ඉන් විහිදෙන්නේ මද එළියක්. නගර අලංකාරය මුල් කරගෙන මෙවන් දේ සඳහා විශාල මුදලක් වැයකරත්, ඉන් විශාල විදුලිබලයක් දහනය කලත් ප්‍රමාණවත් එළියකට වඩා බලාපොරොත්තු වෙන්නේ අලංකාරය.

    ඒත් මින් උත්සාහ ගත්තේ "ආයාසයේ තරමට ප්‍රතිඵල නැති දෙයක් කිරීම" යන සරළ පණිවුඩය මතු කර දැක්වීම.

    ReplyDelete
  11. @චේජනා :
    මොස්තර යොදා
    අච්චුවේ හදා
    සවිකර කදා
    උජාරුවට සදා
    මිලකලා එදා

    හැඩරුව හින්දා
    මනබැදි උන්දා
    හයිකල හින්දා
    ඉමු රුව රන්දා

    වැඩි ගානක් යන්නේ ටෙන්ඩර් බෝඩ් එකට නේ...

    බොහෝම ස්තුතියි නංගී ලස්සන පදපෙලක් එක් කලාට

    ReplyDelete
  12. @විහඟ ගීතය:
    ගනදුරේ මද එළියද සම්පතකි, එකඟයි.

    ලේබලේ අගේ හින්දා
    වැඩි මුදලක් බැන්දා
    ඕඩරේ ඩිලිවරි වැන්දා
    කොලිටියා කොහේද උන්දා
    නෝ රිටන්! අහුවුනා ද මන්දා

    ReplyDelete
  13. @මින්දද:
    නිර්මාණය විවිධ අරුත් දෙන බව මුල්පල කිරීමේ දී දුටුවා, එනිසා ඔබට අරකී "කණු" ගැන අදහසක් ඇතිවී ඇතැයි සිතමි.

    බොහෝම ස්තුතියි මල්ලී සටහනක් එක් කිරීම ගැන.

    ReplyDelete
  14. @Muthu Paba:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    පදපෙලක් අරුත් ගනනාවක් දෙනවා නම් එය වඩාත් සාර්ථකයි නේද.
    බොහෝම ස්තුතියි සටහනක් තියපු එක ගැන.

    ReplyDelete
  15. @රවා:
    නිර්මාණය ගැන මල්ලිගේ අදහස හරියටම මගේ හිත කියෙව්වා වගේ...

    මල්ලී කී ලෙස චුට්ටක් මහන්සි වී වැඩි පල ලබන අද ඉන්නවා, ඒත් ඒවා පලදරනවාද කියන්න අමාරුයි.

    ReplyDelete
  16. @දුකා:
    ආයෙත් මොකද උණු උණු කාලීන ටොපික් එකකින් නිර්මාණය ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ.

    ReplyDelete
  17. @සුලා:
    මගේ අර්ථ දැක්වීම කියවන්න යාළුවේ.

    ඉල්ලුමට සැපයුම් දම්වැලින්
    අතරමැද ටෙන්ඩර් මණ්ඩලින්
    හුරාකන වෙනස් කර ලේබලින්
    අඳුර පවතින තුරු රජයයි බේගලින්

    (සැපයුම් දම්වැලින් = supply chain)

    ReplyDelete
  18. කෙතරම් අගේ වුවත් මා මිල මුදල
    දෙන්න හැකි මෙපමණකයි නුඹ එළිය
    මෙයත් එපා නම් යන්නෙමි දී අඳුර
    සඳත් ඉරත් එකවිට නොම වෙයි අහස

    ReplyDelete
  19. හිස්වුනාට අතේ හැඹිලිය
    නොදුන්නාට වැඩි එලිය
    උගුල්ලන්නට බැහැ බලිය
    රැවටුනාට ගෙවනවා පලිය

    ඇත්තනේන්නම්, දෙන්න පුලුවන් තරම් එලියට වඩා කොහෙන් දෙන්නද වෙන...
    බොහෝම ස්තුතියි පදපෙලක් සංග්‍රහ කලාට

    ReplyDelete