Tuesday, June 8, 2010

1.00 පවර්පොයින්ට් - MS-PowerPoint යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

පවර්පොයින්ට් MS-Office පවුලේ සාමාජිකයෙකි. ප්‍රධාන වශයෙන් වැඩමුළුවක, අධ්‍යාපනික හෝ ව්‍යාපාරික ආදී සාකච්ඡාවක දී කරන ඉදිරිපත් කිරීමක් හෙවත් ප්‍රෙසෙන්ටේෂනයක් (Presentation) සකසා ගැනුමට උපයෝගී කරගනු ලබන සොෆ්ට්වෙයර් එකකි.

පවර්පොයින්ට් භාවිතාකර සකසන අලංකාර ඉදිරිපත්කිරීමක් එකිනෙක අනුපිලිවෙලට දිස්වෙන පෙලගැස්මක් හෙවත් ස්ල්යිඩ් පෙලක් Slide-Show ලෙස දර්ශණය කල හැකිවීම පවර්පොයින්ට් වඩාත් ප්‍රචලිතවීමට හේතුවකි.

මූලික දැණුම ලබාගෙන හුරුවීමෙන් උසස් තත්වයේ ප්‍රෙසෙන්ටේෂන් සකසා ගැනීමට හැකිවනු ඇත.
එපමණක් නොව, පවර්පොයින්ට් උපයෝගී කරගෙන ලස්සන සිතුවමක් පසුබිම සේ යොදා සැකසූ කවි පන්තියක්, පිටුවක් වැනි නිර්මාණයක් කරගන්න ද පුළුවන. එ සඳහා අවශ්‍ය කරන මූලික දැණුමෙන් පටන් ගෙන තමුන්ගේම නිර්මාණයක් සකසා ගන්න පුලුවන් මට්ටම දක්වා පියවරෙන් පියවර පැහැදිලි කරන අරමුණින් සැකසූ අත්වැලකි (guideline) මෙය.

භාවිතයට පහසු වෙන සේ මෙකී අත්වැල කොටස් තුනකට වෙන් කර ඇත. මෙහි විශේෂත්වය වෙන්නේ මෙ අත්වැල ද පවර්පොයින්ට් යොදාගෙනම සකස් කර තිබීමයි. එය ඔබ වෙත ගෙන එන්නේ අන්තර්ජාලයේ ඇති Slide-Share සේවාව ඔස්සේය. අදාල සබැන්ඳිය (link) මගින් යාවූ විට එය ඔබේ මොනිටරය මත ස්ලයිඩ් පෙලක් (Slide-Show) සේ දිගහැරෙනු ඇත.

යම් ලෙසකින් ස්ලයිඩ් පෙල (Slide-Show) බැලීමට අපහසුවක් ඇතිනම් Download කරගැනීමට හැකි ලෙස ද සකසා ඇත. එසඳහා වන සැබැඳිය නියමිත ලෙස ස්ථාන ගතකර ඇත.

MS-Office පවුලේ අනික් සොෆ්ට්වෙයාර් මෙන් නොව පවර්පොයින්ට් වල දී සිංහල ෆොන්ට් කෙලින්ම යොදා ගත නොහැකිය. නොයෙක් මෘදුකාංග උපයෝගී කරගෙන සිංහල යුනිඛේත සකසන විට පියවි ඇසට නොපෙන්න යම් කොටසක් ද එක්වේ. පවර්පොයින්ට් වලදී ඒවා දැකගත හැකි කොටස් බවට පත්වී අකුරු පෙල්වල් හී නිමවුම (format) බාධා කරයි. මෙ ප්‍රශ්ණය විසඳාගන්නා අයුර නියමිත තැන්හිදී සාකච්ඡා කරනු ඇත.

පහත දක්වා ඇති ලෙස මෙ පවර්පොයින්ට් අත්වැල කොටස් තුනකින් සමන්විත වේ:

1.01 පවර්පොයින්ට් මූලික දැණුම (පියවෙන් පියවර විස්තර කරන අතහුරුවක්)

1.02 ටෙම්ප්ලේට්ස් යොදා ගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

1.03 ඕනෑම පිංතූරයක් පසුතලය සේ යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

දෙවන හා තෙවන පියවරයන් අනුගමනය කිරීමට නම් පවර්පොයින්ට් පිලිබඳව මූලික දැණුමක් අවශ්‍ය වේ. එය පලමු පියවරෙන් සකසනු ඇත.

පැහැදිලි කිරීමෙ පහසුව තකා jpeg file සැකසීම යොදා ගත්තද jpeg වෙනුවට "png" file පිලියෙල කර ගත හැකිය. සාමාන්‍යයෙන් png, jpeg file වලට වඩා විශාලය.

මෙ අත්වැල පිලිබඳව ඔබේ අදහස් ලබා දෙන්නේ නම් කෘතඥවෙමි.

තවද, පවර් පොයින්ට් සම්බන්දව යම් ප්‍රශ්ණයක් මතුවේ නම් මෙහි සටහනක් තබන්න, විවෙකය ලැබෙන ලෙස ඒවා නිරාකරණය උත්සාහ ගන්නම්.

මෙම අත්වැල ගල්මල් අඩවියෙන් ඔබට පිදෙන තුටුපඬුරකි. එම අදහස, සැකසීම හා ඉදිරිපත්කිරීම සම්පුර්ණයෙන් ගල්මල්-Coral නමින් පෙනීසිටින නමින් එම්.ඩීන් වන මා සතුය.

මෙය දැණුම බෙදා දීමට ගත් උත්සාහයකි. වාණිජමය අරමුණු උදෙසා උපුටගැනීමෙන් වලකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

19 comments:

  1. කොච්චර ළොකු දෙයක්ද..? දන්න දෙයක් කෙනෙකුට කියළ දෙන එක.. අනික නොමිළේ....!!!!!.... හැදින්වීමක් විතරයි වගේ... කෝ මුකුත් නෑනේ...

    හෙහ් හෙහ්........

    ReplyDelete
  2. මමත් කැමතියි දිගටම ඒ ලිපි පෙල කියවන්න. හොඳ වැඩක්.

    ReplyDelete
  3. අම්මෝ නියම වැඩක්...මටත් මේක ගැන දැනගන්න ඕනා වෙලා තිබුනේ...කරගෙන යන්න දිගටම..අනිවා බලනවා මේකනම්....

    ReplyDelete
  4. කොටස් තුනම පළ කර ඇත, Links Updated

    ReplyDelete
  5. @මාතලන්:
    සම්බන්ධ කොටස් සියල්ල පලකරා, ලින්ක් වල පොඩි ප්‍රශ්ණයක් තිබුනා. දැන් හරි.

    ඒ ප්‍රශ්ණය මගේ අවධානයට යොමු කිරීම ගැන ස්තුතියි ඔබට.

    ReplyDelete
  6. යූ ආ වල්කම්.. ෂොරි ෂොරි ඈ...

    යූ ආ වෙල්කම්.....

    ReplyDelete
  7. @මැණික්(සුළඟ)/
    @චමිදේවා:

    පවර්පොයින්ට් සම්බන්ධ ලිපි තුනම වෙන් වෙන පොස්ට් ලෙස දාලායි තියෙන්නේ. කොහොම නමුත්, links ද මෙ පොස්ට් එකේත් අතුලත් කර update කලා.

    ReplyDelete
  8. නියමයි.. ඔයා ඔය විදියට හදන image එකක් ද ඔය කවිත් එක්ක දාන්නෙ.. හරිම ලස්සනයි.. ඒ images, ඒකට ඉතින් තව හේතුවකුත් තියෙනව.. power point වලින් හරියට ඒක නිර්මාණය කරනව වගෙම ඔයා හරිම සැලකිල්ලෙන් වර්ණ සංයෝජනය ලස්සනට කරනව, ඒකයි ඒ graphic image වලට මම නම් ගොඩක් ආසා.

    ReplyDelete
  9. හිතවත් සොහොයුරානණි,

    මගේ යාළුවා අපිටවඩා කොච්චර ඉදිරියෙන්ද ඉන්නෙ...මගේ වැඩිකැමැත්තක් නම් නැහැ හැම වෙලේම පරිඝණකයේ එල්ලිලා හිටින්න...ඒක නිසා මේ විද්‍යාව ගැන මගේ තියෙන්නෙ උදාසීන ආකල්පයක්...නමුත් ඉගෙන ගැනීමට ආශාවක් දක්වන අයවලුන්ට ඔබගේ ලිපි පෙළ මනා පිටිවහලක් වේවි...
    ඉතින් ගුරුතුමණි...මා ඔබේ සුවච කීකරු ගෝලබාලයකු වෙමි...

    සුලා..

    ReplyDelete
  10. @චේජනා:
    ඔව් නංගී මගේ නිර්මාණවලට ග්‍රැෆික්ස් කරන්නේ මෙ ක්‍රමයට තමා. කට්ටියට ප්‍රයෝජනයක් වේවි කියලා හිතලා මේක සකස් කරා.

    ReplyDelete
  11. @සුලා:
    පවර්පොයින්ට් නම් කාටත් උපකාරී වේවි. ට්‍රයි එකක් දී ලා බලන්න, ඔබේ වැඩවලට පිහිටක් වේවි.

    ReplyDelete
  12. අප්පේ බං ඩීන් අයියේ..කාලයක් තිස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතිලා තිබුන දෙයක් මේ..අදයි අහු උනේ..හිටිංකො ඉඩ පාඩු වෙලාවක කොනක ඉඳලා අල්ල ගන්න..බොහොම ස්තූතියි...

    ReplyDelete
  13. @මාරයාගේ හෝරාව:
    ඕං කමක් නැහැ... අවුරුද්දක් ගිහින් හරි ඕන කරන දෙයක් හම්බ වුනානේ. දැන් ඉතිං පුරුදු වෙන්නයි තියෙන්නේ. හැඩ වෙච්ච (කු)මාර කවි කොළයක් එහෙම දකින්න පුලුවන් වේවි ඉස්සරහට.

    මං හිතන්නේ නෙළුම් විලෙන් පාර පෙනිලා ඇති, බින්දි දාපු කොමන්ටුවක පවර්පොයින්ට් ගැන සඳහනක් තිබූ නිසා ඒ සටහන කලේ.

    උදව්වක් අවශ්‍ය නම් ලියන්න.

    ReplyDelete
  14. Just came to this post,.I think I should follow ur instrctions. thanks

    ReplyDelete
  15. @Bindi:
    Most welcome, need more help let me know.

    ReplyDelete
  16. මරු මරු ,, දිගටම ලියන්න

    ReplyDelete
  17. @sanjaya සිතුවිලි:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට

    ReplyDelete
  18. නියමයි මාත් මේ වැඩේ අත්හදා බලන්න ගන්නවා.

    ReplyDelete