නුඹේ ලැම විසලයි
අතු ඉති පිරි සෙවන සිසිලයි
ඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයි
දළු, කොළ, මල් පල බර නැතුවයි
පුංචි ළදල්ලකට ඉඩ දුන්නා
සෙනෙහසින් හොවා කිරිකර පෙව්වා
සවිමත් හරිත පතකව වැඩුවා
සුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නා
යුතුකම් ඉටුකලෙමි නම්
අතු ඉති රිකිලි මල් පල
කොළ වඩා ගස මුල රකින්නට,
ලෝ සතාට හුස්ම බෙදන්නට
දුකක් නැත ඉතිං, සැරසෙමි සමුගෙන යන්න
එපා රන්කඳ කඳුලු සලන්න...
සටහන:
පෘෂ්ඨිමත් හරිත පත්‍රයක ඇතිවෙන අවපැහැ පුල්ලියක් විග විගස කොළ පත පුරා පැතිරෙමින් මුලු පතම අවපැහැ කරමින් දුර්වල කරන්නට විය. ගසක් පෝෂණය කරන්නට දායක වූ කොළය තවත් ගමනකට සැරසෙයි, කොපමණ අතු ඉති කොළ වලින් පිරී තිබුණ ද ගසේ කඳ ඉකිබිඳියි, කඳුලු සළයි - එය ප්‍රයාණය. කඳෙන් මිදී සමුගෙන යන්නට අවසර යදින කොළය... ප්‍රයාණයට පිලිතුරු කවියක් හැටියට.
කොළයක සමුගැනීමකට වැඩි යමක්. අරුත්බරයි.
ReplyDeleteඔව්, ප්‍රයාණය ලියන්න මුල් වෙච්ච කාරණයම දුන් අදහස ගැන තවත් කෝණයකින් බැලීමක්. බොහෝම ස්තූතියි.
Deleteලස්සනයි, අරුත්බරයි.
ReplyDeleteබොහෝම ස්තූතියි ප්‍රසා
Deleteදරුවන් මිය යාමේ සොව.
ReplyDeleteඔව්, මොනතරම් පිරිලා තිබුණත් කොලයක් හැලෙද්දි ගහකට වුනත් දුක දැනෙනවා ඇති. බොහෝම ස්තූතියි සෙන්නා.
Deleteමම හිතුව අපහු බ්ලොගේ වහල යනව කියල . හේ හේ අදහස මරු
ReplyDeleteඅපෝ නෑ, බොහෝම ස්තුතියි
Delete