Sunday, June 4, 2023

වැසි දවසක් | The Rainy Day


 

දවසම සීතලය, අඳුරුය, නිරසය;

වැස්ස වහිනවා, සුළඟට නැහැ වෙහෙසක්;

ලියවැල තවම දිරාපත් බිත්තිය බදාගෙන,

එනමුත් සෑම සුළං පහරකටම වියළි කොළ හැළෙයි,

දවසම අඳුරුය, නිරසය.


මගේ ජීවිතයම සීතලය, අඳුරුය, නිරසය;

වැස්ස වහිනවා, සුළඟට නැහැ වෙහෙසක්;

මසිත තවම වෙලාගෙන දිරාපත් අතීතය,

එනමුත් යව්වනයේ පැතුම් පුපුරා කඩාවැටෙන,

සැමදා අඳුරුය, නිරසය.


නිසොල්මන්, දුක්බර හදවත! නොවෙන පරිණත;

වසන් කළමුත් වළාවන් හිරු බැබළෙන;

ඉරණම කාටත් පොදු ඉරණමය,

සෑම ජීවිතයකටම වැස්සක් වැසිය යුතුමය,

සමහර දවස් අඳුරු, නිරස වෙන්න ඕනමය.


Note: Henry Wadsworth Longfellow [1807-1882, American poet and educator] කවියාගේ The Rainy Day කවිය පරිවර්තනය කරන්න ගත් උත්සාහයකි.

පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral


1 comment:

  1. වැස්ස හැමදාම වහින්නේ නැත
    ඉර හැමදාම පායන්නේද නැත

    ReplyDelete