හෝ හෝ හඬ මැඩගෙන
සමුද්‍ර දේවිය
බලා නොබලා මහ සයුර
අඳුර කපාගෙන ඇදෙනවා...
කොටුපවුරේ ඔරලෝසුව
මද එළියේ තනිවෙලා
විඩාබරව නැවතිලා,
ඒත් පුරුද්දට බලනවා...
අන්තිම බස්රිය පණ ගැහිගැහී
මග බලා ඉන්නවා,
විදුලි පන්දම් එළිය
අඩි පාර දිගේ පිය මනිනවා,
අපේ ගෙදර සඳ රැසින් දිලෙනවා...
පිනි දියෙන් නැහැවුණ බස්රිය
දවසේ විරාමය නිමා කර
හිරුටත් කලින් නගරෙට ඇදෙනවා,
හිමිදිරි අඳුරේම සමුද්‍ර දේවිය
කොළඹ දුවනවා...
ගමට වැටෙන හිරු කිරණ
අකැප ද තාත්තේ
නුඹේ ජීවිතය කෝච්චියේම
දිරෙනවා...
සමුද්‍ර දේවි: වෙරළබඩ දිනපතා කාර්යාල දුම්රිය
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.