Wednesday, August 4, 2021

එපා හැරයන්න, එපා අතහරින්න - Don’t Give-up


හැම දේම වැරදුණ කල,
එහෙමත් වෙන්න පුළුවනි සමහර විට
හෙම්බත් දෙපා එසවෙද්දි,
ගමන් මග පුරා ගිරි දුර්ගය
කාසි පනම් නැති කල,
ණය තුරුස්ය අහස උසට
පුංචි සිනා පොද ද යටකර,
නැගෙන්නේ සෝ සුසුම්ය
සැලකිලි අඩු වෙද්දි,
තැවෙනවා ඇති සිත් පොඩ්ඩ
එහෙත්, එපා එපා පලායන්න,
විරාමයක් දෙන්න ජීවිතයට...

වට වංගු ගිරි දුර්ග පිරුණ
ජීවන ගමන අමුතුය...
බොහෝවිට අලුත් යමක් උගන්වන
අනේක වැරදීම්ම ඉතිරි කරන,
සාර්ථක වූ දා සුබ පල ගෙනෙන
එගමන සෙමින් විය හැකිය,
එහෙත්, එපා එපා අතහරින්න

ඔබ ඉදිරියේ පෙනෙන මග ඇහිරිලාද,
නැත, බාධක පර්වත මගහැර
වෙනතකට හැරුණ වංගුවකි
බොහෝ විට ජය කණුව
වැඩි ඈතක නොවෙන්න පුළුවනි
එපා, එපා නවතින්න
යන්න, ඉදිරියටම යන්න

1 comment:

  1. මේ ඉදිරියටම යනවා කියන එක කැරට් අලය පිටිපස්සේ යන බූරුවා වගේ කරන වැඩක් වෙන්න පුලුවන් නේද?

    ReplyDelete