අකුරු වටකුරු
යාකර වචන විසිතුරු
සීරුවෙන් හදන පේළි නිරතුරු
රසය මතුකර යටකෙරු සිත්තම නිරතුරු
විය නොවිය හැකිය පියකරු
පුරුක පුරුක යා කර
රන් දම ගොතන්නේ
අබරනකට මිස දිලෙන
කසයකට නොව තලන
තුඬින් තුඬ ගෙන පද
මිණි කැට ඔබවන්නේ
ඔපයෙන් බබළනු රිසි පදවැල
රිදවුමට නොව සූරන
සුන්දර සිහළ බස සරු සාර
නන් රැසින් දිලේ වදන් වන් ඔප මිණිකැට
දෙසින් දෙස බලන මානය
පැහැ රැස වඩන්නේ නෙත් සිත් කෝණය
සුරැකිව වැවුණ ද වැට ඉම අතර
පද මල් පිපෙන්නේ අහස් කුස යට
මලේ රූ රස ගුමු ගුමු බඹරුනට නොවෙද
සදොස් වෙතොත් කියනු මැන සබඳ
වටාකුරු මොටද වෙන්නේ උල්කටු…
No comments:
Post a Comment