Monday, July 15, 2013

(අඩ)මානය


සසල සුළඟ
දේදුන්නේ පාට අරන්
නෙක වයිරං රටා මවනවා
නිසංසලේ
නිල් අහසේ එඹී බලන වලාකුළු
ලොකු පොඩි ගස් උනා ගෙනත්
හැඩකර දසුන අඳිනවා...
වා බුබුල වටකර
සුසිනිඳු බිත ඇතිතුරු
ගිලිහුණ හැඩ සබන් බුබුල
සුළඟේ ඇදෙනවා
උඩුතලය දිලෙනවා...

(අඩ)මානය - Conceit කියවා බලා හොඳ නරක කියන්න බලන්න

සටහන:
පුංචි එවුන් ආස කරන සෙල්ලමක් සබන් පෙන පිඹලා බුබුළු හදලා සුළඟේ පාකර යැවීම. ඒ සඳහාම නිපද වූ සෙල්ලම් බඩුත් තියෙනවා. තවද සබන්, රෙදි සෝදන කුඩු වර්ග වතුර සමඟ පාවිච්චි කරන වෙලාවක නිතැතින්ම ඇතිවී හුළඟේ පාවෙලා යන බුබුළුත් දකින්න පුළුවන්. ඒ වගේම සැණකෙළි, විවිධ ප්‍රසංග ආදී තැන්හි සබන් බුබුළු දර්ශන පවත්වන පළපුරුදු කලාකාරුවෝ (professional bubbleologist) ද ඉන්නවා. ඔවුන් නොයෙකුත් හැඩ හා ප්‍රමාණ වලින් සබන් බුබුළු මවනවා. 

සබන් බුබුලක් කියන්නේ ඉතාම තුනී දියර සබන් පටලයක් තුළ වායු ඇබින්දක් හිරවීමෙන් සබන් දියරයෙන් මිදෙන සැහැල්ලු උඩුකුරු හැඩයක්. නිදැල්ලේ පාවෙන සබන් බුබුලක ආයුෂ අල්ප කාලයක්, එය යමක ගැටීමෙන් හෝ නිරන්තරයෙන්ම හෝ  පිපිරීමට ලක් වෙනවා. ඒ කෙටි කාලය තුළ බුබුලේ බිත්ති මත අනේක පාට වයිරං හැඩ ඇඳි දිලෙනවා, මද සුළඟින් ඒ වයිරං බොඳවෙනවා. තවත් වරෙක හැඩ මවනවා. වචන කරන්න බැරි ලස්සනක් දිස්වෙනවා. සුළඟේ පීඩනය අඩුවෙද්දි සුමට, පැහැදිලි තුනී බිත්ති උඩුතල දර්පණයක් වගේ දිලෙන්නේ. ඒ මත නිලඹර අහස්කුස, මහ පෙළවේ තණනිල්ල, ගස්, මල් යනාදියෙන් පිරුණ පරිසරය, අහස පොළව අතර එඹී බලන වළා රොඳ  ඇඳී දිස්වෙනවා. ඒ සුන්දර සොබාදහමේ සැහැල්ලු නිදහස් සබන් බුබුළයි.

මහා පරිමාණයෙන් සබන් බුබුළු ඇති කරන මැෂින් ද තියෙනවා.

සබන් බුබුල ඇති වූ හැටි මොනවා වුණත්, අර විදියට මනස්කාන්ත පාටින් පිරි හැඩ වයිරං මැවෙදෙද්දි තවත් මොහොතකින් ඒ මතම සුන්දර දසුන් ඇඳෙද්දි කවුරු වුණත් වශී වෙනවා, කාට වුණත් ලොබ හිතෙනවා. ඒ ලෝක ස්වභාවය. ඔක්කෝම අර තුනී සබන් බිත්තිය චූටි වායු බුබුල හිරකරගෙන ඉන්න සමත් වෙනතුරු විතරයි නේද...

අනන්ත අප්‍රමාණ අහස් කුස, නෙතු සීමාවෙන් ඔබ්බට ඇදෙන දසුන් අතක රැඳි පුංවි සබන් බුබුලක ඇඳෙද්දි ඇතිවෙන්නේ ලෝකයම අතේ කියන හැඟීමක්, එය හිතක පිරෙන මානය වගේ නොවේ ද?

සබන් බුබුලේ අනිත්‍ය බව කියැවෙන (uncertainty) අඩමානය වචනයේම මානය වචනය සැඟවී ඇති හැටි නිර්මාණයට නම දුනි...

සබන් බුබුල ගැන වැඩි විස්තර විකියෙන් කියවන්න.


සබන් බුබුලක් මතුපිට ඇඳෙන වෙනස් පාට/හැඩ වයිරං කිහිපයක්

27 comments:

  1. වැඩි කලක් රැදෙන එකක් නැද්ද ඒ සොඳුරු දසුන්? - මෙහෙම ගියොත්!
    (හෙඩිම නැත්නම් රුචි රුචි අතට හිතන්න තිවුණා)

    ReplyDelete
    Replies
    1. තෙරපුම අනුව වයිරං වෙනස් වෙනවා, නිසෙල්මනේ කාලාන්තරය ඇඳි සිතුවම් රඳවනවා. වෙනස පාට විතරයි.

      වා බුබුල රත් වුනොත්, බිත්ති පිපිරුනොත් බුබුල විනාසයි. ඒත් බුබුල ඇතුලේ රික්තකයක් නම්?

      හෙඩිමත් ටූ-පැක් නොවැ.

      Delete
  2. සබන් පටලෙ බිඳිල ගියාම ඔක්කොම ලස්සන ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නොබිඳෙන විදියට බුබුළු පිඹීමත් පළපුරුදු කලාවක්.

      Delete
  3. එකම නරකට තියෙන්නේ සමහර තැන් මට නොතේරෙන එක තමා

    ReplyDelete
    Replies
    1. එම්බල දේශකයාණනී, උඹ තනි නැත.. :D

      Delete
    2. සමා කරත්වා! ඔන්න සටහනේ විස්තර ඇතුලත් කරා.

      Delete
    3. ඒකය කියල හිතුනා. මේ විස්තරේ මම බලද්දි තිබ්බේ නෑ නෙව.. එහෙනං මං හිතුවා හරි.. බයයි නෙව ඔය කවි වලට එක එක ඒවා කියන්න. ඒක මහා භයානකයි හරියට ටක්කෙටම නොදැන කියන එක

      Delete
  4. දැන් හැම තැනම සීනි බෝල පාට සරුංගල් තමා දෙන්නේ.

    අනේබං මට නැත්තෙම Conceit නෙ. මංඤ්ඤං ගහල ඉන්නේ මේ ටිකේ.

    ReplyDelete
    Replies
    1. හැම දෙයම කරපින්න බාර ගැනීමේ රුචිය වෙනස් නොවෙන තුරු සීනිබෝල දීමේ කලාව තවත් දියුණුවෙමින් පවතිවි.

      පුරසාරමට උනත් විශේෂ හැකියාවක් තියෙන්න එපැයි.

      Delete
  5. සුන්දරත්වය තාවකාලිකයි, වහා බිඳෙන සුළුයි කියලද කියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඔය ලස්සනට කියලා තියෙන්නේ, ඔබේ වචන පේලියම මෙහෙම ලියන්න පුලුවන්

      මවා පාන සුන්දරත්වය තාවකාලිකයි, වහා බිඳෙන සුළුයි

      Delete
  6. කෙටි කලකට දිලෙන සුන්දරත්වය

    ReplyDelete
    Replies
    1. හ්ම්... බුබුල මවාපාන සුන්දරත්වය

      Delete
  7. කලින් කලට මතුවෙන සබන් බුබුළු වන් මතවාද ගැනද මන්දා ..

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නෙ, කොහෙද ගියෙ ?

      Delete
    2. සෑහෙන කාලෙකින් තමා බින්දි

      Delete
    3. ඔව් බින්දි, ඒ අදහස හරි

      Delete
  8. කොමන්ට් වලට බොහෝමත්ම ස්තුතියි, පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.

    ReplyDelete
  9. සුන්දරත්වය වහා බිඳෙන සුළුයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න

    ReplyDelete
    Replies
    1. පුම්බා බුබුලු කර අඳින ලද

      කියන කොටස ඔබේ වචන පේළිය ඉදිරියෙන් එක් කරමු...

      Delete
  10. වෙහෙසක් නොමැතිව කොමන්ට් ලියන අනෝතුමා/තුමන්ලාටත් ස්තුතියි. මං කවදත් කියනවා වගේ ලිවීම මෙන්ම කියවීමත් කලාවක්, කියවා රසවිඳින්න බැරි දේ පල කර ගල්මල් කියවන උදවියගේ රස නසන්නේ මොටද?

    හැමට යහපතක්ම පතමි.

    ReplyDelete
  11. සබන් බුබුලකට ආවේණික අඩමානයම එහි සුන්දරත්වයද වෙයි..:)

    ReplyDelete
    Replies
    1. ඔව් රවි, ඇත්තෙන්ම. සබන් බුබුලක වයිරං ඇඳෙන එක නම් ඕනතරම් බලං ඉන්න පුලුවන් ලස්සනක්.

      Delete
  12. සාගර, ලලීන් හා සුදීක:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete
  13. නියමයි මචං පට්ටම අදහස් තියනවා මචං උබට

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නේ, ජය!

      Delete