Friday, January 11, 2013

රුදුරු කතරක අසරණ නුඹ



අසරණ නුඹ
පැතුමන් පොදි බැඳගෙන
රුදුරු කතරක
නෙක බැට කනවා
නුඹෙ කරමතින්
කෙම්බිම කහවණු අදිනවා
එගොඩ උස බර හින්දා
සොයුරියේ නුඹව
යට කරනවා ද මන්දා...

..~~..

නුඹෙ සිහින
සිර කුටියක
බොඳ වෙන්න ඇති
නුඹෙ ගෙල
හිත් පිත් නැති
කඩුවෙන් ගිලිහෙන්න ඇති
නුඹෙ ලෙය
ඉරි තැලුන පොළොව
තෙත් කරන්න ඇති
නුඹෙ ගත
කුරිරු ලොවින්
නිදහස් වෙන්න ඇති
රිසානා නගේ
අසරණ සුමනෙලා, සත්‍යාලා, සිත්තිලා
බේරාගනින්

කරුණාකර අදාල සටහන මෙතැනින් කියවන්න

13 comments:

  1. මේ කතාව කොහෙන් කොහොම කියවන්න උනත්..දැනෙන්නෙ එකම වේදනාවමයි.. රෑ නින්දෙදි පවා මට ඇගේ දුක දැනෙන්නා වගේ...සංවේදී පද ටිකක්..

    //රිසානා නගේ
    අසරණ සුමනෙලා, සත්‍යාලා, සිත්තිලා
    බේරාගනින් //

    ඇගේ මරණය මතින් හරි වගකිවයුත්තන්ගේ ඇස් දැන්වත් ඇරේවා !

    ReplyDelete
    Replies
    1. රටේ බහුතරයක් වේදනාවට පත් කර රිසානාගේ ඛේදවාචකය කාලයාත් සමඟ යට නොවී මැදපෙරදිග දුක් විඳින අය වෙනුවෙන් වගේම ඒ තැනට තව අය ඇද වැටෙන්නේ නැති විදියේ යහපතක් ඇති කරන්න මුල්වේවි නම් හොඳයි. ඒත් වගකිවයුතු ආයතනයන්ගෙන් විටින් විට පල වූ පුවත් පත් වාර්තා වලින් කියැවූ දත්ත අනුව ඒ දේ බලාපොරොත්තු වෙන්න පුලුවන් වේවිද?

      ඒ විස්තර කිහිපයක් මෙතැනින් කියවන්න පුලුවනි.

      Delete
  2. ඔව් හිරූ අක්කා කියුවා වගේම හරිම වේදනයි. මේවට ඉතින් වග කියන්නේ ඕනේ අපි හැමෝම

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මැදපෙරදිග රැකියා අවස්ථාවන් අලලා කර විස්තර කියවන්න පතොක් යායට එන්න.

      Delete
  3. රිසනලව විකුණගෙන කන්න මුල ඉඳන්ම සම්මාදම් වුන හැමෝම වැරදියි .

    අය්යා දන්නවා ඇතිනේ ඒ රටවල හිටි නිසා අපට වඩා හොඳට . ඕක මර උගුලක් වගේ . හරි ගියොත් හොඳයි වැරදුනොත් ඉවරයි . ගෘහ සේවයට විතරක් නෙමේ රෝහල් සේවයට ගිය මගේ යාලුවෝ කියා තියෙනව සල්ලි නම් ගොඩක් ලැබෙනවා ඒ වුනාට බයෙන් තමයි ඉන්නේ . පොඩි අතපසු වීමක් වුනොත් කියල

    ReplyDelete
    Replies
    1. //රිසනලව විකුණගෙන කන්න මුල ඉඳන්ම සම්මාදම් වුන හැමෝම වැරදියි .//
      ඔව්, ඒ සෑහෙන්න ඕඩු දුවපු තුවාලයක්. පතොක් යායේ පොස්ටුවෙන් ඒ ගැන විස්තරයක් කියවන්න පුලුවනි.

      Delete
    2. මැද පෙරදිග රැකියා අවස්ථා එක්කම ලැබෙන දෙය තමයි අවධානම කියන එක. ඒ ගැන ලියන්න වචන මදියි.

      Delete
  4. මීට පස්සෙවත් ඔය වගේ සිද්ධි නොවෙන තැනට වැඩ කරගන්න පුලුවංනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. බහුතරයකගේ පැතුම එයයි ප්‍රසන්න. ඒත් කාසි කන්දේ උස විතරක්ම මනින වගකිවයුත්තන් මොනවා කරාවිද?

      Delete
  5. කොච්චර නම් සටහන් කියවන්න ඇතිද? මේ ගැන . මල්ලී හරිම කනගාටු දායකයි. මේ දැරිවිට උන දේ. මෙතනදී දෙමාපියන් ගේ සිට රට යැවූ හැමෝම වැරදියි. ඈ බාල වයස් කාරියක් නෙ. ඈත් දෙමාපිය සෙවනේ සිටිය යුතු කාලෙ කොහොමද ? වෙන දරුවෙක් බලන්නෙ. ඉදිරියටවත් මෙවන් දේ සිදු නොවීමට බලධාරින් වග බලා ගත්තොත් හොඳයි. අපිට වඩා ඔබ මුලසිට මේ ගැන සංවේදී උන නිසා දන්නවනෙ මේ ගැන. ස්තූතියි! පොස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ ඇඟිල්ලක් රිසානා දැරිය වෙතට දික් කර ප්‍රශ්ණ ගොඩාක් වහගත් ඛේදවාචකයක් කියලයි කියන්නෙ තියෙන්නේ.

      රිසානාගේ ප්‍රශ්ණයේ තවත් එකක් විතරයි. ඒ වෙනුවෙන් කර හැම දෙයම අපතේ ගියා.

      Delete
  6. ළහිරු හා අටම්පහුර දෙදෙනා ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete
  7. @Ano:
    ඔබේ කොමන්ටු මකා දැමීමට සිදුවීම ගැන කණගාටු වෙමි. ලිවීම මෙන්ම කියවීම ද කලාවක් එය නිකම්ම නිකම් අකුරු ගොඩක් නොව කියවා රසවිඳිය හැකි යමක් වෙන්න ඕනේ. එහෙව් නොවන දෙයක් පල කර ගල්මල් අඩවියේ සැරිසරන්නන් අපහසුතාවයට පත් කිරීම මට තරම් නොවේ - ඇනෝ ලෙස දිගින් දිගටම ලියූ කොමන්ටු මකා දැමීමට හේතුව එයයි.

    ReplyDelete