Thursday, December 13, 2012

ඇනෝපිල මදුරුවනේ


සට සටගා තටු සලන
ඇවිත් වහනවා තැන නොතැන
අනුන්ගේ ලෙයම රසකර උරන
තුඩඟින් ලෙඩ ගොඩ බෙදන
විෂ දඟර මොටද එලුවා දැල

ඇනෝපිල
දැල වටා කැරකෙන
පරපෝෂිත මදුරුවනේ
කන්දොස්කිරියාව හුරු හින්දා
නුඹේ සහතික උවමනා නැති මා
අවදියෙන් නිදි සේ උන්නා

මුවඟ සිනාවෙන් සරසා ගෙන
පයින්ට් ගණන් දන් දුන්න මා
සත්තයි දෑහින් දැක්කා රුහිරු රතු පාට
නියතයි හතර වරිගයෙන් එකක් වෙනවාට
එදන කවුරුන් හෝ ලබන්නැති
එවුන් කවුරු වුණත් කම්නැත
මිනිසත් බව ලද්ද


Image Source: http://redcrosschat.org/wp-content/uploads/2012/08/mosquitoo.gif

29 comments:

  1. මේ මදුරු දැල් සමාගම්, එක එක මදුරු කොයිල් සමාගම් ටිකයි, අපේ මන්ත්‍රීවරු ඇමතිවරු ටිකයි කීයක් හරි හොයාගන්නේ ඔය ඇනෝපිල මදුරු හින්දනේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව.
      ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  2. කාලෙකින්..
    මට තුන්වෙනි කවියෙ අදහස තේරෙන්නෙ නැහැ

    ReplyDelete
    Replies
    1. දැල දාගෙනත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති මදුරුවෝ...
      එවුන් වර්ග කරගෙන සාම්පල් ඉල්ලනවා වගේ, නැතිනම් වර්ග කරන්න ඉල්ලනවා. ලේ දන්දෙන උදවිය දන්නවා කාටත් පොදු රතු ලෙය වර්ග හතරින් එකක්, කවුරු හෝ මනුස්ස ප්‍රාණියෙකුට උවමනා කරන වෙලාවක අමිල දෙයක් වෙනත් බේද නැති.

      Delete
    2. හතර වරිගය කිව්වහම මටත් මුලින් ආවෙ වෙන අදහසක්. දැන් තමා හරි අරුත වැටහුනේ.

      Delete
    3. ඒ පැටලැවිල්ල තවත් වැඩි වෙලා ඇත්තේ එකක් කියන වචනය එක්ක කියලා වැරදි විදියට යෙදිලා තිබුණ නිසා වෙන්න ඕනේ - සමා කරත්වා!

      Delete
  3. හ්හ්ම්.... අදත්, තේරුම් ගන්න කළ මගෙ උත්සහය අසාර්ථකයි....

    ReplyDelete
    Replies
    1. නලිනි නංගිට ලියූ පිලිතුරු කොමන්ටුවේ කාරණයයි මුල් වුනේ.

      Delete
  4. බොහොම දක්ෂ කවියක් මචන්..දිගටම ලියන්න එනවා මේ පැත්තේ
    හැමදාම බලන්න...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබට. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  5. මේ කියවන අතර
    මදුරුවෝ කැරකෙති වට කොට
    පන්කාව කැරකුණත් ජමරෙට
    අවසර ලත් සැනින් විදිති මට

    ReplyDelete
    Replies
    1. කියුබන් උන් කැන්දූ
      දඟරෙට අහු වුන හින්දා
      මැති මදුරුවේ සරති
      මනු ලෙයම උරලා

      Delete
  6. කාලෙකට පස්සෙ ඩීන් මල්ලි ගෙන් අරුත්බර කවි පෙලක්. ලේ දන් දීම තරම් උතුම් පිනක් නෑ නේද? මිනිසත් බව ලැබූ අපිට කරන්න පුළුවන් උතුම්ම දානය.

    ReplyDelete
    Replies
    1. බොහෝම කැමැත්තෙන් අවුරුදු ගානක් කල දානයක්.

      ලියන්න ඕන දේවල් එමටයි, දුෂ්කර දෙයක් වුනත් ටිකක් නිහඬව ඉන්න හිතුවා.

      Delete
  7. බොහොම කාලෙකින් නේද ඩීන් අය්යේ . මදුරුවන්ට වඩා සමාජ උවදුරක් මේ කවි පෙලේ ඇති බව මට නම් තේරෙනවා . මොනව කරන්නද මදුරුවත් හොඳ උදාහරණයක් . ආයෙමත් අපට හිතලා හිතලා තේරුම් ගන්න අමුතු කවි ලියවේවි කියා සිතනවා නොකඩවා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අනිවාර්යයෙන්ම ලියනවා, ලියන්න වෙනවා.

      Delete
  8. ඇත්තටම ඔය මදුරුවන්ට බ්ලඩ් ගෲප් වෙනස් උනාට ප්‍රශ්නයක් නැතුව ඇති නේ?

    නියම පද පෙළක්.

    ReplyDelete
    Replies
    1. පරපෝෂිතයින් වුනාම උරාබොන එකේ ගෲප් එක ප්‍රශ්ණයක් නම් නැහැ - විදින්න පුලුවන් නම්.

      Delete
  9. කවියෙ අදහස විස්තර කරලත් කිව්වට පස්සෙ අද මම ඇවිත් තියෙන්නෙ, ඒක හොඳයි, නැත්නන් මටත් තුන්වෙනි කවිය තේරෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. තුන්වන කවියේ අකුරු දෝෂ්යක් තිබුණා, ඒකත් පටලැවිල්ලට හේතුවක් වෙන්න ඇති.

      Delete
  10. මේ වෙලාවට ඕන කරන්නේ DDT !!
    කවි පෙල ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ මේ පැත්තේ දැකීමත් සතුටක්.

      මදුරුවෝ දෙවර්ගයක් - ඉන් කොටසක් ගස්වල සාර උරාබොන අතර අනෙක් කොටස සත්ව ලේ උරන්නන්. DDT වලින් අසරන එවුන්ටත් වදියි නොවැ.

      Delete
  11. ඩීන් අයියා මේ දවස් වල මදුරුවා සමග වාසේ වගේ...
    හැම දෙයක් දිහාම අයියා කවි හිතකින බලන හැටිනම් හරිම රසවත්..

    ReplyDelete
    Replies
    1. හඳේ සෞම්‍ය එලිය දකිමු අඳුරු ආවාට යටපත් කරලා.

      Delete
  12. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. විවේකයේ ඒ පැත්තට එන්නම් කෝ.

      Delete
  13. මට නම් පෙන්වනන් බැරි අසික්කිත සත්තු කොටසක් තමා මදුරුවෝ කියන්නේ මුන් කාවට කමක් නැහැ කුන් කුන් ගාල කනවටේ කැරකි කැරකි පල් එකත් දානවනේ එතකොට මල ඩබල්
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නොවැ මහත්තයෝ

      Delete