Tuesday, May 1, 2012

මැයි මල්


සිඳි බිඳි අතු
ගැට ඉළිප්පුණු
වියපත් කඳ
සුරකින
ඉරි තැලුන පොත්ත
දරනා අතු ඉති රිකිලි
සරසා රටාවට
සෙවණ සදන
පොඩි කොළ පත්
යටකර
වසන්තයේ එඹී බලන
වකුටු කොකු පිරි ගොබ
විදහා පෙති පිපෙනා
රතු මැයි මල්
වාරය අග
වියැකෙන

27 comments:

  1. හරිම ලස්සනයි . දිනෙන් දින ඔබේ කවි කම ඔප නැගෙන හැටි පුදුමයි .

    ReplyDelete
    Replies
    1. සොබාදහම දෙන කතාවස්තූන් නොවැ. බොහෝමත්ම ස්තුතියි ඔබේ සටහනට.

      Delete
  2. Replies
    1. බොහෝමත්ම ස්තුතියි.
      (කෝ අනික් පොස්ටුව?)

      Delete
    2. ඒක තාම මග එනව. :D

      Delete
  3. මට නම් තේරුනේ නැත. පැහැදිලි කිරීමක් දෙන තෙක් බලා සිටිමි.

    මම හිතනවා ඔබ මෙමගින් මැයි මල් ගැන විතරක්ම නෙමේ කතාකරන්නේ කියලා. ඒත් ඒ මොකක් ගැනද කියන එක තමා ප්‍රශ්ණෙ !

    ReplyDelete
    Replies
    1. කම්කරු දිනය වෙද්දී පිපෙන, පරවෙන මැයි මල් ගැන. නන්ඳු පැහැදිලි කරලා තියෙන්නේ ලස්සනට.

      Delete
  4. මිනිස්සුන්ව පාගගෙන කොච්චර ලස්සන වුණත්.. ජීවිත වල කරගැට එනකල් ඒ මිනිස්සුන්ගෙන් වැඩ අරන් පහතට හෙලා දැම්මත් සුපෝගබෝගී ජීවිත ගත කලත් ඔවුන් නැසෙනවා.. ඉතිරි වෙන්නෙ ගුණ සුවද විතරමයි..

    මට හිතුණෙ මෙහෙම..කම්කරු දිනේ..
    ස්වභාව දහමෙන් අපූරු සිතිවිල්ලක්..!

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී ඔබ හරි, මැයි මල් වගේ (මැයි මාසයේ) වාරයට පිපී පරවෙලා යන ගහ කැඩපතක් වගේ.

      ඔබේ ලස්සන අර්ථ දැක්වීමට බොහෝම ස්තුතියි.

      Delete
  5. අපූරු අදහසක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිනේෂ් මල්ලි.

      Delete
  6. සමාජ යථාර්ථයක්, නිහඬ මැයි ගසක පිපෙනා රක්ත මැයි මලක් තුලින් දැක තිබෙන අපූරුව !

    ReplyDelete
    Replies
    1. ලෝක තත්වයන් ඉවෙන් වගේ දැනගෙනම සොබාදහම මේ වගේ දායාදයන් ගස් හැටියට දුන්නද මන්දා. කලින් පිළිතුරක ලියුවා වගේ, සොබාදහම කැඩපතක් සේ දැක ලියූ පද අහුරක් කියන්න පුලුවන්.

      රසික මල්ලි ලියන ආර දිගටම රැකගෙන ඉදිරියට යන්න, ඔබේ පදපේලි මං ගොඩාක් රසවිඳිනවා.

      Delete
  7. Replies
    1. කාලෙකින් පදපෙලක් කලේ නැහැ නේද?

      බොහෝම ස්තුතියි සටහනක් එක් කරාට.

      Delete
  8. රතු කමිස හැදගත්තු
    පෙම්වත්තු
    මැයි ගස් යට
    පෙම්බස් මුමුණති.

    ReplyDelete
    Replies
    1. මැයි මල්වලට කලියෙන් පරවෙන

      Delete
  9. බිංදු බිංදු මල් - අතු අග පිපි මල්
    අහසේ තරු ගණනේ - පිපී
    මඳ - සුළගේ ලෙල දෙන්නේ

    - මට සේකර මතක් උනා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ලස්සන පදපෙලක් මතක් කරාට

      ඒ මල් ගෙඩි වුනා නම්...

      Delete
    2. මටත් මතක වුනේ සේකර.. ඒ වගේ ම රත්න ශ්‍රී ගෙ කවී පෙලකුත් මතක් වුණා.

      බොහොම අලංකාර පද පෙලක්.. ජය!!

      Delete
    3. බොහෝම ස්තුතියි රැංගෝ

      Delete
  10. ශ්‍රීමාල්May 6, 2012 at 11:58 PM

    හිතාගන්න බැරි ඇයි රතු මැයි මල් මැයි මාසෙම පිපෙන්නේ කියල
    ඒ තරමට රත් පැහැය මැයි මාසෙත් එක්ක බද්ධවෙලා

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි නොවැ, ඒ වගේම බොහෝ විට මැයි මාසෙම පරවෙන.

      බොහෝම ස්තුතියි සටහනට.

      Delete