Thursday, March 29, 2012

ගැටය (The Knot)


ලණුව
දමා තොණ්ඩු
හිර කර
හැඩ මවන
ගුලි කලාවේ
ප්‍රවීණතාවය

29 comments:

  1. අය්යෝ මට තේරුන්නෑනේ...

    ReplyDelete
    Replies
    1. පහළ කොමන්ටුවක පොඩි පැහැදිලි කිරීමක් කරා.

      Delete
  2. අතක් මිට මොළවන් ඉන්නවා වගේ නේද . ඇත්තම කියන්න මට මේකේ සැඟවුන අර්ථය තේරෙන්නේ නැහැනේ .

    ReplyDelete
    Replies
    1. දෑතක් එකට මිට මොලවන් ඉන්නවා වගේ, දෙපැත්තට අද්දොත් දිගහැරෙන්න පුලුවන්. ඒත් ගැටයක් දෙපැත්තට අදිද්දී තවත් හිරවෙනවා. පහතින් පොඩි සටහනක් තියෙනවා, බලන්න.

      Delete
  3. අපූරු කවියක්
    සිංහල හයිකු කවියක්

    රසික මිතුරන් මෙ කවියේ තේරුම් හොයන්න වෙහෙසෙන්නේ නැත්නම් හොඳින් රස විඳින්න හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෘදයා. ඔබ හරි, හයිකු ආරට කරන්න ගත් උත්සාහයක්. ඒත් පද ගාන ටිකක් වැඩි කරන්න වුනා අදහස මතුකරන්න ඕන නිසා. මෙය කලින් ෆොරමයක පලකල එකක්.

      Delete
  4. පොඩි දේශපාලන ප්‍රහසනයක් වගේ මට තේරුනේ..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, පසුගිය දිනවල සිද්ධි ගනනාවක් නිසා කලින් කර තිබූ පදපෙල පල කරා.

      Delete
  5. ලිහා ගන්න පුළුවන් ගැටයක්ද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් වුනොත් දිණුම්!

      Delete
  6. ලිහා ගන්න බැරි බවක් තමයි පෙන්නුම් කරන්නේ....
    සමහර විට නිකම්ම ලිහිලා එන සමනල් ගැටයක්ද දන්නෙත් නැහැ :P

    ReplyDelete
    Replies
    1. ගැටයට අහුවුන අයට කෙසේ වෙතත් ගැට දාන අයට නම් සමනල්ලු වගේ තටු එන්න පුලුවන් නේද?

      Delete
  7. මොකක්ද මේකේ තේරුම........................

    ReplyDelete
    Replies
    1. පහළ පොඩි පැහැදිලි කිරීමක් කරා.

      Delete
  8. දෙපාරක් විතර ගැස්සිලා තේරුමක් හිතට ආවා.. ඒක තමයි කවියක තියෙන අපූර්වත්වය.. මේ වගේ නිසඳැස් වලට කවියි කියලා කියන්න කවුරුත් මැලි වෙන එකක් නෑ... පොත් ගුල්ලා කියපු විදිහට මේක හයිකු කවියක් විදිහටත් දකින්න පුළුවන්..

    පොත් ගුල්ලා මේකේ තේරුම හොයන්න එපා කියන්නේ තේරුම් ගණනාවක් තියෙන හින්දා වෙන්ට ඕන..

    ලණු වලින් දාන ගැට වගේම, ලණු දීලා දාන ගැටත්, ගුලියක් කවා දාන ගැටත් ආදී වශයෙන් මහ හුඟක් දේ ගැන මේ කවියෙන් කියැවෙනවා..

    කවදත් ඉතින් ඩීන් අයියා සාහිත්‍යයත්, තාක්ෂණයත්, ජීවිතයත්, සොබා දහමත් එකට මුහු කරන්නේ හරිම අපූරුවට..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි චතුර මල්ලී විමසුම් සටහනට, අපේ කවි හවුල් වලදී නිර්මාණ විමසූ අන්දම හා ඉන් ලැබුණ දිරිය ගැන මතක් වුනා. මෙය මුලින්ම එවැනි තැනක පලකලේ දැනට වසර දෙකකට කලින්. නැවතත් බොහෝම ස්තුතියි සොයුර.

      Delete
  9. මේ පුංචි පදපෙල රසවින්ඳ සැමටම වගේම අදහස් දැක්වූ සැමටත් බොහෝමත්ම ස්තුතියි.
    කොමන්ටුවලට පසුව පිළිතුරු ලියන්නම්.

    ReplyDelete
  10. ගැටය ලස්සනයි කියලා පේනවා , ගැටයට කවුරුවත් හිරවෙලා නැහැ කියලා පෙනෙන තාක් කල් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී නොයෙකුත් හැඩ, ප්‍රමාණ වලින් ගැට යොදාගෙන කරන කලාත්මක නිර්මාණ තියෙනවා ඒවා අතරින් බීරළු, ගොතන රේන්ද විශේෂයි.

      ඒ වගේම හැම ගැටයකම කලාවක් -- පැවැත්ම උදෙසා. අවාසනාවට යමක් පෙනෙන්න හෝ නොපෙනෙන්න හිරකරගන්න කලාවක්.

      Delete
  11. ලණු/කඹ ආදියෙන් තොණ්ඩු හදලා අනේක වැඩ ගන්නවා. ඒ වගේම මැනලා කරලා ගැටගසා රඳවාගන්න, හිර කරගන්න වගේම ලිහිල දෙන්නත් පාවිච්චි කරනවා. ගස්කපන උදවියගේ සිට නාවිකයින් දක්වා විවිධ රස්සාවල ගැට කලාව පුහුණු පුරුදු කරනවා, ලණු ගුලි කරලා ඈතට එලන්නත් ඔවුන් ප්‍රගුණ කරනවා.

    ලණුව කියන දෙයහි නියම අරුතට වඩා ව්‍යවහාරයේ ඇති යෙදුමට ලැබෙන තැන වැඩියි. විධිමත් පුහුණුවක් ලබන්නේ නැතත් ගැට හා ගුලි කලාවේ ප්‍රවීණයෝ තවත් බොහෝමයි. මොනවා හෝ ක්‍රමයකින් අස්වැන්න සරු කරගන්න ඔවුන් දක්ෂයෝය, මොන ගුලිය බස්සවා හෝ තොණ්ඩු/ගැට ගසා රඳවාගන්න ඔවුන් සමත් වෙනවා වගේම ඒවාට හසුවෙන අය නැති කරගන්න දේවල් ද කෙළවරක් නැහැ.

    පමණක් වෙලාවට දෙපැත්තකට එකම ලණුව දීලා එය පටලවා ගනිද්දි වැටෙන ගැටයත්, දෙපැත්තට ඇද ගනිද්දි හිරවෙලා දඟලන අන්දමත් බලා ලණු දුන්නෝ ද සතුටු වෙන අවස්ථා ද ඕනෑතරම්.

    අවුරුදු දෙකකට විතර කලින් පළමුව පළ කරන ලද ගැටය [ද (ක්)නොට්] ගල්මල් අඩවියට ගේන්න හිතුණා.

    පදපෙල ගැන තවත් අදහස් මතුවී එන්න ඉඩ දී බලා සිටිය නිසා මේ සටහන පමා කරන්න සිදුවුණා.

    තවත් අදහස් මතුවෙන්න බැරි නැහැ, ඒවත් කොමන්ටුවක ලියලාම යන්න. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. සැබවින්ම..

      මෙය කියෙව්වාට පසු මට යම් අදහසක් ගන්ඩ පුලුවන් උනා.. ඇත්තෙන්ම එවැනි ගැට කරුවන් සහ ලණු දෙන්නන් මේ සමාජයේ සුලබයි.. මමත් අහුවුනු අවස්ථා එමටයි. අවාසනාවකට ඕවයේ ගොදුරු වෙන්නෙ අවංකව ජීවත් වෙන්ඩ හදන අවංක මිනිසුන්මයි.

      බොහොම පින් අලුතින් හිතන්ඩ යමක් දුන්නට..

      Delete
  12. හරිම අපූරු නිර්මාණයක් ඩීන් අයියා...!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නුවන් මල්ලි

      Delete