පොත් බෑගය අලුත්
නැවුම් සුවඳ පිරි
යට කර බෝ'බර
අත්තටු අරන් සිඟිතිය
පුංචි සිනා කතා මැද
සමනොළ තටු මත නැඟ
සාමලා අමරලා සොයමින සිත
සැරි සරණා දුර ඈතක
පොත් මිටිය කන්දක් උසත
තනිව නැග යුතු එකල
කිසිදු අඩුවක් නොමකර දෙන්න
විරුවාණනී ඔබ බෝ'දුක දරන්නැති
නැණ පහන ලක් මෑණී දල්වන
ගුරු සෙවණ දයාවෙන් බෙදන
අමිලයි කවදත් පිං දෙන
අකුරු මදි ද ලියවෙන
කෘතවේදී හදවත....
ReplyDeleteනිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ලියවුණු සිතිවිල්ලක්ද?
ReplyDeleteමොනව උනත් අපි සී.ඩබ්. ඩබ්. කන්නන්ගර මහත්තයාට පින් දෙනව මදි කියලා මටත් හිතෙනවා. සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් වෙච්චි මගේ සීයාට, ඔහුගේ පුතා උපාධිධාරියෙක් කරන්න පුලුවන් උනේ නිදහස් අධ්‍යාපනය නිසා, ඒ වගේ පිරිස් තව අනන්තවත් ඇති ලංකාවෙ. පාසල් පොත් ටික මුදල් ගෙවලා ගන්න උනා නම් ආයෙත් තේරෙවි ඒකෙ අගේ.
කවදත් වගේ මසුරන් වටින සිතිවිල්ල!!
ටොන් ගණනක් පොත් කර ගහගෙන ගිය පුංචි සංදිය මතක් උනා.
ReplyDeleteලස්සන වචන ටික ඩීන් අයිය.
අපිටත් ඒ කාලෙ අලුත් පොත් හම්බවෙනකොට කොච්චර සතුටක් දැනුනද.
ReplyDeleteකෘතවේදී සිතුවිල්ලක්, ලස්සනයි.
මට හිතෙන්නෙ, නිදහස් අධ්‍යාපනයක්, නොමිළෙ පොතපත ලබා දීමක් නොතිබුණු යුගයක, ඒ සඳහා වෙහෙසුණු මව්පිය විරුවන් ගැන සිහි කරනවා කියලා.
ReplyDeleteකොහොමත්, යුග දෙකක කතාවක්; කෘතවේදී සිතුවිල්ලක්.
දෙවියන්ට පින්දීමක්.. ලස්සනයි...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහෝ දේ කතා කරන කවියක් කියලයි මට හිතෙන්නේ.. පුංචි එවුං ට පොත් වලින් දැනෙන බරත් මෙතනදී මතක් කරලා තියෙනවා නේද? ගුරු මවු පියවරුන්ට තමයි ගෞරවය පුද කළ යුතු..
ReplyDeleteතවම මතකයි නැවුම් පොත්වලින් එන සුවද.....
ReplyDeleteඒ දවස් වලට හිත දුවගෙන ගියේ ඉබේම වගේ.. ලස්සනයි කවි පෙල...
ReplyDeleteඔබේ සටහන්, විමසුම් ඉතා අගේ කරමි. බොහෝමත්ම ස්තුතියි. පසුව වෙන වෙනම පිලිතුරු ලියන්නම්.
ReplyDeleteඅළුත් පොත් ගත්ත ගමන් කරන්නේ පොතේ පිටු ක්‍රීස් ගාලා පෙරලලා නහයට අල්ලලා සුවද බලන එක...පොඩි කාලේ පුරුද්ද තාමත් එහෙම්මයි.....
ReplyDeleteගුරු දෙගුරු හැමටමත් නිදහස් අධ්‍යාපනයටත් පිදෙන උතුම් උපහාරයක්. කවද්ත් නැවුම් පොතකින් එන නැවුම් සුවඳත් ලබාගන්නා නැවුම් සිතුවිළිත් මිළ කරන්න නම් බැහැමයි. අපූරු සිතුවිල්ලක් ඉතාම ලස්සනට පද කෙරුවාට ස්තූතියි ඩීන් මල්ලී.
ReplyDelete@තිස්ස දොඩන්ගොඩ:
ReplyDeleteයුතුකම නොවැ මහත්මයෝ.
නිදහස් අධ්‍යාපනය ගැන කාලයකට පෙර මා සැකසූ ලිපියක කොටසක්:
ReplyDelete1930 වසරේදී රාජ්‍ය සභාවට පත් වූ ජනතා නියෝජිතයින් යටත් විජිතවාදී අධ්‍යාපන ක්‍රමයේ පෙරලිකාරී වෙනස ආරම්භ කලෝය. ඒ අනුව රටේ පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කරන ලදි. ගුරු පුහුණු විදුහල් ද රජයේ පාලනයට පත්ව වුනි. තවද ග්‍රාමීය මට්ටමින් ප්‍රාථමික පාසැල් හා කාර්මික අධ්‍යාපන ආයතන පිහිටුවීම ඇරඹිණි. ප්‍රාදේශීය මට්ටමින් මහ විද්‍යාල ආරම්භ කෙරුනි.
1942 වසරේ දී එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරු සි.ඩ්බ්.ඩ්බ්.කන්නන්ගර මැතිඳුන් විසින් නිදහස් අධ්‍යාපනය ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලදි, ඒ අනුව බාලාංශ පන්තිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සියලු පුරවැසියනට නොමිලේ අධ්‍යාපන වරම උරුම විය. මෙ වසරේ දී ලංකා විශ්ව විද්‍යාලය පිහිටු විය. (මෙ ඡේදය අකුරු කලේ ඒ සඳහා කැපවී ක්‍රියා කල කන්නන්ගර මහතා ඇතුළු පිරිසට හෘදයාංගම ස්තුතිය හා පිං පුදමිනි. ඔවුන් එදා උඩුගං බලා පිහිනීමට දහිරිය ඇත්තෝ වූහ).
ඒ අනුව ස්වෛරී අධ්‍යාපන ආයතන ලෙස පැවැති කොළඹ නීති පීඨය හා වෛද්‍ය පීඨය ලංකා විශ්ව විද්‍යාලයට අනුයුක්ත මණ්ඩප බවට පත්විය. පෙරාදෙනිය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට විධිවිදාන සැකසිනි.
1947 වසර වන විට ලංකාවේ පාසැල වලින් 60%කට වඩා රජයේ පාලනයට පත්ව තිබුණි.
1948 වසරේ ශ්‍රී ලංකාව නිදහස ලබන විට මනා ලෙස ස්ථාපිත ජාතික අධ්‍යාපන ක්‍රමයක උරුමය හිමිවිය. එදා බොහෝ ආසියතික රටවල් වලට හා දියුණු වෙමින් පවතින රටවලට වඩා අපේ රට අධ්‍යාපන අංශයේ පෙරමුණේ සිටියේය.
නිදහස් ලැබීමත් සමග රජය ලංකාවේ අධ්‍යාපන අංශය කෙරෙහි විශේෂ අවධානය යොමු කලේය, ප්‍රමුඛත්වයක් දුන්නේය. නිදහස ලබා වසර හතලිහක් ගතවෙන්න පෙර ලංකාවේ පාසැල් පද්ධතිය 50% කින්, ශිෂ්‍ය ජනගහණය 300% කින් ද ගුරුවරුන් 400% කින් ද වැඩි වූ බව 1980 දශකය මුලදී සටහන් විය. 1985 වසර වෙද්දී ප්‍රාථමික අධ්‍යාපනයෙන් ද්විතීයික අධ්‍යාපනය කරා පිවිසෙන අනුපාතය සීග්‍ර ඉහලයෑමක් දැක්විය.
නිල වර්තාවලට අනුව 1980 දශකයේ මැද වෙද්දී ශ්‍රී ලංකාවේ සාක්ෂරතා දර්ශකය 80% පසුකර සිටියේය. එකල වයස අවුරුදු 10ට වඩා වැඩි ලමුන් ගේ සාක්ෂරතාවය 87%ක් විය. රටේ තරුණ ජනගහණය මුලිමනින්ම වාගේ සාක්ෂරතාවය අත්තෝ වූහ. එය දකුණු ආසියාතික කලාපයේ අපේක්ෂිත මිනුම්-දණ්ඩ බොහෝ සේ අභිබවූ බව නොරහසකි. සක්ෂරතාවය අතින් ලංකාව දියුණුවෙන රටවල් අතරින් ප්‍රමුඛත්වයක් දැරිය.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවයේ වර්ධනය:
1946 දී 62.8%
1981 දී 83.2%
2001 දී 90.7% (ඉන් 92.3% පිරිමි, 89.2% ගැහැණු ලමුන් ද විය)
@හරී - පිණිපළස:
ReplyDeleteඔව් නංගියේ, නිදහස් අධ්‍යාපනය ක්‍රමයක් නොවුනා නම්... තත්වය මොන වගේ වෙන්න තිබුණා ද හිතා බලන්නත් අමාරුයි. අද වෙද්දී පාසැල් පොත් ද වියදමක් නැතිව ලැබීම ලොකු දෙයක්. ඔබ සඳහන් කරා වගේ ඒවායේ වියදම් දරන්න වුනා නම් ඇත්තෙන්ම නැගිය යුතු කන්ද ගැන දැනේවි.
ඉහත කොමන්ටුව සඳහන් කලේ නිදහස් අධ්‍යාපනය දිනාගන්න වසර 12ක් තිස්සේ කර ඇති අරගලය දක්වන්න. දැනුම් තේරුම් ඇති කාලයක ඉඳන් මා සතිපතා කන්නන්ගර මැතිඳුන් ඇතුලු ඒ පිරිසට පින් දෙනවා.
අපි ඉන්න රටේ දී දරුවන්ගේ ඉගෙනීමට, හැම පොත පතකටම සෑහෙන ගානක වියදමක් දරන්න වෙන නිසා නිදහස් අධ්‍යාපනයේ අගය තවත් බොහෝ සේ දැනේ.
බොහෝමත්ම ස්තුතියි නංගී සටහනට.
@කස්ස:
ReplyDeleteකාගෙත් සුන්දර ඒ පුංචි සංදිය...
බොහෝම ස්තුතියි මල්ලී.
@Praසන්ன:
ReplyDeleteඅලුත් පාසැල් පොත්වල සුවඳ අලුත් පන්තියට කරන ආරාධනාවක් වගේ...
බොහෝමත්ම ස්තුතියි යාලු කවදත් දිරිගන්වන සටහනට.
@නලිනි චන්දිමා:
ReplyDeleteමෙහේ අලුත් පාසැල් වසර පටන් ගන්නේ සැප්තැම්බර් මාසයේ. ඊට සතියකට විතර ඉඳන් පොත් සූදානම් කිරීම, කවර දැමීම වගේ වැඩ ගොඩ අතර දී ඇති වූ අදහසක්.
පොත් මිටි දෙකක් වුනත් ගොඩාක් බරයි. ඒ පිටු අතර දුවන පුංචි තරු ඇස් හිතට ගේන්නේ අකුරු කරන්න බැරි සතුටක්, සැහැල්ලුවක්.
ලංකාවේ පාසැල් පොත් රජයෙන් ලබා දෙන්න පටන් ගත්තේ මා උසස් පෙළ පන්තියට ආවාට පසුව. පහල පන්තිවල දී කිසි අඩුවක් නැතිව අලුත් පොත් වල සුවඳ ලැබුනා, ඒ වෙනුවෙන් මගේ තාත්තා මොන තරම් නම් සටනක් දෙන්න ඇද්ද? වසරින් වසර හිත ආපස්සට ගියේ ලොකු බරක් ඇතිව, පදපෙල ලියවී දින කිහිපයකින් තාත්තා අපෙන් සමු ගත්තා. මේ පදපෙල ඒ අතින් මට ගොඩාක් සංවේදී වුනා. බර තව තවත් හිතට දැනුනා.
දෙමාපියන් මොන දුක හරි විඳලා ගඩොලින් ගඩොල උස්සනවා, අපේ රටට නිදහස් අධ්‍යාපනය තිලිණ කරන්න කැපවූ පිරිස නිසා මහා පවුරු තැනෙනවා. යමක් අවබෝධය කරගන්න පුලුවන් කාලෙක ඉඳන් නිතිපතා ඔවුනට පිං දෙනවා. ඒ වරමේ අගය මොනතරම් ද කියන්න වචන නැහැ. මිණි බබලවන ඔවුන් හැමෝම විරුවන්.
පදපෙලේ ගැබ් වූ අරුත ඔබ ඉස්මතු කලා, බොහෝම ස්තුතියි නංගී.
පොත් සුවඳයි තවමත්!
@මාතලන්:
ReplyDeleteඔව්, ඔවුන්ට මොනතරම් පිං දුන්නත් මදියි නොවැ මාතලන් උන්නැහේ
@Chathura Wijekoon|චතුර විජේකෝන්:
ReplyDeleteඔව් මල්ලියේ බෝ'බර දරුවට පොත් බර වගේම දෙමාපියනට ඒ බර බොහෝ විය ඒ කාලෙ දී නම්... බොහෝම ස්තුතියි මල්ලී.
@රෝස කුමාරි:
ReplyDeleteඒ පොත් සුවඳත් එක්ක මුසුවූ ජීවන සුවඳ වෙහෙසකර ජීවිතයට පවන් සලනවා (refresh) නොවෙද.
(කාලෙකින් රෝස කැලේ පැත්තට එන්න බැරි වුනා)
@Dinesh:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි දිනේෂ්.
(අතරින් පතර ඔබේ පොස්ට් කිහිපයක් කියෙව්වේ සටහනක්වත් තියන්න පහසුකම් නැති පරිසරයක)
@ඔබ නොදුටු ලොවක්.....:
ReplyDeleteඒ පොත්වලට අපේ තිබුණ ආදරය වෙන්න නිසා වෙන්න අතිනේද? බොහෝම ස්තුතියි ඇවිත් සටැහනක් කරාට.
@Chandi:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි අක්කේ සටහනට, මේ වචන ලොකු ශක්තියක්. පිලිතුරු ලියාගන්න පමා විය - සමාවෙන්න ඕනේ.
එදා තරම්ම අදත් පොත් සුවඳ අපි විඳිනවා. දැන් පමණක් රටවල ඒකත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට පත්වී ගෙන යනවා. දරුවෝ ටැබ්ලට් පීසී වගේ ඩිවයිස් වලින් පොත් කියවන්න තියෙන්නේ. තාක්ෂණයේ දියුණුව නිසා පොත්වලට කොළ හදන්න ගස් කපන එක අඩුකරන්න පුලුවන් කියලයි ඒ පසුපස ඉන්න අය උදම් අනන්නේ. ඒත් පොතකින් එන සුවඳ ඉන් ලැබෙයිද? තත්වය මොනවා වුනත් ඒ සුවඳ අපේ ලමුන්ගේ නාස්පුඩු සමීපයේ තවත් කාළයක් රැඳේවි. Advantage of digital divide.
ගල්මල් අඩවියට එක්වූ Ice, Chanka Gayan හා ලොකු පුතා සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteලස්සනයි.. එච්චරයි...
ReplyDeleteඅනික් අය ඔක්කොම කියලා....
ස්තූතියි..
ලස්සන සංකල්පනාවක් ගල්මල්
ReplyDelete(මම ඇවිත් කමෙන්ට් එකක් දාන්නත් කලින් ගල්මල් මට කමෙන්ට් එකක් දාලනේ... හී..හී...)
@Gordonia ceylanica
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි ඔබට
@ලොකු පුතා:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ සටහනට.
ඔබේ ඉසව්වේ කියවන්න ගොඩාක් තියෙනවා ඉක්මනට ආපහු එන්න ඕනේ ඒ පැත්තට.