බ්‍රහස්පතින්දා රැයක දෙගොඩහරිය පහුවෙනකම් ඉස්පාසුවක් නැති රූපවාහිනිය ද අද මලානිකව ඔහේ හිඳී. වෙනදා අල්ලාප සල්ලාපයෙන් ද වරෙක උණුසුම් වාද විවාද වලින් ද කාමරය දෙදෙරවන ඉලංදාරීන් අද කොහේ ගියාද මන්දා? කාමරය ඇතුළේ තියෙන රස්නයෙන් තෙරෙන්නේ සෑහෙන වෙලාවක් කවුරුවත් කාමරයේ හිඳ නැති බවයි. තවදුරටත් හිටගෙන ඉන්න බැරිය දැනුණ නිසාම ඒ.සී.ය ඕන්කර දහඩියෙන් තෙත් වූ ඇඳුම් පිටින්ම ඇඳ මත වාඩි වූයෙමි.
කෝල් කරන්න ඇත්තේ කවුරුන් වෙන්න ඇත්දැයි හිතන්න උත්සාහ කළෙමි. හදිස්ස්යකට ලොකු පුතා කතා කළාවත් ද?
තවානේ වැඩකළ කාලේ රටේ තිබුණ භීෂණයත්, වැඩ ඇරිලා එන අය තම කාමරයේ උන්නු සමරේ වටකරගෙන බීබීසී අහන්න ආ හැටිත්, නිතර අහන්න ලැබුණ තැන තැන දැවුණ තරුණ ජීවිත යනා දී අප්‍රසන්න මතකයන් ඔළුව තුළ හොල්මන් කරන්නට විය.
දෙදෙරුම් දෙමින් දුවන ඒ.සී.ය ඇති කරන කන්කරච්චලය ද වදයක් විය. ඇඳෙන් නැගිට අඩි කිහිපයක් ගිහින් එය නිමා දාන්න ඕනකරද... ඔන්න ඔහේ තිබුණාවි හිතුණි.
මුන් ඔක්කෝම එකයි... හැමදාම කරන්නේ තව කාව හරි කුලප්පු කරලා උන්ගේ වැඩේ කරගන්න එකයි. අපේ කොල්ලෝ කෙල්ලෝ නැහෙන්නේ...
සිමෙන්ති පෙළොවේ ඇතිල්ලීගෙන ඇරෙන දොර බරා...ස් ගෑ සද්දෙත් එක්කම කට්ටියම කාමරේට කඩාගෙන පැන්නාය.
"ජයසෝම අයියා බර කල්පනාවක වගේ... මොකෝ හෝම් සික්ද?"
කවදත් ජිවිතයේ බරක් නොදැනුණ ශාන්ත අහපු විදියට කවුරුත් හිනාවෙන්න පටන් ගත්තා.
"ඇයි බං අයියේ, මොකද වුණේ? උඹට අසනීපයක්ද? ප්‍රශ්නයක් ද?" අහමින් ඇවිත් පැත්තකින් වාඩි වූ රෝලන්ඩ් ඇහිබැමි රැළි කරගනිමින් මගේ නළලට පිටඅත්ල තියා බැලුවේ සැකයෙන් වගේය.
"කෑම එකත් ගැට ගහපු ගමන් මේසේ උඩ, උඹ දාඩියපිටින් තවම. ඇයි බං අයියේ?"
"විස්ස විද්‍යාලවල කලබලලු නේද?"
"ඕක ඉතිං අළුත් දෙයක් නෙවෙයිනේ අයියේ."
"ඒක නම් එහෙමයි. මේ බලහං රෝලෝ... මිස්කෝල් හතරක්ම. බස් එකෙන් බැස්සට පස්සේ මං දැක්කේ."
"අනේ බං අයියේ?" කියූ රෝලන්ඩ් ඇඟිලි විහිඳුවාගත් අත්ලෙන් දෙතුන්වර නළලට තට්ටු කරගත්තේ මුහුණේ පුංචි සිනාරැල්ලක් මතුකරගෙන.
"ඈ අයියේ, උඹට සමන් හම්බ වුණේ නැද්ද? සිවා කීපවරක් උඹට කතා කරන්න උත්සාහ කරලා තියෙනවා. බැරි තැන සමන්ට කතා කරලා තිබුණා."
"සිවා ඇවිල්ලද රෝලෝ?"
"පොඩ්ඩක් හිටහං බං අයියේ. ඒකා සඳුදා එන්නේ නැහැලු. තව සතියකින් නිවාඩුව දික් කරගෙන."
"ඒ කොහොමද?"
"ඕක අහන්න දෙයක්යැ අයියේ, සිවා ලංකාවට යන්න කලින්ම ආනන්දන් එක්ක ඒ ගැන ප්ලෑන් කරලා ඇති. ඕං උඹට තමා අයියේ තවත් සතියක් අදින්න වෙන්නේ."
"මදැයි."
"ඒ ගැන උඹට කියන්නයි සිවකාරයා ට්‍රයි කරලා තියෙන්නේ."
මටත් නොදැනීන එකපරටම එසවුණ පපුකූඩුව තත්පර කිහිපයක් හුස්ම අල්ලා පහත් වුනි.
"අප්පේ... උඹ එළියට දාපු හුස්මෙන් තෙරෙනවා අයියේ උඹ මොනතරම් ගිනි ගොඩක ඉන්න ඇද්ද කියලා."
"ඒක කියන්න වචන නැහැ රෝලෝ..."
"එච්චර ගිනිකකා හිටියා, උඹ කෝල් එකක් දුන්නේ නැතැයි හාමිනේට?"
රෝලන්ඩ්ගේ බැල්මද ප්‍රශ්ණකරන්නාක් මෙන් විය, ඒ අතරම හරිබරි ගැහී වාඩිවෙන්න හැදු මා දිහා බලමින්...
"අයියේ, ඇඳුම් හෙම මාරුකරගෙන කාලා හිටහං. අපි තේකක් බීලම කතා කරමු."
ඔළුවේ බරක් නිදහස් වූ හින්ද ද මන්දා වෙනදා මෙන් වතුරේ රස්නයක් දැනුණේ නැති ගානයි.
"අයියේ උඹේ කෑම එක පිළුන් වෙලා. රොටි දෙකත් වේලිලා ඇති, මං ඔම්ලට එකක් හැදුවා උදේට කන්න ගෙනා පාන් තියෙනවා අරගෙන කාහං. ශාන්ත මං වතුර එකක් රත්වෙන්න තිබ්බා, උඹේ ස්පෙෂල් ප්ලේන්ටිය දාපං මල්ලී. මාත් ඇඟ හෝදගෙන එන්නම්..."
කී රෝලන්ඩ් ඈත්වෙනකම් ඉඳ ඉක්මනට ඔම්ලට් එක්ක රොටියක් කෑවේ පාන් වලින් ගත්තොත් උදේට මදිවෙන්න පුළුවන් නිසාය. ළඟපාත කඩේක පාන් තියෙන එකක්යැ...
එක මත එක හයිකරපු බන්ක් බෙඩ් හත ඒ මේ අත හරවා සකස් කර කමරය වසර දෙකකට වැඩි කාලයක් අපේ නිවහන විය. පිරිස අතරින් වැඩිමල් දෙදෙනා වූ සිවා හා තමා වෙනුවෙන් ඇඳන් දෙක බා තනි ඇඳන් හැටියට සකස් කරදුන්නේ රෝලන්ඩ්ගේ යෝජනාව අනුවය. හදිසි නිවාඩුක් ගිය සිවාගේ ඇඳ හිස්ය.
අපේ ඇඳන් දෙක අතර යම්තම් එහා මෙහා වෙන්න පුළුවන් හිදැසකි. බිත්තිය අයිනට වෙන්න ඇති සිවාගේ ඇඳ මුල්ලේ දාම් ලෑල්ල හේත්තුකර ගමන්ම ඇත.
එකම කාමරයේ වෙසෙන දහහතර දෙනාගෙන් හය දෙනෙකු බ්‍රහස්පතින්දා වැඩ ඇරී එද්දීම තම ඥාති මිත්‍රයින් ඉන්න දිහා යනවා.
තරමක් පොඩි එනැමැල් පලඟානේ එක එක ප්‍රමාණයේ පොඩි වීදුරු අටක් තියාගත් ශාන්ත ප්ලේන් ටී කේතලයත් අනික් අතින් අරන් ආවා. කේතලයෙන් පිටතට එල්ලෙන තේ උරවල නූල් අඟ ලේබල් සැහැල්ලුවෙන් කැරකෙයි.
"මේ සමන් කොහේ ගියාද බං අයියේ..." අහමින් රෝලන්ඩ් ඇවිත් මා ඉදිරිපිටින් සිවාගේ ඇඳේ වාඩි වුණා.
වැඩියේ මහන්සිවෙන්න එතරම් කැමැත්තක් නැති සමන් පාඩුවේ කාමරේටවි ඉන්නා කෙනෙකි.
රෝලන්ඩ් උත්තරයක් බලපොරොත්තු වුණේ නැතිව ඇති, වීදුරුවලට තේ වත්කරන ගමන්ම...
"අයියේ අපිට අද මාර වැඩක් වුනාණේ..."
"ඒ මොකෝ රෝලෝ?"
"ඔන්න හවස් හතට විතර ආනන්දන් කඩන් පහත් වුණා. අල්-මදල්ලගේ මහගෙදර උත්සවයක්, ගේ සූදානම් කරන්න උදව්වට කියලා අපිව එක්කන් ගියා. හය දෙනාම එකතුවෙලා පැයක් විතර වැඩකරා කියමු. ඔන්න සන්තෝසෙට කියලා ඒකා එකසිය පනහක් දුන්නා."
"පුදුමයි!"
"ඔන්න අපි ආපහු එනවා, කට්ටියම ගොඩවුණා රෙස්ටුරන්ට් එකකට. ආනන්දනුත් කාපිය. අපි එකසිය විස්සක් ගෙවලා ආවා. ආනන්දන්ට තරුවක් එකතුවේවි, සිවාට නිවාඩු, ඒකාගේ වැඩ උඹට. අපිට වෙන්නේ මේවගේ වැඩ..."
තේ උගුර උගුර හිස්වෙද්දී...
හඳ එළියෙන් බැබළුණ බස් නැවතුම් පොළ ඉදිරිපිට දර්ශනය, රනේ කී ආරංචිය, මිස්කෝල් එකින් එක විස්තර කරන්න මට සිදුවිය විය.
"ඉතිං අයියේ එච්චර බය හිතුණේ ඇයි?" ඇහුවේ ශාන්ත
"මලයෝ ජයසෝම අයියා විතරක් නෙවෙයි බං විස්ස විද්‍යාල වල දරුවෝ ඉන්න හැම දෙමාපියන්ම එච්චර බයකින් ඉන්නේ..." උත්තර දුන්නේ රෝලන්ඩ්
"අපි උන්නද මළා ද කියලා බලන්න කවුරුවත් නැහැ." ශාන්ත කීවේ දුක්මුසු ස්වරයකිනි
"එහෙම කියන්න එපා ශාන්ත, මම තවානේ වැඩ කරන කාලේ රටේ තිබුණ තත්වය ගැන කතා කරද්දී මට දැනුනාට වඩා වෙනස් අද මට දැනෙන බය. අපිට නැතිවෙන්න දෙයක් නැහැ, ඒත් අපේ බලාපොරොත්තුව..."
"උඹට ඒ විදියට හිතුණේ ඇයි බං අයියේ?" ඇහුවේ රෝලන්ඩ්
"පෝය හඳ!"
"ඒ හඳේ වරදක් නෙවෙයි බං අයියේ, හඳ අපිට පේන විදියේ වැරැද්ද මිසක්."
වෙහෙසකර දවස නිමාකරමින් සනිටුහන් කර සතියක අග සැහැල්ලුවෙන් ගතකර ඔවුනට නිදි දෙව්දුව අතවැනුවා වෙන්න ඇති... විසිර ගියහ.
Image Credit: http://blog.lib.umn.edu
ජයසෝම බයවෙලා උන්නෙ තමන්ගේ දරුවා ගැනනෙ...කාරණය ඒක නෙමේ කියලා දැනගත්තට පස්සෙ ජයසෝම හිත සැහැල්ලු කරගත්තම ජයසෝමට දැනුන සැහැල්ලුව මටත් දැනුනා.....
ReplyDeleteමව් බිමෙන් ඈතට වෙලා තනියම ජීවත් වෙන අය එකා වගේ අනුන්ගේ දුක සතුට බෙදා ගන්නා ආකාරය අයියා ලියලා තියෙනවා හරිම තාත්විකයි....
මිනිහෙක්ට තනියෙන් ජිවත් වෙන්න බැහැ. රණ්ඩුවෙන්න හරි තමන්ගේ දුක සැප තේරෙන මිනිස්සු ටිකක් එක්ක ජිවත් වෙන එකේ වටිනාකම . හඳ දැක්කම මටත් මොකක්දෝ කාන්සියක් දැනෙනවා . ගමරට සිහි වෙලාද පුංචි කාලේ සිහි වෙලාද කියල හරියට පැහැදිලි නැහැ . සමහර දේවල් මෙහෙමයි හරියටම කියන්න බැහැ. ලස්සනට ගලපලා තියෙනවා .
ReplyDeleteකතාවේ පරිසරය අපෙන් බොහෝ දුරස්ථ උනාට එයින් මතු කරන හැගීම් අපි කාටත් සමීපයි. ඩීන් සොහොයුරා ලස්සනට කතාව ගොඩනගල තියෙනව. හොඳින් රසවින්දා.
ReplyDelete'විස්ස විද්‍යාල වල දරුවෝ ඉන්න හැම දෙමාපියන්ම එච්චර බයකින් ඉන්නේ...' අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්දක් නිසාද?
ReplyDeleteනියම කතාවක් යාළුවා.. මේ කතාවෙන් ගත යුතු දේ බොහෝමයි කියලා මට හිතෙන්නේ...
ReplyDeleteපළවෙනි කොටසින් පෙන්නුව ජයසෝමගෙ හිතේ නැගුණු සාංකාව, දුරකථන ඇමතුමේ සත්‍යය හෙළි වීමෙන් යටපත් වුණු නමුත්, ඒ වෙනුවට තව බර හුඟක් හිතට වැටෙනවා කියවන්නාට. අපට නුහුරු පසුබිමක ගෙවෙන නුහුරු දිවිපැවතුමක වෙළී ඇති කරදර හොඳින් පැහැදිලි කරනවා.
ReplyDeleteඅයියා හැමදාමත් උත්සාහ කරන්නේ මේ පරිසරයෙ අපේම මිනිසුන් කොටසක් විඳින දුක ගැන කියන්න නේද?
ReplyDeleteමට මතක් උනේ වරක් අපේ නිවසින් පාර්සලයක් එවා තිබුණා තාත්තලා ගේ ගෝලයෙක් අතේ. නමුත් ඔහු නිවාඩු ගොස් ආපසු පැමිණෙන විට ඔහුව අල් ඒන් ප්‍රදේශයට මාරු කර තිබුණු නිසා ඒ සේවා ස්ථානයටම අළුතින් පැමිණි ශ්‍රී ලාංකික සුළු සේවකයෙකුට දී ගිහින් තිබුණා. "මට රුපියක් විසි එක් දාහක් ලැබෙණව". ඔහු කථා කරේ සතුටින්. එතකොට ඔහු ඇවිත් මාසයක් වත් නැහැ. එක වැටුපක් ලැබී, එය ගෙවෙන විට ඒ මනුස්සයාට මොනවා හිතෙන්න ඇතිද? ලංකාවෙ ඉන්න අයට තේරෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට පිටරටක තියෙන තත්ත්වය. ඇත්තටම මෙහේ මුදලින් දිරාම් 700ක් ගන්න වෙහෙසෙන්න ඕනා තරම??? මෙහෙ ගැන හිතනවා නම් ඔය ගොඩනැඟිලි ඉඳිවන තැන්වල සේවයේ යෙදෙන පාකිස්ථාන් මිනිසුන් දකිනකොටත් දුකක් හිතෙන්නේ.
මට හිතෙන්නේ මේ කථාවෙන් අයියා උත්සාහ කරල තියෙන්නේ ජාති භේදයක් නැතුව, සමස්ථ මිනිසුන් ගැනම කියන්න.
@දිල්:
ReplyDeleteබොහෝ දේවල් වලින් ඈත් වූ ඔවුන් යම් යම් පොදු දේවල් අතළොස්සකින් බැඳිලා ජීවිතය ජයගන්න වෙරදරනනේ. ඒ වගේ මිනිසුන් ගැන පුංචි සටහනක විතරයි නංගී.
බොහෝමත්ම ස්තුතියි දිල් නංගී සටහනට.
පෝය හඳ එක එක රටවලට පේන්නෙ එක එක විදිහට.. ඒත් ඒ හඳේ වැරැද්දක් නෙමෙයි.. අපි දකින්නෙ එකම හඳ.. අපි ප්‍රශ්න දිහා බලන්නෙත් දකින්නෙත් විවිධ විදිහට...
ReplyDeleteජීවිත සටනින් ජය ගන්නට වෙර දරණ මුළු මිනිස් වර්ගයාම තම බලාපොරොත්තුව දරුවන් මත තබා.. ඔවුන්ගේ හෙට දිනය සටනින් ජයගැනීමට සන්නද්ධ කිරීම දරණ වෙහෙස සිත් වලට කැවූ සංවේදී කෙටි කතාවක්.. සුබ පැතුම් අයියට..!!!
හැම තාත්ත කෙනෙක්ගෙම මේ ගින්දර පපුවේ පත්තු වෙනවා මල්ලි, මට තාම මතකයි අම්මයි, තාත්තයි 83 ජූලි කලබල කාලේ අපේ ලොකු නංගි ලංකාවෙ, කලබලවෙලා හැම දවසකම කථාකලා. එහෙම තමයි දරුවන්ට තියෙන ස්නේහය දෙමාපියන්ගෙ. ඊයේ ලොකු පුතාගෙ චූටි පැටිය ටිකක් අසනීප උනා. අපි එයා නිසා රෑම නිදි නෑ. නොදැක ඉන්න කොට පත්තුවෙන ගින්දර වැඩියි නේ. ඒක මම නම් හොඳට අත් විඳලා තියෙනවා. කථාවේ කාමරය ඇතුලත හා පිටත සිදුවීම් හරිම තාත්විකව කියවෙනවා. ඉන්න අයගේ හැගීම්, කතා බහත් ඒ වගේ හරිම සිත ඇදගන්නවා. සඳ අදුරෙන් වැසී යන සේ හිතේ තියෙන අවිනිශ්චිත බව පෙන්වපු එක හරිම ලස්සනයි. ඔබට ජයම පතනවා.
ReplyDeleteගොඩක් අය කමෙන්ට් කරල දුක හිතෙන කතාවක්, දුක දැනුන කියල.ඒත් ඔය දුක තෙරෙන්න ඒ දුක විදින්නම ඔනේ.
ReplyDeleteකතාව ඉවර වෙනකම්ම හිට්ය කමෙන්ට් කරන්න,මේක කියවගන යද්දි මතක්වුනේ මගෙම අතීතය.කටුකන ජීවිත වල දුක දන්නේ ඒ ජීවිතම විතරයි.
බොහොම සංවෙදී නිර්මාණයක් ඩීන් අයිය.
@Bindi:
ReplyDelete/මිනිහෙක්ට තනියෙන් ජිවත් වෙන්න බැහැ. රණ්ඩුවෙන්න හරි තමන්ගේ දුක සැප තේරෙන මිනිස්සු ටිකක් එක්ක ජිවත් වෙන එකේ වටිනාකම./
ඒ අගය පුද්ගලිකවම හොඳට අත්විඳ ඇත්තෙමි. විශේෂයෙන් මැදපෙරදිග රැකියා කරන මෙවැනි අය රැකියාවේ දුෂ්කරත්වයත් ඊට නොදෙවැනි කර්කෂ පරිසරත් ජයගන්නේ ඒ මිනිසුන් අතර ඇති ඒ බැඳීම.
බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.
@පොත් ගුල්ලා:
ReplyDeleteඇත්තෙන්ම කතාවේ වටාපිටාව වෙනස් වුනත් අවස්ථාවන් අනුව මුහුණදෙන්න වෙන්නේ එකම "දුෂ්කරතාවය".
ඔබේ සටහන මට ගොඩාක් වටිනවා සොයුරා.
@Praසන්ன:
ReplyDeleteඑකකම නෙවෙයි ක්‍රම කිහිපයකම සංයෝගයක්වත්ද?
බොහෝම ස්තුතියි මිත්‍රයා, ඔබේ සටහන කවදත් අගේ.
(කවදාද අපිට අළුත් බ්ලොග් පොස්ට් එකක් දෙන්නේ)
@Dinesh:
ReplyDeleteඒක එහෙම නම් රචනයට දැරූ උත්සාහය ගැන මට සතුටු වෙන්න පුලුවන්.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@නලිනි චන්දිමා:
ReplyDeleteජයසෝමලා බොහෝ විට අරන් එන ප්‍රශ්ණවලට වඩා වෙනස් ප්‍රශ්ණ බොහෝමයක්ම අරන් යන අය. ඒත් එකිනෙකාට උර දී ගෙන ඔවුන් නොවැටී ඉන්න උත්සාහ ගනී.
බොහෝම ස්තුතියි නංගී ඔබේ විමසුම් සටහනට.
@හරී - පිණිපළස:
ReplyDeleteඔව් නංගී, බොහෝ විට පිටතින් බලන විට දකින්න නොලැබෙන තත්වය පෙන්වන්න ගත් උත්සහයක් කියුවොත් හරි.
අර පුද්ගලයා 700ක මුදලින් මොනතරම් දෙයක් නම් කරන්න වෙනවාද? මෙව්වර ලැබෙනවා කියන එක ඔළුවට දැම්මත් කොච්චර වියදමක් ඇද්ද නොදැන අමාරුවේ වැටෙන අයත් ඕනතරම්.
බොහෝම ස්තුතියි නංගී ඔබේ සටහනට
@Chandi:
ReplyDeleteඒ අත්දැකීම කතාවේ මතුකරන්න උත්සාහ කර තත්වය තවත් ඉස්මතුකර පෙන්නුවා. බොහෝම ස්තුතියි අක්කේ ඔබේ සටහනට, මේ ඇගයීම් කවදත් වටිනවා, ශක්තියකි.
@නන්දු:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි නංගී සටහනට.
ඔබේ අත්දැකීම හා ඉදිරිපත් කිරීමේ හැකියාව එකතු කර වඩාත් රසවත් පොස්ට් කරන්න ඔබට හැකියාව තියෙනවා නන්දු. ඉදිරියේ දී ලස්සන පොස්ට් ගොඩාක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා නංගී.
@කස්සා:
ReplyDeleteඒ අත්දැකීම් වචන කරනවා නම් පොස්ට් සියගානක් කරන්න පුලුවන් නේද මල්ලියේ.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
රෝස කුමාරි හා සයුරි සොයුරියන් ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDelete