Saturday, December 18, 2010

පාලමේ හැඩ


උස් පහත් පොළොවක
එතෙර මෙතෙර තැනින් තැන
සිරසට එසවුණ මහ කුළුණු
තිරසට යාකර තැනෙන පාලම
දෙපැත්තක අත්වැට

කුළුණු අතරින් ගලන
දිය දහර මද පවන සැඩ සුලඟ
ඔරු පාරු මහ නවුකා ද
පාලම උඩින් පේලි සැදී
යති එති රිය පෙරහැර

කුළුණු පාමුල රොක්වෙන රොඩු
පොළෝ තලයේ වෙනස්කම්
කුළුණක පිහිටුම සවිබලය
වෙනස් කළොත් හැඩය
වෙත් ද පාලමක්...

12 comments:

  1. ඔබ තුමාගේ අදහස නම් හරියටම තේරුනේ නැතුව වගේ මට නම්.

    කොහොම නමුත් අනික් අයගේ නිදහස් ගමන් මාර්ගය හරස් කරන ගඟක් හරහා ඒ අයට උඩින් යන්න හදන පාලමක කනුවක් වෙන්න පුලුවන් නම් කෙනෙකුට ඒක ජීවිතයේ උස්සස් පරමාර්ථයක්..

    මේ කවියේ මට දැනුනු අර්ථය විදිහට ඒක අරගෙන එහෙම කනුවක් වෙන්න උත්සාහ කරන්නම් ඩීන් . . .

    ReplyDelete
  2. හ්ම්,මට තේරුණු විදිහට පාලමකින් අපමණ ප්‍රයෝජන ගන්න අපි,ආවඩන්නෙ පාලමට. ඒත් පාලම දරාගෙන ඉන්න මහ කුළුණු ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ,,, ඕක පොදු දහමක් අයියේ,,ඒ තමයි අපේ හැටි

    ReplyDelete
  3. ඇත්තෙන්ම ‍එහෙම වුණොත් පාලමක් තියෙයිද?

    ReplyDelete
  4. පාලමේ හැඩ නෙම්වෙයි මෙයා..බලන්න ඕනෙ වැඩ..

    සුලා..

    ReplyDelete
  5. @දුකා:
    පාලමක කණුවක් වෙන්න ඇත්නම්... බොහෝම ඉහලයි මහත්මයෝ අදහස. ඔබ මේ වෙන විටත් පාලම් ගනනාවකට උරදෙන කණුවක් වෙනවා නොඅනුමානයි.

    පදපෙල ගැන අර්ථ දැක්වීමක් කරන්නම්...

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  6. @හරී - පිණිපළස:
    ඔබ පදපෙල විමසූ කෝණය හරිම ලස්සනයි. ඒකකයක් හැටියට පාලමක් නිසා මිනිසුන් ඒ විදියට බැලීමේ වරදක් ද නැහැ කියලා හිතුනා.

    පදපෙල ගැන අර්ථ දැක්වීමක් කරන්නම්...

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  7. @``` Outsider```:
    මං මතුකරන්න උත්සාහ කල පණිවුඩය ඔබ හරියට ග්‍රහණය කලා.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  8. @සුලා:
    මල්ලියේ පාලමේ වැඩ සමස්ථයක් හැටියට වටින හා අගයන නිසා පාලමේ හැඩය (ලස්සන නෙවේ shape of the bridge) ගැන උනන්දු වෙන් ඇතිවූ අදහසක් මුල්වුනා පදපෙලට.

    ReplyDelete
  9. නොයෙකුත් සාධක නිසා වෙන් කෙරුන බිම් කඩ දෙකක් නැතිනම් දෙපැත්තක් එක් කර විහිදෙන ව්‍යුහය පාලම. ගංඟා, කඳුවැටි, මුහුදු තීරයකින් වෙන්වූ ගොඩබිමක් වැනි දුරක්, නූතන මහා මාර්ග එක් කරන ආදී විවිධ පාලම් දක්නට ඇත. ගුවන් මගීන් යානයට ගොඩවෙන්න, බැසයන්න සලසා පර්යන්තය හා එක් කරන්නේ ද පාලමය. මොන කාර්යය සඳහා තැනුවත් පාලමේ පිහිටීම, ස්වරූපය (හැඩය) හා සවිය එය පාවිච්චි කරන්නන්ගේ ක්‍රමවත් ගැලීමට, ආරක්ෂාවට හා සුබසිද්ධියට බෙහෙවින් ම වැදගත්ය.

    නෙයෙකුත් පරිසර තත්වයන් මත ඉහළට ඔසවාපු ලොකු කණු, ඒ අතර එකිනෙක හැඩයට තිරසටත්, ඒ මේ අතටත් ක්‍රමවත්ව යාකරන පොඩි කණු යනාදියෙන් සැකසුන ව්‍යුහය පිටතට නොපෙනෙන බොහෝ බන්දන වලින් එකතු කර තියෙන්නේ. දුෂ්කර පොළොවක උඩට එසවුනු කණුවල පැවැත්මට පොළොවේ පිහිටුමට අනිවාර්යයි. මහා බලැති යෝධ කණු පිටතට පෙනෙන පාලම දරද්දි, ඒවා පාමුල පල්වෙන මෙන්ම රැලි නඟා ගලන වතුර කණු අවට ජරාවාස කරනවාට වඩා කණුවක් තුලට කාන්දුවී වනසන්නත් ඉඩ තියෙනවා. කණු අතරින් යනෙන විවිධ වාහන හැපීමෙන් කුළුනක් කැඩී බිඳ ගියොත්? එක කණුවක වෙනස පාලම ස්වරූපය (හැඩය) වෙනස් කරන්න පුලුවන්. කණු උස්පහත් වීමෙන් හැදෙන පල්ලමක් පාලම මත අනපේක්ෂිත කම්පනයක් ඇතිකරන්න පුලුවන්. ඉන් දුබල පාලම වුනත් බලපාන්නේ පාලම පාවිච්චිකරන අයට.

    එමෙන්ම විවිධ විෂයන්ට අදාලව "පාලම්" බොහෝය, වෛද්‍ය විද්‍යාව අනුව මිනිස් නහයක උඩ කොටසේ දෙපැත්ත වසා දිවෙන පාලම, ඇස් කන්නාඩියක දෙපස එක් කරන්නේ පාලම.

    සමාජීය වශයෙන් දකින්නට පුලුවන්; සම්බන්දතා, ඇති-නැති, දැණුම, අධ්‍යාපන ආදී නොයෙකුත් පරතරයන් තුනී කරනන්න, නැති කරන්න හෝ යාකරන්න, පුරවන්න දරන ප්‍රයත්නය ද භෞතික නොවන පාලමකි (bridge). ඒ පුළුල් පාලම තනන්නෝ පාලමක කුළුණුය. ඉහත කී ලෙස මෙම කුළුණුවල පිහිටිම ද මෙකී සමාජීය වශයෙන් සංවේදී පාලමේ පිහිටුමට බොහෝ වැදගත්ය. ඒත් විවිධ හේතූන්, රුචි අරුචිකම් නිසා මෙකී කුළුණු ඇලවුනොත් බිඳ වැටෙන්නේ අපේ සමාජය ගොඩ වියයුතු, ගොඩකර යුතු පාලම්ය. එතැනයි "පාලමේ හැඩ".

    ReplyDelete
  10. ගල්මල් අඩවියට පියාසැලූ පුංචි සමනලිය - නිති නංගී සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  11. චන්දිමාJanuary 20, 2011 at 5:40 PM

    බොහොම ස්තුතියි අය්යගෙ පැහැදිලි කිරීමට. ඇත්ත තමයි. වෙනස් යුගලයන් සම්බන්ධ කරන පුරුකක පාදමට හානි වුවහොත් එතන ලොකු විනාශයක්. අර සම්බන්ධතා සේරම බිඳ වැටෙනවා.

    ReplyDelete
  12. @චන්දිමා:
    බොහෝම ස්තුතියි නංගී තවත් වැදගත් විමසුමක් එක් කලාට.

    ReplyDelete