Monday, November 29, 2010

ඔබේ රිද්මය මගේ රිද්මය


දුවලා අහුමුලු හැම තැන
දුබලා ආ එක් කර ගෙන
විදලා පෙනහළු මානෙ යවන
සලනා විඩාව දුරුලන පවන
පිලිගෙනා බලැති රුහිරු

හැකිලී විසිරෙන විසිරී හැකිලෙන
ලබ් ඩබ් හඬ ඇති කරමින
බෙදලා යවන හරි හරියට ජීවය දෙන
විශ්මිත පුංචි පොම්පය හදවත මම

මොහොතක විරාමයක් නැති
නුඹ දුවන්නේ කොහොමද
මහන්සියක් නැතිවා මගේ සකි
රැකගෙන රිද්මය හරි හැටි

මග බලනා ලොකු පොඩි අය එමටයි
ඇදෙන්නට දුර බෝමයි
පමාවුනොත් මැලවෙනවා නිසැකයි
විරාමයක් ගන්නට බෑමයි

මෙතුවක් කල් මට අත දුන්න
තවත් කලක් මට අත දෙන්න
මල් පොඩි අතු අග ලෙලදෙන්න
ඔබේ රිද්මය මට රැක දෙන්න

මග තොට බාධක මතුවීම
මා වෙහෙසන බලපෑම
පොඩ්ඩක් වෙහෙසී එය වලකන්න
මගේ රිද්මය ඔබ රැක දෙන්න

ප.ලි:
පද කාණ්ඩ හදවත හා පුද්ගලයා අතර දෙබසක් හැටියට ඉදිරිපත්කර ඇත. පලමු කාණ්ඩ දෙක හදවත තමුන් ගැන ද එතැන් සිට මාරුවෙන් මාරුවට පුද්ගලයා හා හදවත අතර සිදුවන සංවදයයි.

9 comments:

  1. හැබෑට මේ මොහොතෙත් ගැහෙනවා නේද?
    හැම මොහොතම මා වෙනුවෙන් ගැහෙන,
    මට වැඩියෙන්ම අමතක වෙන,
    ..........

    ReplyDelete
  2. උඹේ හදවත "ගැහෙන රාවය" මේ අඩවියට යන එන ඔක්කොවම හොඳින් හඳුනනවා සහෝදරයා...

    සුලා..

    ReplyDelete
  3. මිනිසා නොසලකිල්ල නිසා රෝගී වෙන හදවත.

    හදවතක ආයාචනය ලස්සනයි.

    ReplyDelete
  4. @Princess Thushy:
    උපන්දා පටන් වෙහෙසෙන පුංචි හදවත.
    බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් තැබුවාට.

    ReplyDelete
  5. @Charmi:
    විවේකයක් ඉල්ලන්නේ නැතිව ගැහෙන, එහෙත් අපිම නොසලකා හරින පුංචි යාළුවා...

    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, බොහෝම ස්තුතියි මොහොතක් නැවතී සටහනක් තැබුවාට.

    ReplyDelete
  6. @සුලා:
    අපි වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන විශ්මිත පොම්පය. අපි මොනතරම් නොසලකා හරිනවද වෙලාවකට... මෙච්චර බැටකකා ඒකා දුවන එකත් පුදුමයි මලේ.

    බොහෝම ස්තුතියි වැඩ රාජකරි අතර මේ පැත්තට එබීබලා ගියාට.

    ReplyDelete
  7. @නෙල්ලි:
    කැමැත්තෙන් ම බොන දුම, බොන්නේ නැතිව වදින දුම, නොයෙකුත් කෑම හා බීම පුරුදු නිසා හදවත බැට කන එක ඇත්ත.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  8. ගල්මල් අඩවියට අලුතින් එක්වූ "රතුගමයා" සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete