Thursday, November 25, 2010

කට රතු


බුලත් කොළය පිරිමැද
පුවක් දුම්කොළ
හුණු ඇබින්දක් එක්කර
හැකි පුලුවන් උදවිය
කරදමුංගු වසාවාසිත් ගෙන
රස කර හපමින
චුරුස් ගා විද විද
පැල්ලම් ඇති කර
හපය ඉවතලන
වියැකෙන තුරු පැහැය
කට රතු දොඩවන

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔන්න ඕකම තමයි අපේ ලොක්කා ජෙප්පන්ට කලෙත් මචන් . . .

    හික් හික්

    මුලින් උන්ව අතගාලා ඉඹල උන්ලව්වා උඩට නැග ගත්තා . .

    පස්සේ උන්ගේ පුකට පයින් ගහලා හපේ වගේ විසි කරලා දැම්මා. . .

    දැන් ලොක්කා උපන්දා ඉඳන් සමාජවාදියෙක් වගේ රතු කතා කිය කියා

    යූ එන් පී කාරයින්ටත් වැඩිය ප්‍රතිගාමී වැඩ තමයි කොරන්නේ ඕන් . .

    ReplyDelete
  3. පදගොතන පිස්සෝ...................

    ReplyDelete
  4. @දුකා:
    අපේ රටේ දේශපාලන ඉතිහාසය ගත්කල පොදු මිනිහා ගැන හිත්න්න පුලුවන් මානව හිතවාදී දේශපාලකයෝ හිටියේ කිහිප දෙනෙක් විතරයි. බහුතරය කලේ ද කරන්නේ ද බුලත් විටක් කාල රතෙන් දෙඩවීම විතරයි. කවුරුත් කලේ මහජනතාව හපයක් කිරීමයි.

    බොහෝම ස්තුතියි යාළු ඇවිත් සටහනක් තැබුවාට.

    ReplyDelete
  5. @Anonymous:
    මහත්මයා/මහත්මිය පදපෙල පැත්තකට බරවූ හිතකින් බලලා ඇති වගයි ඔබේ සටහනින් පෙනී යන්නේ. මේ නිර්මාණයෙන් ගෙනෙන්න උත්සාහ කලේ මොන කුඩයක් දරා සිටියත් තමුන් ජනතා සේවක යැයි පෙන්වමින් මහජනයා විටක් සේ අරගෙන හපලා, හපලා සාරය අරගෙන හපයක් සේ ඉවතලා දෙඩවිල්ලට විතරක් රතු කට සීමා කිරීම ගැන.

    නිර්මාණකරුවෙක් දකින දෙයක්, දැනෙන දෙයක් මුල් කරගෙන කරන ඉදිරිපත්කිරීම පමණක් අයට පිස්සුවක් හැටියට දැනෙන්න පුලුවනි. ඒ ඔහු/ඇය දුවන්නන් වාලේ නොදුවා නිර්මාණයක් තුලින් වෙනස් විදියට හිතපු නිසා වෙන්න ඇති. ඒ පිස්සන් ගේ නිර්මාණ පාට කන්නාඩි නැති පැහැදිලි ඇහින් දකින්න පුලුවන් නම් පිස්සන්ට ලේබල් එල්ලන "නිරෝගී" උදවියටත් යම් පිහිටක් වේවි.

    කොහොම නමුත් නිර්ණාමික වුනත් ඔබේ සටහන අගේ කරමි, ස්තුතියි.

    ReplyDelete
  6. tnx deen . ..
    ane me anolaa gana wada wenna epaa amchan . . un paw

    ReplyDelete
  7. ලස්සන නිර්මාණයක්
    වගේම ඒකෙන් විවිධ පැතිකඩ හිතන්න වලින් පුළුවන්
    දේශපාලන යේදි පොදු සංසිද්ධීයක් වගේම මේ විදිහට තම ප්‍රයොජනයට ගෙන හපයක් ලෙස ඉවතලන වගේම රතු වෙච්ච කටෙන් පුරාජේරු දොඩවන්නේ වෙනත් ක්ෂේත්‍ර වලත් දකින්න පුළුවන්
    ජය පතනවා මේ නිර්මාණයට
    (නිර්නාමිකව එන අයටත් මේ කවිය මනාව ගැලපේවි යාළුවා- හික් හික්)
    දිගටම ලියමු
    "ජය"

    ReplyDelete
  8. @සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
    බොහෝම ස්තුතියි ඔබේ විමසුමට.

    ReplyDelete