Tuesday, November 9, 2010

දෑතේ මිණි කැට


උදැල්ල රැඳි ගොවිරජු
ලීයට පණ දෙන කැටයම්කරු
කෙන්දෙන් සියුම් දම් ගොතනා රන්කරු
රළු කළු ගල් හැඩ කරනා ගල්වඩු
යකඩ තලා හැඩ මවනා කම්මල්කරු
දහඩිය හෙලා උපයන සම්මානය
දෑතේ මතුවන මිණි කැට
රළු කරගැට

10 comments:

  1. ගොඩක් වෙලාවට මේ ජීවිත වලට ලැබෙන්නෙ ඔය සම්මානය විතරමයි,,,,,,,,

    ReplyDelete
  2. ඔවූහු දෙවිවරුය...
    "පොලොව කොටන තැන ..පාර හදන තැන...
    ගිණියම් අව්වේ..මහ වරුසාවේ..දෙවියෝ වැඩ ඉන්නේ..."

    පුටු රත්කරන මේ අපිවගේ ඈයිංට මේක නොතේරෙන එකයි වැරැද්ද...
    නැද්ද මං අහන්නෙ..???

    සුලා..

    ReplyDelete
  3. කරගැට නැගෙන තෙක් දාඩිය දා හැපුනු
    දිරිමත් දෑත් වල කවදද මල් පිපෙනු
    සිරිමත් බලවතුන් අතලොස්සක ‍රැදෙනු
    පින නම් "කරගැටයි" මේ අත් වල හැදුනු

    ReplyDelete
  4. @හරී - පිණිපළස:
    දෑතේ මහන්සියෙන් වැඩ කරන අයට කෙරෙන සැලකිලි මදියි එහෙමත් නැතිනම් ඇත්තෙන්ම නැහැ. අපේ අත්කම් නිෂ්පාදන ඉතා දුෂ්කර කාලයක් ගෙවා පණ ලබමින් සිටින සංචාරක කර්මාන්තය දෙස බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒත් අද වැඩිහිටි උදවියට සීමාවූ අත්කම් කර්මාන්තය, ඒ පරපුරත් සමඟම අභාවයට යන්නත් බැරි නැහැ.

    මැයි 2010 කල නිර්මාණ දෙකක තවත් විස්තර ඇත:
    බීරළු රේන්ද කලාව - Galle Lace
    අපේ අත්කම් කලාව - Our Handicraft

    බොහෝම ස්තුතියි නංගී සටහනට

    ReplyDelete
  5. @සුලා:
    ඒ ගැන තේරුම් ගන්න අවැසි උදවිය තෙරුමක් නැති විදියටත්, තෙරුම් ගන්න පුලුවන් උදවිය කිසිත් කරන්න බැරිව ඉන්නවා. අද මුළු ලෝකය පුරාම තත්වය අඩු වැඩියෙන් මෙයයි.

    ReplyDelete
  6. @විහඟ ගීතය:
    රළු කරගැට වුවහොත් මිණිකැට
    වීදුරු කපතෑකි දියමන්ති කැට

    ReplyDelete
  7. අපූරුයි
    මෙන්න විදිනව නම් ජීවිත!
    ඒත් අලස කමට ඇලුන අපි මේ සැබැ රන් දහඩිය හෙලන්නන්ට වඩා සිහින ලොකෙක නේද මේ සව්දිය පුරන්නේ අපි දිනුම් කියලා හිතාගෙන?
    මේ අයයි දිනුම් ( සල්ලි තරාතිරම කියන රාමුවෙන් පිට පැනලා හිතුවොත්!)

    ReplyDelete
  8. මගේ සහෝදරයා,සහෝදරිය සහ පුංචි පැංචියන් දෙන්නාටත්....

    ඊද් මුබාරක්!!!!!!!

    අල්ලාහ් දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා....!

    සුලා...

    ReplyDelete
  9. @සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
    ඔවුන් ගත වෙහෙසා වැඩකර ජීවිතය විඳිති, ආර්ථිකයෙන් විඳවති.
    තවත් කොටසක් සිත වෙහෙසා වැඩකර ගත අලස කර විඳවති, ආර්ථික යන්ත්‍රය ඔවුනට විදිති.

    සීසෝවේ දෙපැත්ත! ම සමාජයට උවමනාය.

    මේ පැත්තට ගොඩවීමට ගැන බොහෝම සතුටුයි, ස්තුතියි .

    ReplyDelete
  10. @සුලා:
    බොහෝමත් ම ස්තුතියි, අපේ සහෘදයන්ගේ පැතුම්, ආශීර්වාදයන් අපිට ගොඩාක් වටිනවා.

    ඔබටත් වැඩ ගොඩින් පොඩි විරාමයක් ලැබෙන්න ඇතැයි සිතනවා.

    ReplyDelete