Monday, October 18, 2010

කෙහෙල් මලේ


රුවක් නැතුවට බඹරුන් කැන්දු
පලක් නොවුනිද මන්ජරි රැන්දු

පෙති නැතුවට මුදු සිත් බැන්දු
මති නොවුනිද මීයට මන කැන්දු

පලක් නැතුවට කෙහෙම් මල තෙපලු
මලක් නොවුනිද කෙහෙල් මල පලලු


සටහන:
පල හටගන්නේ පුෂ්පයකින් හෙවත් මලකිනි. එතකොට කෙසෙල්, එයද පලයකි. කෙසෙල් පල හටගන්නේ කෙසෙල් මල් වලින් විය යුතුය. එහෙත් කෙසෙල් මලේ කතාව වෙනස්ය.

අනික් මල් මෙන් නොව කෙසෙල් මලෙහි එක විට හැම පැත්තටම දිගහැරෙන, සිත් ඇඳගන්නාසුළු මුදු පෙති නැත. ඒත් ඒ දිගහැරෙන ගනකමින් යුත් පෙත්තක් කෙසෙල් ඇවරියක් ඇති කරන්න තරම් සමත් මල් සමූහයක් දරයි. උද්භිද විද්‍යාත්මකව ඒ මල් සමූහය වසා සිටිනා පෙත්ත සාමාන්‍ය මලක පහලින් ඇති කොලපැහැ කොටස හෙවත් මනිපත්‍රයක් ලෙස සැලකේ.

ගනකම්, දම්පැහැ පෙතිය පිටතට රෝල්වී දිගහැරෙන්නේ චූටි කෙසෙල් ගැට පේලි දෙකක් පිටතට නිරාවරණය කරමිනි. කෙසෙල් ගෙඩියක් හටගන්නට පරාගනය අවැසි නැතත් බඹර පහස තිළිණ කරන්න අදහසින් වෙන්න ඇති සොබාදහමින් මලේ ඇඟිලිති වල පැණි පුරවා තියෙන්නේ; බඹරුන්, මී මැස්සන්, ලේන් යාලුවෝ ගෙන්වා ගන්න විකල්ප ක්‍රමයක් (මතිය) හැටියට.

කෙසෙල් ඇවරි පලදරන සාරවත් ඇඟිලිති කෙසෙල් ගැට ලෙස පිටතට ගෙනාවාට පසුව කෙසෙල් කැනේ දණ්ඩ දික්වී ඉතිරි නිස්සාර ඇඟිලිති දරන පෙතිවලින් වැසුන කෙහෙල් මුව ඈත් කරන්නේ ඒවා වඳ සේ විද්‍යාත්මකව සලකන නිසාවත්ද? සමාජයේ පවතින ගැහැටකාරී පුරුද්දක ආරම්භය සනිටුහන් කරමින් ද?

ලංකාවේ විවිධ ප්‍රදේශවල කෙසෙල් මල, කෙහෙල් මල, කෙහෙල් මුව කියන නම් වලින් මෙ මල හඳුන්වනවා. ඒ අතරම කිසිදු වැදගැම්මකට නැති දෙයක් හඳුන්වන්න පොදු ජන වහරේ කෙහෙම්මල කියන වචනය පාවිච්චි කරනවා. පමණක් ප්‍රදේශවල කෙහෙම් මල කියන්නේ කෙහෙල් මුව යන්න බව අසා තියේද?

කෙහෙම්-මල කෙසේ වෙතත් සරු කෙසෙල්-මල පල දරන්නකි.

ඉතිරි වන කෙහෙල් මුවය/කෙහෙල් මුහය ද රස කෑමකි.


ඉංගීසි බසින් කෙහෙල් මුවය/කොහෙල් මුහය යන්න Banana Heart යැයි කියැවේ.
ජනවහරේ යෙදෙන කෙහෙල්මල වචනය ගැන සෙවීමේ ප්‍රයත්නය කාලෙකට පසුව උද්භිද විද්‍යාත්මක කෘතීන් කියවීම කරා දිග් ගැස්සුනා.

මීට වඩා වෙන්ස අදහසක් ඇතිනම් කරුණාකර බෙදා ගන්න.

3 comments:

  1. හැම කෙසෙල් ජාතියෙම මල් කන්නෙ නැහැ නේද? ඇත්තටම ඇයි පලක් නැති දේට කෙහෙල් මල කියන්නෙ? හැමදාමත් වගේ අයියගෙ සටහන් වලින් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි,,,,,,

    ReplyDelete
  2. ඔබ සැමට ඇරයුමක්!

    පතොක් යාය ට පියනගමු...

    දකුණත පැත්තේ ඇති Views counter පහලින් දී ඇති ලින්ක් එක මගින් යාවිය හැකිය

    http://cactus-sl.blogspot.com/

    ReplyDelete
  3. @හරී:
    ලංකාවේ නම් ජාති අනුව කෙහෙල් මුව තොරාගන්නවා වුනත් ඉන්දියන් අය නම් ඒ වගේ බේදයක් නැහැ. බොහෝවිට මාකට් එකේ ගන්න තියෙන්නේ ඒවගේ ඒවා වෙන්න ඇති.

    නැගෙනහිර ආසියාතික රටවලට අයත් කෑම වට්ටෝරුවල කෙහෙල් මුව ඉහළ තැනක් ගනී.

    ReplyDelete