Saturday, September 18, 2010

මෙට්‍රික් නොවූ කල


සටහන:
අද භාවිතයේ ඇති කිරුම් මිණුම් සඳහා යොදා ගන්න ක්‍රමය මෙට්‍රික් ක්‍රමය ලෙස ප්‍රකටය. මෙට්‍රික් ක්‍රමය ක්‍රි.ව. 1791 සිට ප්‍රංශයේ භාවිතා වූ බව කියැවේ. 60 දශකයේ දී මෙට්‍රික් ක්‍රමය සම්මත අන්තර්ජාතික කිරුම් මිණුම් ඒකක හෙවත් අන්තර්ජාතික ඒකකය (ISU - International System of Units) ලෙස පිලිගෙන ඇත. ප්‍රංශ බසින් Système International d'Unités ලෙස යෙදෙන බැවින් මෙම ක්‍රමය SI ඒකකය ලෙසත් සඳහන් වේ.

1970-80 කාලය තුල දී ශ්‍රී ලංකාවේ කිරුම් මිණුම් ඒකකය ලෙස මෙට්‍රික් ක්‍රමයට මාරු වූයේ ඉන් පෙර යොදා ගත් බ්‍රිතාන්‍ය ඒකක (imperial units) ක්‍රමයේ සිටය.

ඇමෙරිකා එක්සත් ජනපදය, බුරුමය හා ලයිබීරියාව යන රටවල් තුන හැර ලොව පුරා කිරුම් මිණුම් ඒකකය ලෙස මෙට්‍රික් ක්‍රමයට අනුගතව ඇත.

මෙට්‍රික් ක්‍රමයේ සම්මතය අනුව සෑම ඒකකයක් ම දහයේ පාද වලින් දැක්විය හැකිය. ඒ සම්මතයේ පිහිටා මිලිතත්පර, කිලෝතත්පර හඳුන්වා දීමට විද්වතුන් උත්සාහ කරද එම ඒකකයන් යොදාගෙන ස්වභාවදර්මයෙන් සැකසුන දිනය ගොඩනැගීමට සමත් නොවූහ.

කාළය මැනීමේ ඒකක ක්‍රමය හැර සෑම ඒකකයම මෙට්‍රික් විය.

නිර්මාණයේ සඳහන් ගලපන්න යන වචනය හැඩගැස්සීම, adjust කිරීම යන අරුතින් යොදා ඇත.

10 comments:

  1. මගේ සොඳුරු දාර්ශණිකයාගෙ හදවතේ මේ විශ්වය පිළිබඳ වූ පරිකල්පණයේ පරාසය....!!!

    ආහ්..අනර්ඝයි අද්වතීයයයි මගේ සහෝදරයා...

    ReplyDelete
  2. ඇත්තම නොවෙන්නම්,,,, මම ගුරුකම් කරන කාලෙ මේ සටහන දැක්කා නම් තියෙන අගේ අප්‍රමාණයි අයියේ,,බොහොම පින් මේ කරුණු කියාදුන්නාට

    ReplyDelete
  3. මචන් උඹේ බ්ලොග් සටහන් වල අගය කියලා නිම කරන්න බෑ මචන් සිරාවට . . . එදිනෙදා ජීවිතයේ ලඟින්ම තෙයෙන භාවිතා කරන නමුත් එහි අක්මුල් ගැන උඹ මේ කරන හෙලිදරව් හරිම ප්‍රයෝජනවත් . . .. උඹට ජය

    ReplyDelete
  4. මට කවදාවත් ඔය මෙට්‍රික් නොවෙන ඒකක මතක හිටින්නෙ ම නෑ,

    ReplyDelete
  5. @ඇනෝ:
    විද්‍යාවට මාරු කරන්න අමාරු වුන තැනක් නොවැ.
    බොහෝම ස්තුතියි මල්ලියෝ සටහනට.

    ReplyDelete
  6. @හරී:
    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  7. @දුකා:
    මේ විශ්වය ගොඩාක් සුන්දරයි යාළු, මිනිසුන් සුන්දර වැඩි හින්ද ද මන්දා විශ්වයේ සුන්දරත්වය පරයා නැගී සිටින් තරඟයක. ඒ නිසා එක් සුන්දරත්වයක් පරාජය වෙනවා - වැනසෙනවා, අභාග්‍යයකට පරාදින්නේ හැම විඳ ගන්න සොබාදහම.

    ඒත් සොබාදහම පරාජය කරන්න බැරිවූ තැනක් තත්පර-මිනිත්තු-පැය-දවස ලෙස පැවතෙන කාලය මනින ඒකක.

    ලංකාවේ මෙට්‍රික් ක්‍රමය ස්ථාපිත කරන්න කාර්යාංශයක් පිහිටෙව්වා. 1976 දී අපේ පාසැලේ (ගල්ලේ රිච්මන්ඩ්) සියවස සැමරීමට පැවත් වූ ප්‍රදර්ශණයේ දී මෙකී කාර්යාංශය ලොකු සේවයක් කලා ජනතාව දැණුවත් කිරීමට. එදා මං 8වන ශ්‍රේණියේ, මං අහපු ප්‍රශ්ණයක් ඇයි කාලය මනින ඒකකය වෙනස් නොකරන්නේ කියලා. අදටත් ඒ ප්‍රශ්ණය ප්‍රශ්ණයක්.

    ඒ කාර්යාංශයේ සාර්ථකත්වය කොපමණ ද කියනවා නම් අදටත් බලවතා කියන ඇමරිකන් ඔලුවලට මෙට්‍රික් ඇතුලත් වෙලා නැහැ, අපේ රට මෙට්‍රික් වූයේ 80 දශකය ලබද්දී.

    ReplyDelete
  8. @චේජනා:
    මෙට්‍රික් නොවන ඒකක මතක තියාගන්න අමාරු තමයි. එති ඉතිං තත්පර-විනාඩි-පැය පාවිච්චිය අත අරින්න බැහැ නේද?

    ReplyDelete
  9. මෙට්‍රික් ක්‍රමයේදී තත්පරයක්
    සෑදීමට නැනෝ තත්පර කීයක් අවශ්‍ය වේද?

    ReplyDelete
    Replies
    1. 1,000,000,000 ක් හෙවත් බිලියන එකක්

      Delete