Monday, July 5, 2010

ගිලුන හඳ


පැතුම් බිඳක් දෝත ගෙනාවා බන් කී හඳ
ග්‍රහණයට හසුවී ලොව අඳුරේම ගිල් වූ හඳ
බටහිරින් ආයේ දිලෙන්න දඟලන ඒ හඳ
නූලේ පැටලී ඇඟිල්ල දික්කරන වා හඳ



සටහන:
නිර්මාණයෙන් කියවෙන්නේ මෙ දිනවල ශ්‍රී ලාංකික අපගේ පිළිකුලට බඳුන් වී ඇති අප්‍රිය හඳ ගැනයි.

කරුණාකර මේ හා සම්බන්ධ ඉංග්‍රීසි බසින් රචනා කල මගේ නිර්මාණය Eclipsed Moon-ග්‍රහණයට හසුවූ හඳ කියවන්න.
http://amazingspring.blogspot.com/

22 comments:

  1. මචං, මේක කියවනකොට මට මතක් වෙන්නෙ, අර ඇඹරැල්ල පොලු වලින් ගහල බිම දාපු හඳ ගැනමයි . . . . !

    මොක උනත් උගේ නමේම තියනවනෙ "බෑන්" "කී මූන්" කියල. ඉතින් ඌව සදහටම "බෑන්" තමා . . . !

    ReplyDelete
  2. සිරා කතවක්...පද අතර සැගවිලා තියනවා..

    ReplyDelete
  3. හහ් හා අයියේ අයියේ
    පෙරදිගින් නැග ඇවිත් හොරෙන් හොර රහසේම
    අපරදිග එළිය කෙරුමට සිතූ මේ සඳට
    කරපු හොර වැඩ නිසා කරන්නට දෙයක් නැත
    අපරදිග බෙරපදය මොහුව නටවනු පෙනෙත
    හම්මෝයි මෙයා මාව කොහේදි හරි අල්ලා ගනීද කනෙන්ම.. මෙහෙම කවියක් ලිව්වා නේද කියලා..??
    ඒත් ඉතිං කරන්න දෙයක් නැහැ සඳේ, මම කිව්වේ ඔයා ඇත්තටම කරපු දේනේ..
    අනික මෙයා හින්දා පැරදුනේ අපේ රටේම කෙනෙක්නේ.ඒ නිසා මම කොහොමත් මෙයා එක්ක තරහින් තමා හිටියේ:-)))))

    ReplyDelete
  4. ...නියම කවිය..........හඳ පෙන්වු විට ඇඟිල දකින එවුන්ට නම් හොඳයි....මූනා ගෙ ආතල්.....ඔයිට නරකද මූන්ශයින් ටිකක් පදමට ගසලා වමට බරවෙලා උන්නානම්.....නිකාන් සෙම හලන්නේ නැතුව.........:)

    ReplyDelete
  5. @Shadow/හේමලයා :
    ඔයා කියන දෙය මට හරියට තේරුණේ නැහැනේ.

    මා ලාංකිකයෙක් හැටියට අපේ රට ගැන පැන නැගී ප්‍රශ්ණයක් විමසූ දේ ඔයාට විතරක් පාට කන්නාඩියක් තුලින් පෙනුනෙ කොහොමද මට තේරුමක් නැහැ.

    මෙන්න අද LankaPage (news)වෙබ් අඩවිය ලබා දී තිබූ ලින්ක් එකක්, විවේකයේ අවැසි නම් කියවා බලන්න.

    UN muscles in on a Third World country
    URL: http://arabnews.com/opinion/columns/article77443.ece

    ReplyDelete
  6. ඔයාට මගෙ පිළිතුර තෙරුනේ නෑ...මේ ආමන්ත්‍රනය මූන්ටයි...:D...

    ReplyDelete
  7. මූන්ශයින් ඇමෙරිකානු අධිරාජ්‍ය විරොධී උපමාවක් හැටියටත්.....පෙරදිගින් පැමිණ...අපිටම ඇඟිලි දිගු කරන නිසා....ඈතින් වදින ලෙස යැවු ඊතලයක් ලෙස වමත්.....අප ආගදයෙන් යම්තක්දුරට ගොඩ වුබව හඳ ලෙසත්......අපි එය පෙන්වු විට ඒගැන නොසලකා....ඇඟිල්ල දෙසට තම සම්පූර්ණ අවධානය යොමුකොට ඇති මූන් ගැනත් මින් කියැවේ....:D..ඔබ මෙය ලීවේ කවර අදහසකින් දැයි මම නොදනිමි.....මම මාගෙ අදහස ලිවීමි....අකමැතිනම් ඉවත්කිරීම ඔබේ වැඩකි....

    ReplyDelete
  8. සඳට,මොහුව,මෙයා,සඳේ,ඔයා
    කියන හැම වචනෙකින්ම මම අදහස් කලේ බෑන් කීං මූන් වයි :-)

    ReplyDelete
  9. @Shadow/හේමලයා:
    පැටලුනේ "...වමට බරවෙලා උන්නානම්.....නිකාන් සෙම හලන්නේ නැතුව..."

    මං පදපෙලින් කී දෙය nimanthi සොයුරිය ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ඇගේ පලමු කොමන්ට් එකෙන්.

    මකන්න/අයින් කරන්න කිසිවක් නැත. මට සමාවෙන්න.

    ReplyDelete
  10. අයියෝ සමාව ගන්නට දෙයක් නැත...කොහොමටත් මගේ කවි චුට්ටක් විතර අබ්ලික්ය...:)..ඔබට ජය.....:D....

    ReplyDelete
  11. සඳක් වුවත් පසොලොස්වක සඳ නොවුන
    කුමක් කරන්නද? තද කළුවර ගේන
    කමක් නැහ අපේ අම්බරු මහ රෑන
    වගක් නැතිව සුදු කොඩි මත්තෙම නැහෙන

    ReplyDelete
  12. @විහඟ ගීතය,

    මසුරං කියමන...කෝ කට අරින්න ...දාන්න ..දිරාම්යක්ද,රියාලයක්ද.....!

    සුලා...

    ReplyDelete
  13. අපිට තිබූ තැන ගත් කොරියා මූනා...
    ඇෆ්ගන්,ඉරාක් ගැන නොදොඩන මූනා...
    සමඟින් යූකෙ..යූ එස් ඒ නිදිවදිනා...
    පුම්බල උඩ යවමුද ඔය හොර මූනා..

    සුලා..

    ReplyDelete
  14. දිවයින කතුවැකිය....

    =============================
    දෙෙඤඤං බැටේ කොමිසම!

    එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම්වරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව පිළිබඳව උද්ගත වී තිබෙන මත භේදය අවුලා එයින් ගිනි තැපීමට මාන බලන්නෝ ද සිටිති. අපට එබඳු අරමුණක්‌ නැත. එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය අප වැනි කුඩා රටවල් දෙස බලන ආකාරය පිළිබඳව හා ඔවුන්ගේ ඇතැම් අත්තනෝමතික ප්‍රතිචාර පිළිබඳ අපට විවේචනයක්‌ තිබේ. එහෙත් ඒ මණ්‌ඩලය සමඟ නොනිමෙන ගැටුමකට යා යුතු නැති බව අපගේ අදහසයි.

    ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදයත් එහි දේශීය හිසත් සුන් කර දැමීම නො ඉවසන පිරිස්‌ ද ඕනෑ තරම් සිටිති. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඇතැම් ආයතන ද මේ රටේ ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් දැක්‌වූ බොහෝ ප්‍රතිචාර ලැඡ්ජා සහගත බව අප මෙයට පෙර ද කියා ඇත්තෙමු. අප හා එකඟ නොවන එහි නායක කාරකාදීහු ඒ පිළිබඳව සිය හෘද සාක්‍ෂියෙන්ම විමසා බලත්වාෘ
    කෙසේ හෝ එ. ජා. ලේකම්වරයාගේම අභිමතය පරිදි පත් කළ බව හැඟවෙන (අපි එය එසේම යෑයි නොසිතමු) එම ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැනසීමට පුල පුලා සිටින ෙද්‍ර`හීන්ට හොඳ උත්තේජනයක්‌ බව අපගේ අදහස ය. දී කිරට බළල් සාක්‌කියක්‌ මෙන් දැනටමත් කුප්‍රකට කොටි ඒජන්තවරයකු වන විශ්වනාදන් රුද්‍රකුමාර් ඒ පිළිබඳව ඉමහත් අපේක්‍ෂාවක්‌ රඳවා සිටියි.

    රුද්‍රකුමාර් යනු ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටුවා ඇතැයි කියනු ලබන මනඃකල්පිත ඊළාමයේ ප්‍රබලයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ව්‍යාපාරයට අනුග්‍රහ අනුබල දුන් කොටි හිතවාදියෙකි. එහෙත් ඇමෙරිකාවේ පදිංචිව සිටින ඔහු ඒ රට තුළ ත්‍රස්‌තවාදී ක්‍රියා සිදු නොකරන බවට ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ගෙන් සහතිකයක්‌ ද ලැබී තිබේ. එපමණක්‌ නොව මෙම මණ්‌ඩලයට සහාය දක්‌වන ලෙස ඔහු ඊනියා දෙමළ ඩයස්‌ පෝරාවෙන් ඉල්ලීමක්‌ ද කර ඇත.
    ශ්‍රී ලංකාවේ මානුෂික මෙහෙයුම් පිළිබඳ වගවීමට ශ්‍රී ලංකා රජය සිටියි. ඒ පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් කමිටුවක්‌ ද පත් කරනු ලැබ තිබේ. එම කමිටු වාර්තාව නිකුත් වූ පසු ඒ පිළිබඳව පැහැදිලි චිත්‍රයක්‌ ලබා ගැනීමට බාධාවක්‌ ද නැත. ඇතැම් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ශ්‍රී ලංකාව බෙදී වෙන් වී වැනසී යනු සිහිනයෙන් හෝ දැකීමට අපේක්‍ෂා කරන බටහිරයෝ ද එම ජනාධිපති කොමිසම පිළිබඳව ඉච්ඡාභංගත්වයට පත්ව සිටිතියි ද අපි දනිමු. ජගත් මහ ලේකම්ගේ කොමිසම ඒ සියලු දෙනාම හිස මුදුනින් පිළිගන්නා බව ද අපි පැහැදිලිව දනිමු.

    කෙසේ හෝ මෙතැනදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බිඳ දැමීමේ දුෂ්ට අරමුණුවලින් මෙහෙයවනු ලබන කිසිදු බලවේගයකට ඉඩ දිය යුතු නැත. රුද්‍රකුමාර් දත කට මැද බලා සිටින්නේ ද දෙCඳ්Cඳං බැටේ යෑයි සිතමින් ය. අපගේ විරෝධය එයටය. සැබැවින්ම එ. ජා. සංවිධානයට හෝ වෙනත් ජගත් ආයතනයකට හෝ ශ්‍රී ලංකාව සමඟ සෘජුව මැදිහත්ව එකී මානුෂික මෙහෙයුම් පිළිබඳ ගැට මුසු තැන් වේ නම් නිරාකරණය කර ගැනීමට බාධාවක්‌ ද නැත. එබඳු සැකයක්‌ වේ නම් එය දුරු කිරීම ද රජයේ වගකීමකි.

    ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදය ජය ගත් ආකාරය පිළිබඳව මෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ආකල්පය ද පැහැදිලිව ජාත්‍යන්තරයට ගොස්‌ නැති බව ද කිව යුතුය. වෙනත් අයුරකින් කිවහොත් අප කළ යුක්‌ති සහගත අරගලය සනාථ කිරීමට අපට නොහැකි වී තිබේ. මේ දෙCඳ්Cඳං බැටේ කොමිසම එහි ප්‍රතිඵලයකි.

    යුරෝපා සංගමය ද මේ සියලු ප්‍රශ්න මතු කරන්නේ ද අපගේ ජයග්‍රහණය අරභයා ඔවුන් තුළ මුල් බැස ගෙන තිබෙන නොපහන් සිතිවිලි නිසා ය. ඒ සියලු සංවිධානවල සෙවණ ලබමින් ශ්‍රී ලංකාවේ සතුරෝ ක්‍රියාත්මකව සිටිති. ජී. එස්‌. පී. ප්ලස්‌ සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි තුළ පැසවන්නේ ද වෛරයකි.
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ පලවන ටයිම්ස්‌ ඔෆ් ඉන්ඩියා පුත්පතට කියා තිබුණේ ද ජී. එස්‌. පී. සහනය අහිමි කිරීමට ගනු ලබන තීරණය පිළිබඳව තමන් කලබලයට පත් නොවන බවය. සත්තකින්ම කාට හෝ කුමක්‌ හෝ ලෙළවමින් අපව නැටවීමට ඉඩ දිය යුතු නැත.

    ජී.එස්‌.පී. ප්ලස්‌ අහිමි වීම තුළින් අපට මුහුණ දීමට සිදුවන අවහිර තිබේ. එහෙත් රටත්, ජනතාවත් පාවා දී යමක්‌ ලබා ගත යුතු නිවට තත්ත්වයකට රටක්‌ පත් විය යුතු නැත. එසේම අපේක්‍ෂා භංගත්වයට පත් වූවන් මෙන්ම ජාතික හා විජාතික සතුරෝ ද දැන් යළිත් ශ්‍රී ලංකාවට එරෙහිව සිටිතියි ද අප වටහා ගත යුතුය. එහෙයින් පැණසරව ඒ සියලු අර්බුද විස¹ ගැනීමටත් රටේ ගමන් මඟ සතුරන්ට වුවමනා ලෙස වෙනස්‌ කරවීමට ඉඩ නොදීමටත් අප ක්‍රියා කළ යුතුය.

    ==========================================
    තවත් වැදගත් ලිපියක් ඉරිදා ලංකාදීප පුවත්පතෙහි "රජ වීදිය" අතිරේකයේ පලවී ඇත..

    සුලා..

    ReplyDelete
  15. ආන්දෝලනාත්මක වර්තමානය කවියකින්...
    එකම එක කවියකින්...
    ඒත් හිතට වදින්නම
    GREAT!!!

    ReplyDelete
  16. @දුමී:
    "ඇඹරැල්ල පොලු" නියම කතාව.
    බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  17. @ඉලංදාරියා:
    ඔව්, ඔව් ලොකු කතාවක්...

    ReplyDelete
  18. @nimanthi:
    නියමයි එකතු කල පදපෙලත්, බොහෝ ස්තුතියි.

    ඇල්ලුවත් කරන්න දෙයක් නැහැ ලියන්න තියෙන දෙය ලියන්නම ඕනේ.

    (ඔබේ පදපෙල හා අදහස ගැන කිසිම සැකයක් නම් ඇති වුනේ නැහැ. ඒත් දෙවන කොමන්ට් එකෙන් වුන නියෝජනය හරි ඉහලයි)

    ReplyDelete
  19. @විහඟ ගීතය:
    මූනා
    බැඳ නූලෙන් එල්ලලා හතර වටේ
    හඳ බෑය හිර වෙලා මකර කටේ

    අපේ උන්දැලා
    ඉව වැටිලා එල්ලපු අමු කැරටේ
    හති දදා අදීවි ද බඩවැල් දිගටේ

    කොමිසම
    පිලි බෙදිලා කුලල් කා ගන්න රටේ
    කාරිය විටක් වේ ද රසකර හපන කටේ

    ReplyDelete
  20. @සුලා:
    පංකාදුයි යාළු, වෙන වචන නැත

    ReplyDelete
  21. @චේජනා:
    බෝහෝම ස්තුතියි නංගී.
    Engish Poem එක කියෙව්වද, ඒකනම් විස්තර වැඩියි.

    ReplyDelete
  22. ඔව් අය්යෙ, මම english එකත් කියෙව්ව මේක මුලින්ම කියෙව් වෙලාවෙම.. ඇත්තට ම ඔයා අදහස් කරන දේ ENGLISH එකෙත් හොදට ලියවිල තියෙනව..

    ReplyDelete