Saturday, June 26, 2010

මිහිකත කෝපවී


පෙළුවා මුලු ලොවම උන් පාගා
උල් අඩි යකඩ සපත්තුවෙන්
ඉවසන්න බැරිවද මවුනි
මිහිකත කෝපයෙන්
දෙදරුවේ උන්ගේ ම පිලිකන්න
කෙළවරක් නැතිව බුබුලමින්
විද විද තෙලෙන්...

උන් එක්ව අත්වැල් බැඳ
යහමින් අනුන් හූරපු කිරීටයේ එවුන්
උල්පන්දම් දුන් පවින් ද දඟලන්නේ
හිරකරන්න බැරිව පොරොප්පය බලෙන්...

සොබාදහම ඉදිරියේ
ඇද වැටී මහබල පෙන්වූ එවුන්...

ලොවම
වැනසෙයි දෝ තෙලෙන්
බැදෙයි දෝ තෙලෙන්
ගිලෙයි දෝ තෙලෙන්

කමාකරන් මෑණී
අපි අසරණ එවුන්...

සටහන:
ඇමෙරිකා මහාද්වීපයේ මැක්සිකෝ බොක්ක ආශ්‍රිත ඛණිජ තෙල් නිධියේ කැණීම - Deepwater Horizon සම්බන්ධ ඛේදවාචකය මුල්කරගෙන සැකසිනි.

මේ සම්බන්ධ විමසුමක් “චේජනාගේ පිටුව (Chejana's Web Page)” හි පල කල ඛේදාන්තයක කතාවක් ලිපියෙන් කියවන්න පුලුවනි.

10 comments:

  1. මෙදා පොටේ ඕක අමෙරිකාව අසබඩ සිදුවුනු නිසා තමයි ඔයතරම් අවනඩු.....කාගෙ අතින් සිදුවුනත් වැරැද්ද වැරැද්දමයි.......මතකද ගල්ෆ් යුද සමයේ සිදුවූ සාගර විනාශය......අදටත් දිනපතා ගල්ෆ් කලාපයේ සාගරයට තෙල් බැරල් සියගණනක් අත්වැරදීම් නිසා එකතුවන බව වාර්තා සනාථ කරයි...දියුණු රටවල එකතුවන න්‍යශ්ඨික අපද්‍රව්‍ය අප්‍රිකානු රටවල් අසල සාගරයට බැහැර කෙරෙන බව ප්‍රකට රහසකි.....සෝමලියනු මුහුදු කොල්ලකරුවන් ඇතිවීමට මූලික හේතුවක් සේ සැලකෙන්නේද මෙයයි........සොබාදහම කොතෙක් කල් නම් මිනිසාගෙ මේ හිතුවක්කාරකම් ඉවසා හිඳිවිද?....:(..

    ReplyDelete
  2. ඕක වෙන රටක වුනානම් මෙලහකට ඇමරිකාව ලෝකෙම හෙල්ලෙන්න කෑ ගහලා යකා නටනවා . . . විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ රටක වගේ වුනානම් . . .අර වැටත් නියරත් ගොයම් කනවා වගේ දෙයක් නෙමෙයිද ඩීන් මේ වෙන්නේ . ..

    ReplyDelete
  3. ඔවුන්ගේ බඩු ඔවුන් ගේ නඩු
    කාට මේ දුක කියන්
    වෙනින් කොහේ හෝ වුනා නම්
    දැන් කොමිසමුත් පත් කරන්
    දඬු කඳේ ගස්සන්න නීතීත්
    අලුතෙන්ම ලියවමින්
    අනේ මේ අවනඩු අසන්නට
    යළිත් "අසඩක්" වරෙන්

    ReplyDelete
  4. බලවතා දුබලයා පෙලීම ට ස්වභාව ධර්මයවත් විරුද්ධ වෙලා වෙන්න ඇති ඇමරිකාවට ආසන්නයේ ම මේ වගෙ දෙයක් සිද්ද වෙන්න ඇත්තෙ ටිකක්වත් ඇස් ඇරෙන්න... මේ මුළු ලෝකය එකම පද්ධතියක් කියල නොහිත තමන් ගැන විතරක් හිතන බලවතුන් තමන් ජීවත් වෙන්න නම් අනිත් පද්ධති ත් සමතුලිත විය යුතුයි කියල තේරුම් ගන්න දා වෙනකොට ලෝකයෙ විනාශය ආපසු හරවන්න පුළුවන් තැනක තිබුනොත් මානව වර්ගයා වාසනාවන්තයි..
    නැත්නම් පරිනාමයේ බුද්ධිමත් ම සත්වයා මිහිමතින් අතුගාල දාල අනිත් සත්ව විශේෂත් සමගින් තමන්ගෙ පැවැත්ම රඳව ගන්න මිහිකත තීරණය කරයි ද දන්නෙත් නෑ...

    ReplyDelete
  5. මේ අයියයි නඟයි දෙන්නා (ගල්මල් සහ චේජනා ) කාලීන මාතෘකා ඔස්සේ පණිවිඩයක් සමාජගත කරන්න දරන උත්සාහයට හිස නමා මගේ ආචාරය පුදකරා ඕං....

    සුලා...

    ReplyDelete
  6. @Shadow/හේමලයා:
    උණුසුම් සුබපැතුම් සමග ගල්මල් අඩවියට පිලිගන්නෙමි.

    බොහෝ වටිනා තොරතුරු සමූහයක්. සොබාදහම ගැන ඇති ඔබේ උනන්දුව ගැන දැන ගැනීමටත් සතුටුයි.

    කර්මාන්ත ආශ්‍රිත හා න්‍යශ්ටික අපද්‍රවය දුප්පත් රටවලට පැටවීම ඉතා ඛේදනීය තත්වයක්. පසුගිය කලක අප්‍රිකාවේ ලයිබීරියාව, සියෙරො ලීයෝන් ගැනවූ වර්තාවක කියවා හරිම කලකිරීමක් ඇති වුනේ.

    අද ලෝකය මහා පරිමාණ ලෙස ගල් අඟුරු, න්‍යශ්ටික බලශක්තිය පාවිච්චියට නැඹුරු වෙමින් ඉන්නා අතර ඒවායෙහි අපද්‍රව්‍ය ඉවතලන්න තැන් සොයන්න වෙන තත්වයට පත්වෙලා.

    ReplyDelete
  7. @දුකා:
    ඇත්ත යාළු; වෙන රටක වුනා නම් දැනට වන්දි අරන් සම්බාධකත් පනවලා ඇති.

    ඇමරිකාව මූලික මිත්‍ර හමුදා ඉරකයට පහර දුන් අවස්ථාවක ඉරාක ආර්ථිකය බිදලන්න ඕනකමට ඛණිජ තෙල් ලිං වලට පහර දී කල දෙය අද උන්ගේ පිලිකන්නේ.

    ReplyDelete
  8. @විහඟ ගීතය:
    නඩුත් බඩුත් ඔවුන්ගේ ම
    යූඑන් ඉන්නේ නිදි වගේ ම
    හඳයා කියාවි අන්එක්සෙප්ටබල් කී ම
    පැටවේවි තෙල් මිල අපෙ හිසේ ම

    ReplyDelete
  9. @චේජනා:
    බොහෝම ස්තුතියි නංගී මෙවන් මාතෘකාවක් ඔස්සේ හරවත් ලිපියක් පල කලාට. මෙ නිර්මාණය මා Seegiri.com හි කවි ෆොර්ම් එකේද පල කලා. බොහෝ අය ලින්ක් එක හරහා ඔබේ ලිපිය ද කියවා ස්තුතිපූර්වකව අදහස් පලකර තිබුනා.

    "බලවතා දුබලයා පෙලීම ට ස්වභාව ධර්මයවත් විරුද්ධ වෙලා..."
    බොහෝමත් ස්තුතියි. මෙන්න මෙයයි මතුකරන්න වෙරදැරූ අදහස

    ReplyDelete
  10. @සුලා:
    මිතුරේ මෙ ඛේදවචකය කණගාටුදායක එකක්. ඒත් ඉන් අපිට ඉගෙන ගන්න ඇති දේවල් බොහෝය.

    ඉතා සරලව කීවොත්, වේජනා නංගී සඳහන් කල පරිදි "බලවතා දුබලයා පෙලීම ට ස්වභාව ධර්මයවත් විරුද්ධ වෙලා..."

    ReplyDelete