Wednesday, August 28, 2024

සමුගන්න අවසරයි

 


නුඹේ ලැම විසලයි
අතු ඉති පිරි සෙවන සිසිලයි
ඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයි
දළු, කොළ, මල් පල බර නැතුවයි

පුංචි ළදල්ලකට ඉඩ දුන්නා
සෙනෙහසින් හොවා කිරිකර පෙව්වා
සවිමත් හරිත පතකව වැඩුවා
සුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නා

යුතුකම් ඉටුකලෙමි නම්
අතු ඉති රිකිලි මල් පල
කොළ වඩා ගස මුල රකින්නට,
ලෝ සතාට හුස්ම බෙදන්නට
දුකක් නැත ඉතිං, සැරසෙමි සමුගෙන යන්න
එපා රන්කඳ කඳුලු සලන්න...


සටහන:
පෘෂ්ඨිමත් හරිත පත්‍රයක ඇතිවෙන අවපැහැ පුල්ලියක් විග විගස කොළ පත පුරා පැතිරෙමින් මුලු පතම අවපැහැ කරමින් දුර්වල කරන්නට විය. ගසක් පෝෂණය කරන්නට දායක වූ කොළය තවත් ගමනකට සැරසෙයි, කොපමණ අතු ඉති කොළ වලින් පිරී තිබුණ ද ගසේ කඳ ඉකිබිඳියි, කඳුලු සළයි - එය ප්‍රයාණය. කඳෙන් මිදී සමුගෙන යන්නට අවසර යදින කොළය... ප්‍රයාණයට පිලිතුරු කවියක් හැටියට.

Thursday, August 1, 2024

මොත්තයෝ - The Moths

 


අත්තෙන් අත්තට පියාඹන
පාට පාට සලබයෝ
නොවුනත් සමනළයින්
දෙගොල්ලෝම
ගස කොළ වැනසූ
දළඹුවන්

*සලබයා = Moth