Tuesday, March 8, 2016

රැල්ල



ඈත සාගර ජලතල
ගැටෙන සුළං කඳ
මතු කරන කැලතිල්ල
මවන ලොකු පොඩි රළ පෙළ
ඔද තෙද පාමින
අවුදින් ගෙවා මහ ගව් 
ගොඩකරේ අබිමුව
බිඳි පොඩිව වෙරළෙ විසිරෙන
කිරි සුදු මුදු පෙණ
ගැටුමක...
ගිමන් හරින ගැඹුරු සයුර ඈතක
නිසසලය තැන්පත්ය
තවත් සුලඟක් හමන තුරු...

15 comments:

  1. සුන්දර නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි ඔබට

      Delete
  2. ලස්සනයි..................... එහෙනං 2016ටත් ලියන්න පටන් ගත්තා යෑ....... ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.
      පටන් ගමු, පටන් ගමු...

      Delete
  3. නියමයි.
    මේ අවුරුද්දටත් එකද දාන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. තදවෙනවා ඩෝ මේ රෝන් ටෝක් වලට..... එහෙනහ්..... :D

      Delete
    2. වෙන්සක් කරන්න බලමු නේද Praසා

      Delete
  4. ඩීන් අයියා, හුඟ කාලෙකින්.... ආයෙත් පරණ පුරුදු රිද්මයට යයිද ?

    ReplyDelete
    Replies
    1. අකුරු හරඹය පුරුදු රිද්මයේ අරගෙන යන්නයි උවමනාව

      Delete
  5. බොහොම කාලෙකින්නේ... මාමා මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ.. 2010 ලිව්ව වගෙ ලියන්නකො අප්පා..!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ශා, ඒ කාලේ විදියට පොස්ට් කරන්න පුළුවන් වේවි නම් ගොඩාක් සතුටුයි. බලමු. ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන යනවා නේද?

      Delete
    2. ඒකනේ... අපි බලන් ඉන්නවා.දැන් සරසවි ප්රවේශය බලාගන ඉන්නේ මාමේ..))

      Delete
    3. බොහෝම සන්තෝසයි. සුබ පැතුම්!

      Delete
  6. ඩීන් අයිය... මරු කව!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, කස්සා මල්ලි කාලෙකට පස්සේ

      Delete