Monday, May 21, 2012

ගමන


රළු රළ පිරි
ජීවන ගඟ
ඉහළ පහළ
පදින ඔරුකඳ
නොනිමි ගමනේ
හබල දිරියයි
සසලව නිසසලව
ගලන ජලේ
තුලනය කරන
කොල්ලෑව නුඹයි
සෙවණසේ ඇදෙන

15 comments:

  1. මේක නම් ප්‍රිය බිරිඳ වෙනුවෙන් නේද ලිව්වේ

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් ඔබේ කියමන හරි.

      කොල්ලෑව කියන්නේ ඔරුවක් කියද්දි අපේ හිතට නිතැතින්ම එන අපිට හුරු ශෛලියේ (traditional boat with a outrigger) ඔරුවක ප්‍රධානම කොටස. ඔරු කඳට පිටතින් සවි වුවද ඔරුවට සමාන්තරයි. තොටියාට සවිය, හබල, ඉලක්කය, ශිල්පය/දැණුම තිබුණත් කොල්ලෑවෙන් කරන බැලන්ස් කිරීම නොවෙන්න සුලි, දියවැල් පිරි සැඩ දියපාරක ගමන් කරන්න ඔරුවක් නැති වෙන්න පුලුවන්.

      ඒ අනුව කොල්ලෑවන් වන හැම උත්තමියකටම මෙය පොදු පදපෙලක් කියන්න පුලුවනි.

      Delete
  2. Replies
    1. තාත්තා වුනත් මා බත සරිකරන
      අම්මා නුඹයි මා දරු දැරියන් රකින

      කියා අමරදේවයන්ගේ හඬින් ඇහෙද්දී //මා// කියන පදය //මා,// හැටියට හිතට දැනෙනවා නොවේද

      Delete
    2. සරල සුන්දර සිංදුවක් උනත් හිත ඇතුලෙ පොඩි කැක්කුමක්, දුකක් නොවෙන සංවේදනාවක් ඇති කරන සින්දුවක් ඒක මටත්... ඒත් අය්ය තරම්ම සංවේදිව මං ඒක අහල නැත්ද කියලත් හිතෙනව... :)

      Delete
    3. ඔව් නංගී, ඒ ගීතයේ ගැබ්වෙලා ඇති පරාර්ථකාමි අදහස(selflessness) ඇති කරන්නේ බොහෝම ගෞරවාන්විත හැඟීමක්.

      Delete
  3. මට ඉතින් සුපුරුදු පරිධි මුලින්නම් තේරුන්නෑ.. බින්ධිගෙ කමෙන්ට් එක දැක්කම තමා හිතුනෙ මෙහෙම වෙන්ඩ ඇති කියලා.

    ඔබට ජීවිතේ දිහෑ එක එක කෝණ වලින් දැකීමේ අපූරු හැකියාවක් තියනවා නේද ?

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ඉහත බින්දිගේ කොමන්ටුවට ලියූ පිලිතුරේ අදහසයි පදපෙලට මුල් වුනේ.

      බොහෝමත්ම ස්තුතියි ඔබට.

      Delete
  4. ජීවන සහකාරිය ගැන වෙන්නට ඕන. සුන්දර පදපෙලක්.

    ReplyDelete
    Replies
    1. යම් දුරකට ඔබ හරි, ඉහළ බින්දිගේ කොමන්ටුවට ලියූ කරුණ නිර්මාණයට මුල් වුනේ.

      ඔබේ ඇගයීම ගොඩාක් වටිනවා, බොහෝමත්ම ස්තුතියි නංගී.

      Delete
  5. අපූරු ව්‍යංගයක් කැටි වුණු පද පෙලක්. අපූරුයි ඩීන් අයියා..

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි. අපේ කලින් සහභාගී වූ පරණ කවිහවුල් වල නිර්මාණ විමසුම් සිදුවූ අන්දම මතක් වුනා මල්ලි.

      Delete
  6. කරදර කියන්නේ දේවදූතයෝ අපට පෙන්නල දෙන අය...

    ReplyDelete