එරමුදු මල් නොපිපෙන කතරක
ලැඟුම් ගන්නට ගසක් නැතිවද
කොහෝ නද නුදුන්නේ…
කැවුම් කොකිස් මුං අතිරහ
සුවඳ අල්ලන නහය දික්කර
රබන් සුරල් රැව්දෙන දෙසවන
රබන් සුරල් රැව්දෙන දෙසවන
යොමා නෙතු ඈත වැලි මිටියාවත…
සුසුම්ලනු එපා නුඹ
මතුවුනොත් වැලි කුණාටුව
ගිල ගනීවි හිස් කතර
ඇලී දූවිලි තෙත නෙතේ…
තුන්සියක් හැටපස් දිනේ
බත බෙදන ලිප
නිමන්නේ කෝමද…
සුසුමින් රත්කර උතුරවන්
ලබන තුරු අලුත් අවුරුදු දිනක්
තම පවුලේ අයගේ උවමනාවන් සකසා දෙමින් ගෙදරින් පිට ඈත දේශවල රැකියාවේ යෙදෙන්නන් බොහෝය. පවුලේ උදවිය එකට එකතුවෙන අලුත් අවුරුදු දවසක කඩාවැටෙන හිතක් අද්දර ඉඳ විමසන්න උත්සාහ කලේ වසර පුරා බත සකසන ඔවුනට කිරි ඉතිරෙන්නේ කවදාද?
ප.ලි:
හැම දුක් කන්දරාවක්ම යටපත් කරගෙන අනුන්ගේ හිත්වල සිනාරැලි මතුකරන්න වෙහෙසෙන අය බොහෝය. එවන් අයියා කෙනෙකුගේ කැපවීමෙන් උගත් මල්ලියෙක් තම වෘත්තීය ක්ෂේත්‍රයේ (මැදපෙරදිග) රැකියාවට පැමිණ උදාවූ පලමු අලුත් අවුරුදු දා දකින යථාර්ථය වටා ගෙතුන කතාවක් OneZeroZero හි පල කල ලොකු අයියේ අවුරුදු ජයද?
"අවුරුද්ද"
ReplyDeleteමම ඒත් බැලුවා මාතෘකාව අමතක වෙලාවත්ද කියලා. එරමුදු මලක්, කොහෙක් තියා කැවුම් ගෙඩියක්වත් දකින්න ලැබුනෙ නෑ දීන් අය්යා..
අනික් අය ගැන හිතලා සතුටුවෙවී, අපිගැන හිතලා දුක් වෙනවා හැර වෙන මොනා කරන්නද..?
හැමදාම වගේ අගේ ඇති නිර්මාණයක්.
මම හිතන්නේ අයියේ ඒ අය හෙළන දඩිය කඳුලින් දිරිය ලබන අය හිනා වෙන හැම මොහොතකම ඒ අයට කිරි ඉතිරෙනවා...
ReplyDeleteඅගේ අඑති නිර්මාණයක් අයියේ...
අයියල ගම් රටට ගෙදරට එන දවස තමයි අයියා නියම අවුරුද්ද....
ReplyDeletemata aurudu nathi aurudde anith ayagta kiriyen paniyen ithireewaa!! me dhuka mamath dannawa Deen aiya!
ReplyDeleteකිව්වත් වගේ මේ අපේ කවියයි ඩීන් . . .
ReplyDeleteඅපූරුයි . . හරිම අපූරුයි
කතරක ගෙවෙන අවුරුද්ද. හිතට වදින නිර්මාණයක්.
ReplyDelete@සමන්ත රූපසිරි:
ReplyDeleteඅවුරුදු උදාවත් සමඟ අපේ කට්ටියගේ හිත්වල ඇතිවෙන හිදැස ගැන දැනෙනවා. සහෘද බ්ලොග් අඩවිවල වැටෙන කොමන්ටු වලින් එය අනේකවර මතුවෙමින් වැලලෙනවා දුටුවා. ඒත් අවුරුද්දේ නැවුම් සුවඳ අඩු වෙනතුරු හිටියා මේ පොස්ට් එක කරන්න.
කැවුම් ගෙඩියක්වත් දකින්න ලැබුනේ නෑ... ඒ කොටසේ ගැඹුර ගොඩාක් දැණුනා මල්ලී. මින්දද සඳහන් කල දේ තමයි ආයෙත් කියන්න තියෙන්නේ.
බොහෝම ස්තුතියි සටහනට.
@මින්දද:
ReplyDeleteමල්ලි ඇත්තෙන්ම ඒක එහෙම වෙන්න ඇති කියන එකයි මගේ ද අදහස. ඒත් මේ කලාපයේ ඇතිවී තියෙන රැල්ල හා ඒ සමාජයේ ඇතිවී තියෙන කලාපය මුල් කරගත් ජාතික හැඟීම ලිප් ගොඩකට බලපාන්න බැරි නැහැ.
බොහෝම ස්තුතියි මල්ලී සටහන හා නිර්මාණය ඇගයීමට.
@සොඳුරු සිත:
ReplyDeleteඔව් නංගී අපේම දේවල් ලබන්න නම් අපේම රටට එන්න ඕනේ. රටින් බැහැරව සිටින සහෘදයින් කිහිප දෙනෙකුගේ හිත්වල මතුවී ගිල්වාගන්න වෙරදරන සටහන් බොහෝමයක් පසුගිය ටිකේ කියවන්න වූයේ දුකිනි.
බොහෝම ස්තුතියි සටහනට.
කොහා නැති අවුරුදු තුනක්ම ගෙව්වා. කියලා වැඩක් නෑ අප්පා. :'(
ReplyDeleteඑහාටත් නැති මෙහාටත් නැති පාළු කතරක තනිවෙලා
ReplyDeleteගියාමත් ගම අයේමත් මෙහේ එන්න පොරකන හිත්බලා
එකෝමත් එක රටක අපි හැම පියාපත් සිඳ නැවතිලා
කොහාටත් අපිහට වගේ ගම එන්න පාරත් වැරදිලා
@කස්සා:
ReplyDeleteමේ පොස්ට් එකේ පහළින් දාපු සටහන සකස් කරන විට ඔබ ගැන මතක් වුණා මල්ලී.
තමුන්ට අවුරුදු සුවඳ අහලක නැතිවත් අනුන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න පතපු ඒ ඉහළ පැතුමට මගේ ගෞරවය ඔබට.
බොහෝම ස්තුතියි මල්ලියේ සටහනට.
ඉගෙනීම් කටයුතු සාර්ථකව නිමාකරගෙන ඉක්මනට ගමරට බලා එන්න ලැබේවා පතන්නෙමි. ජය.
@දුකා:
ReplyDeleteමෙවර වෙනදාටත් වඩා ඔබටත් ඒගැන ගොඩාක් දැනෙන්න ඇති.
සටහනට බොහෝම ස්තුතියි යාළු.
@නලිනි චන්දිමා:
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී සටහනට.
@හරී - පිණිපළස:
ReplyDeleteඅවුරුදු කාලය තමන් පිටදේසෙක කියන එක නැවත නැවත් මතක් කර හිත දඬුවම් කරන කාලය.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@විහඟ ගීතය:
ReplyDeleteමෙහාටත් නැති එවුන්
නෙක ගැහැට විඳ විඳ
පිරූවත් විල කළ දරා
කාන්දුව දෝ තාම හිස්
එහාටත් නැති එවුන්
බෙයාරිං වැනි විසිවෙනා
ගම රට අත හැර කතරේ දහදිය හෙලනා හැමටම අවුරුදු සිරියෙන් පිරි වාසනාවන්ත සතුටින් පිරි නව වසරක් උදාවේවා!
ReplyDeleteමල්ලී, ඔබ සැම කවදා හෝ මෙහි ආවිට අවුරුදු සමරමු යහතින්.
@Chandi:
ReplyDeleteබොහෝම ස්තුතියි අක්කේ ඔබේ වටිනා සුභ පැතුමට. කොමන්ට් එකට පිළිතුරක් ලියාගන්න බැරිව හිටියේ දින කිහිපයක සිට සිංහලින් අකුරු කරන්න බැරි ප්‍රශ්ණයක් නිසා.
ගල්මල් අඩවියට එක්වූ 'මධු' සාදරයෙන් පිළිගන්නෙමු .
ReplyDeleteඅලුතින් එක්වූ ෆලෝවර් 'නොදරුවා' සාදරයෙන් පිලිගන්නෙමු.
ReplyDeleteඩීන්, ඇස් වලට කඳුලු ආවා උඹේ අකුරු පෙල කියවනකොට.....! අදහස නියමෙටම අකුරු කරලා තියෙනවා.
ReplyDelete@දුමී:
ReplyDeleteමොන හේතුවක් නිසා හෝ මෙහේ කට්ට කෑවත් අවුරුදු දිනෙක අපි කවුරුත් අසරණ වෙනවා. දරුමල්ලන් සමඟ ඉන්න අපි එදාට පවුලේ ප්‍රධානියා වශයෙන් හිතෙන් චූදිත කූඩුවේ වැටෙන වාර අනන්තයි.
කාලයක් තනිකඩයෙක් හැටියට ලබාපු ජීවිත අත්දැකීම් පසුගිය අවුරුදු කාලය තුල දී කිහිප වතාවක්ම අලුත්වෙවී මතුව ආවා. එයයි නිර්මාණයට පසුබිම වූයේ.
ස්තුතියි මිත්‍රයා ඔබේ වචන පෙල බොහෝ වටිනවා.
අපේ කතාව අපේ කවිය වූ නිසා දැනෙනවා වැඩියි නේද? නුඹත් සංවේදී මනුස්සයෙක් නොවැ.