Monday, September 6, 2010

කටුස්සනි


ඉන්නේ නුඹ බදාගෙන අතු ඉති
ගන්නේ පාට හූරා අවසරින ද සකි
ලන්නේ ඇඟ ගල්වා විගස හැකි
වන්නේ ගැට ගහගන් පණ ද රැකි

ගස් හොරු කපයි ද නූපන් හෙට දිනේ
ගැස් සිලා හැලේද නොමෝරන කොලේ
උස් රිකිලි අග සරු ලා දළු හිනැහේ
ඉස් සිලා නෙලා ගනු මිස කිමද පලේ

දළු විතරද පැණි පිරුණ මලුත් ඇති
කළු ඇඹලයින්ද පේලියේ ඇදී එති
තළු මරමින් බල්පන්නේ එවුනුත් රසැති
රළු කටුස්සනි වඩිව් ඔය ගස් මැරෙති

21 comments:

  1. ඇත්ත. පාට වෙනස් කිරීමෙන් වත් රැකෙන්න බැරි තැනකට දැන් ඇවිත්. මේ කවියට මම හොඳටම කැමතියි.

    ReplyDelete
  2. අමුතු අදහසක් නේද,,, ඇත්තටම මමත් මේ කවියට කැමතියි

    ReplyDelete
  3. මට හිතෙන විදියට අදහස් දෙකක්...

    ReplyDelete
  4. කටුස්සන් සහ දේශපාලනය කියල කිවුවත් නරකම නැහැ...
    නියම පද ටික.....

    ReplyDelete
  5. @charmi:
    ගල්මල් අඩවියට උණුසුම් සුබපැතුම් සමඟ සාදරයෙන් පිලිගන්නෙමු.

    බොහෝම ස්තුතියි සටහනට, නිර්මාණයේ අදහස පහතින් සඳහන් කරන්නවා.

    ReplyDelete
  6. @හරී:
    නිර්මාණයේ අදහස මා පහලින් සඳහන් කරනවා, බලන්නකෝ...
    බොහෝම ස්තුතියි නංගී නිර්මාණය අගයමින් කල සටහනට.

    ReplyDelete
  7. @චේජනා:
    ඔබ හරි නංගී, අරුත් කිහිපයක් ම ඇති.
    බොහෝම ස්තුතියි සටහනට, නිර්මාණයේ අදහස පහතින් සඳහන් කරන්නම්.

    ReplyDelete
  8. @කංචු:
    ගල්මල් අඩවියට උණුසුම් සුබපැතුම් සමඟ සාදරයෙන් පිලිගන්නෙමු.

    බොහෝම ස්තුතියි සටහනට, නිර්මාණයේ අදහස පහතින් සඳහන් කරනවා, ඔබේ අදහස හරියටම හරි නේද?

    ReplyDelete
  9. මෙම නිර්මාණයේ දී පාදක කරගත් කරුණු පැහැදිලි කිරීමක් මෙන්න.

    කටුස්සා රැඳි ඉන්න තැන අනුව පාට වෙනස් කරන බහුලව ගස් ආශ්‍රිතව වෙසෙන උරගයෙක් හැටි‍යට ප්‍රසිද්ධයි. ගස්වල දළු කන්න ප්‍රිය මෙ සතා ජීව විද්‍යාත්මකව ශාඛ භක්ෂක හැටියට සැලකුව ද කුඩා කෘමීන් ද ආහාරයට ගන්න බව කියැවෙන නිසා කටුස්සා ගැන වර්ග කිරීමේදී නොයෙක් මත ගැටුම් හටගෙන ඇත.

    කටුස්සා ගස් ආශ්‍රිතව වෙසෙන නමුත් ගල්ගුහා වැනි ආරක්ෂිත තැන් ද ප්‍රියකරනවා. ගල්තලාවල හිරුරැස් තපිනවා. ඉන්න තැන කොහේ වුනත් ඊට ඔබින පාටින් සැරසෙන්නේ ආරක්ෂක පියවරක් හැටියට.

    තවද කටුස්සන්ට හොඳ දුර පෙනීමක් ඇතිසේම විපැත්තියක් දුර සිට අඳුනා ගැනීමේ හැකියාව ඇතැයි ද අන් සත්ව විශේෂ වලට නොදැනෙන්න ඔවුනොවුන් අතර සීරුවෙන් ඇස්වලින් ඉඟිකර සංඥ හුවමාරුකර ගැනීමටත් දක්ෂ සත්ව විශේෂයක් හැටියටත් නම් දරයි.

    නිර්මාණයෙන් විමසන්නේ:

    පාට හූරා ගෙන ඇඟ ගල්වා ගන්නේ ආරාක්ෂාවී රැඳෙන ලැබෙන්න අවසරයෙන්. ඒත් එතැනින් පිටවෙලා යද්දි හූරා ගත් වා ආපහු දීලා යන එකක්යැ?

    කටුස්සාට හිතෙනවා අනාරක්ෂිත බවක්, එල්ලිලා ඉන්න අත්ත හොරු කපන්න ඉඩ තියෙනවා. තමන් කන්නෙත් නැතිව ආරක්ෂා කරන දල්ල මෝරන්නත් කලින් හැලෙන්න පුලුවන් එතකොට මුවා වෙලා ඉන්න තැනකුත් නැතිවෙලා යාවි. දැනටමත් කොළ අඩු තමන් රැඳිලා ඉන්න ගහට වඩා සශ්‍රීක වෙනත් ගහක් දකිනවා. කටුස්සාට හිතෙනවා ඒකේ පැතිරුන අතු රිකිලිවල දළුත් පිරිලා, ඇයි ඒවාට ලංවෙලා බඩකට පිරෙන්න කන්න බැරි...

    විපරමේ යන කටුස්සාගේ තත්වය තේරුම් ගත් සශ්‍රීකව වැඩුනු ගහ කියනවා දළු විතරක් නෙවේ අතු අග මලුත් පිරිලා, උඹ පොඩි කෘමීන්ට කැමැතියි නේ, මල් පැණිවලට ඇදෙන ඇඹලයින් රසබලන්නත් පුලුවන් වේවි. උඹලා ඉන්න ගස් මැරෙනවා... ඔන්න ඇවිත් මේ පැත්තට වෙලා කාලා බීලා හිටපල්ලා...

    ReplyDelete
  10. අපූරු නිර්මාණයක් අයියෙ

    ReplyDelete
  11. ටොප් ක්ලාස් මචෝ . . . !

    ReplyDelete
  12. නිර්මාණයේ වට පිට කියා දුන්නු එක නම් පංකාදු පහයි, මම හිතාන හිටියේ පාට වෙනස් කර ගන්න එක ජීව විද්‍යාත්මකව කටුස්සාගේ ඇඟෙන්ම වෙන දෙයක් කියලා, ඉන්න තැනින් පාට හූරා ගන්න බව ඇහුවෙ අද, කොහෙද ඉතින් මැත කරහම දන්නෙ දේකුත් නැහැ, නොදන්න දේකුත් නැහැනෙ.
    බොහොම ස්තූතියි අයියේ පැහැදිලි කිරීමට

    ReplyDelete
  13. මං ඉතින් "සොඳුරු දාර්ශණිකයා" කියන්නේ කට කහනවාට නෙවි..

    ReplyDelete
  14. @දිල්:
    බොහෝම ස්තුතියි නංගී සටහනට

    ReplyDelete
  15. @දුමී:
    අහිංසක සතා නොවැ යාළු...

    ReplyDelete
  16. @හරී:
    ඔබ දැරූ ජීව විද්‍යාත්මක හේතුව නිවැරදියි, කටුස්සා ඇහින් දකින පරිසරයේ පාටට සතාගේ සිරුරේ ඇති වෙන වෙනස තමයි කටුස්සාගේ පාට වෙනස්වීම කියන්නේ.

    නිර්මාණයේ සඳහන්; ඉන්න පරිසරයෙන් මනාපව පිදුම් ලබා පාටින් සැරසෙන සතා රැඳෙන තැන වෙන්ස් වුනාට අරකී මනාපව හූරා ගත් දේවල් හලලා යන්නේ නැහැ නොවැ යන්නයි මතු කලේ.

    ReplyDelete
  17. @Anonymous:
    ඇවිත් ලියා යන නුඹට පිං
    ඒත්... නුඹ රකින්න තතනන
    සමාධිය කලතන ලියවිල්ලට
    මලේ මට පව්ද බං

    ReplyDelete
  18. අනේ නැහැ මහත්තයෝ...මගේ මේ ජාගර හිත අල්ලල බැඳගන්න බැරි මමම තමයිනෙ වැරදිකාරයා....විසූක දස්සන හොයාගෙනම යනවා නෙව..ගොඩාක් වෙලාවට මම පරාදවෙනවානෙ මටම..සියයට අනූවක්ම..කොහොමනමුත් ඇවිල්ල සටහනක් දාලාම යන්නම් කෝ..

    ReplyDelete
  19. ආ... මතක බැරිවුණා නෙව..ඔබ තුමාටත් ඔබතුමාගේ බිරින්දෑ සහ දියැණියන්ටත් උතුම් ඊද් මංගල්‍යයක් වේවා....!

    ReplyDelete
  20. බොහෝම ස්තුතියි මිත්‍රයා ඔබේ සෙනෙහසින් පිරි ඒ පැතුමට. එයයි අපි ලබන ශක්තිය.

    ReplyDelete
  21. කටුස්සා කියන්නේ ස්වභාවයෙන්ම පාට වෙනස් කරන සතෙක්.ඌ අහිංසක සතෙක්.එත් මිනිස්සුන්ට කටුස්සා කියන්නේ චර්යාවන් වෙනස් කරන නිසා.බලාගෙන යනකොට එහෙම කියන එක වැරදි.කටුස්සන්ට අපහාසයක් ඒක

    ReplyDelete