Monday, July 22, 2019

බෙයාරිං


ලොකු රෝද
සීරු මාරුවට
සුමටව
කරකවා
ගමනාන්තයට සේන්දු කරන්න
තෙරපෙන
ගෙවෙන
පොඩි බෝල
බෙයාරිං...

රෝද
බකල් වූ දා
ගැලවී විසිවෙන
ගෙවී ගිය
බෙයාරිං...

7 comments:

  1. ඩීන් අයියව දැක්කෙ බොහොම කාලෙකින්.. අපූරු සුපුරුදු කෙටි කවියක් එක්ක..

    මේ ටිකේ පොඩි වැඩකට බෙයරින් එක්ක ඔට්ටු වෙවී ඉන්නකොටම තමා ඩීන් අයියා බෙයාරින් කවියක් දැම්මෙත්.. හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන කාලයකට පසුව. හැම පීඩනයම, ඝට්ටනයම විඳගෙන ඔසවාගෙන යන... ඉන් පස්සේ (ගැලවිලා විසිවෙන) කියන අදහසින් මෙය ලිව්වේ.

      Delete
  2. බෝල විතරක් නොව
    රෝල විදියටද එන
    බෙයා රිං

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ හරි, මේ පදපෙල ලියද්දි ඒකත් මතක් වුනා. තවත් වර්ගයක් තියෙනවා නීඩ්ල් බෙයාරිං, ඒකේ ඉතා සියුම් ඩයමීටරයක් සහිත රෝල් යොදා ගන්නේ.

      Delete
    2. වටේ දැති තියන බෙයාරිං තියනවද? මට එහෙම එකක් හොයා ගන්න ඕනා..

      Delete
    3. Rifle Bearings ද? ලින්ක් එක බලන්න
      https://s3.amazonaws.com/hs-wordpress/wp-content/uploads/2017/12/12185843/hs_fdb_031.jpg

      You can search in McMaster web Catalogue:
      https://www.mcmaster.com/bearings

      Delete
    4. ස්තූතියි ඩීන් අයියා.

      Delete