Wednesday, January 16, 2013

තරාදිය



තට්ටු දමින්
දණ්ඩ දෙකෙළවර
එල්ලෙන
කොක්ක උඩින්
මුදලාලි ඔසවා
රඳන
කටුව මැදින්
අතින් මුවාකර
වැහෙන
පඩි බර
පැත්තට නිති
ඇදෙන

Image Souce: http://img2.etsystatic.com

22 comments:

  1. ලස්සන නිර්මාණයක්. හැබැයි දැන්නං වැඩි හරියක් තියෙන්නෙ ඉලෙක්ට්‍රෝනික් තරාදි පොලවල් වල හිටං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා. ඔබ හරි, බොහෝ විට පරණ තරාදිය දැන් සංඛේතාත්මක විතරයි නොවැ.

      Delete
  2. අන්න හරි ඩීන් අයියා . . .

    තරාදියේ අපිට පේන සමබර කම රැඳිලා තියෙන්නේ මුදලාලි අතින් වහගෙන ඉන්න තැන කියලා අපි තේරුම් ගන්න ඕන . . .

    එතකොට බර වෙන පැත්ත තීරණය කරන්නේ මුදලාලි . . .

    තරාදියෙන් අපිට සාධාරණය ඉෂ්ට වෙන්න නම් හොර මුදලාලිගේ පුකට පයින් ගහලා එලවලා සාධාරණ මුදලාලියෙක් ඉන්න කඩේකට යන්න ඕන . .

    ReplyDelete
    Replies
    1. කොහොම කිරුව ද ගෙවන්න නම් සිදුවෙනවා අඩුවක් නැතිව.

      Delete
  3. හැමදාම වගේ අදත් අමුතුම කවියක්...

    ReplyDelete
    Replies
    1. ඒත් සරළයි කියලා හිතනවා

      Delete
  4. මේවාට තමයි රැඩිකල් කවි කියන්නේ. ලිවිය යුත්තේ මෙවන් කවීයි.. යුගයේ කවියක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ලොක්කා

      Delete
  5. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යසිරු

      Delete
  6. මම ආමි...
    කවි බැලිමි..
    හද හිස් බැවින්...
    යළි ගියෙමී..

    නුඹට ජය...!

    සුලා..

    ReplyDelete
    Replies
    1. සුලා උඹ තාම සයිබරේ ඉන්නවද?
      උඹ අබුඩාබි ඉන්නේ කියලා තිසා කිව්වා.
      ඒත් උඹේ අන්න්‍යතාවය එලි දක්වන්න ඌ කැමති නෑ.
      මමත් දැන් ඉන්නේ අබුඩාබි.
      කැමති නැද්ද හැබෑවට කතා කරන්න?

      Delete
    2. ඇවිත් බලලා යනවාට ස්තුතියි. නුඹේ පුංචි පදපේලි අතර උත්තර සොයන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක දුකාගේ කොමන්ටුව දැක්කේ. තොරතුරු දැන ගන්න කැමැතියි මලේ, අපි අබුදාබියෙන් පිටව ඇවිත් මාස ගානක් වෙනවා.

      Delete
  7. මෙහෙම තමා පොලේ නම් වෙන්නෙ.D; අනෙක් තැන්වල තරාදි නෑ නොවැ මල්ලි. සරල අරුත්බර පද පෙලක්. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ පොලේ හා බයිසිකල් වලින් ගොස් වෙළදාම් කරන අය තවමත් පඩි තරාදිය පාවිච්චි කරනවා.

      දැන් තරාදිය සංකේතයක් විතරයි නොවැ.

      බොහෝම ස්තුතියි අක්කේ.

      Delete
  8. හදිසියේම මතක් වුනා මුණු පොතේ දැක්කට කමෙන්ට් එකක් දැම්මේ නැහැ නේ කියල. ලොකු තේරුමක් තියෙන පොඩි කවි .. ඔබේ කවි නිසල දිය වගේ ..දිය යට සුළි සැඟවුන

    ReplyDelete
    Replies
    1. දාහක් වැඩ අතරත් ඇවිත් නොවරදවා කොමන්ටුවක් තියන එකට බොහෝම ස්තුතියි.

      "...නිසල දිය වගේ ..දිය යට සුළි සැඟවුන" බොහෝම ලස්සන කියමනක්.

      Delete
  9. ඇනෝ කොමන්ටු කිහිපයක් මකා දැමීමට සිදුවුනා. ඒ අතර වූ අවවාදයක් අරන් ආ ඇනෝ කොමන්ටුව උපදේසයක් හැටියට බාර ගතිමි, ස්තුතියි.

    ReplyDelete