Tuesday, October 9, 2012

වටිනාකම



සිහින් තර
ඉරින් සැරසී
නෙක රටාවට
ලොකු පොඩි
හැම තැන
ඉඳිනා සීරුවට
කියා පානවා
අගයක්
විසිතුරු ලේබලයේ
මනාවට

ඉරි රටා
තැනී නැතිවද
වටිනාකමක් නැත්තේ
හද ගැහෙන
දුවපැන ඇවිදින
මිනිසුනට

සටහන:

අද ලෝකයේ වටිනාකමක් (මිලක්) නියම නොවෙන දේවල් අල්පයක් යැයි කියන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණය උපයෝගී කරගන්නේ නැති අංශයක් නැති තරම්. එදිනෙදා භාවිතයට අවැසි භාණ්ඩ මෙන්ම සේවාවන්ද වටිනාකමක් ඇති දේවල්, එනිසාම ඒ වටා සැකසෙන වෙළෙද පොළ ප්‍රබලයි. එම වෙළෙද පොළේ කොම්පියුටර් තාක්ෂණය විසින් සීරුවෙන් අත්පත් කරගත් අවස්ථාවකි PoS (පොස්) හෙවත් Point of Sale. එතැන දී සංකේතමය ඉරි එකතුවකින් සැදුම්ලත් බාර්-කෝඩ් වලින් ලොකු කාරියක් ඉටුවේ.

බාර්-කෝඩ් වලින් සැකසෙන්නේ වටිනාමක් නැතිනම් අගයක්. පාරිභෝගීක භාණ්ඩවලට වගේම සේවාවකට වටිනාකමක් තියෙනවා. ඒ සේවාව විධිමත් කරන්න, පහසු කරන්න බාර්-කෝඩ් යොදාගන්නවා.

උපන් මොහොතේ සිට අවසන් හුස්ම හෙළන තුරු මිනිසාට අවශ්‍යවෙන සේවාවන් බොහෝමයකි. ඒ ඒ සේවාවන් අනුව නියමවෙන අයකිරීම එහෙමත් නැතිනම් සේවාවනට මිනිසා කෙරෙහි ඇති වටිනාකම ද වෙනස් වෙන්න පුළුවන්; උදාහරණයක් හැටියට අයකරත හැකි සුව සේවයට, අවමංගල සේවයකට වගේ. එතකොට ජීවමාන මිනිසාට ලැබෙන වටිනාකම?

20 comments:

  1. ඔය මොනව මැන්නත් මිනිසත්කම මනින්නට තාම උපකරණ නම් සොයාගෙන නැහැනෙ. අම්මා තාත්තගෙ සෙනෙහස, ස්වාමියාගෙ බිරිඳගෙ සෙනෙහස, දරු සෙනෙහස, කෙනෙක් ගේ දුකකදී, කරදරයකදී උණුවෙන හදවත් කවදාවත් මැණිය නොහැකියි ඩීන් මල්ලී.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අක්කේ. ඒවායේ අගය දන්නේ ලබා දෙන්නට වඩා ලබන්න වීමයි වෙනස.

      Delete
  2. අද එකනම් සටහන නැතුවම යාන්තම් තේරුනා. සටහන කියෙව්වට පස්සෙ හොඳටම තේරුනා.. මම මේ බැලුවෙ ඩීන් අයියට මේ වගේ අමුතු අමුතු අදහස් එන්නෙ කොහෙන්ද කියලා..

    අර්තාන්විතයි !

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහන දුටු විට ලෙකු සතුටක් දැනුනා.

      සාමන්‍ය දෙයක් අසාමාන්‍ය විදියට මතුකරන්න උත්සාහ කිරීමත් එය සිංහල බාසාවෙන් සුන්දර විදියට ඉදිරිපත් කරන්න ඇති ඉඩකඩ කියන කරුණු දෙකයි අනෙක් ප්‍රශ්ණයට පිළිතුර.

      Delete
  3. වචන කීපයක් වුනත් මන් මේ ඩීන් අයගේ නිර්මාණ හරි පරිස්සමින් වචනයක් නෑර කියවන්නේ . මොකද වචනයකින් ලොකු දෙයක් මග ඇරෙන්න පුළුවන් නිසා . හරිම අමුතු අදහස් . ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සීමිත වචන හරඹයට ඇති කැමැත්ත. බොහෝම ස්තුතියි බින්දි.

      Delete
  4. මාත් ආවා මේ අඩවියට.

    අයියගෙ පෝස්ටුව කියෙව්වම මට මගෙ සිංහල දැනුම ගැන ඇත්තටම ලැජ්ජාවකි ඇති උනා. මුස්ලිම් ජාතිකයෙක් වෙලත් ඉතාමත් සංයමයකින් වචන හසුරවලා තියෙන විදිය හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට බොහෝම සාදරයෙන් පිළිගන්නවා ගන්නවා.

      මෙය ගල්මල් අඩවියේ පල කල සියවෙනි පදපෙල. මා සිංහල මෙන්ම ඉංග්‍රීසි බසින් (Amazing Spring) ද ලියන නමුත් සිංහලින් ලියන්නයි වැඩියේ කැමැත්ත. මොකද සිංහලින් වඩාත් අලංකාරව ඉදිරිපත් කරන්න පුලුවන්, ඒ අපේ බාසාවේ ඇති සුන්දරත්වය.

      පුරුදු පුහුණුව තුලින් ඒ ඉදිරිපත් කිරීමේ හැකියාව වැඩි දියුණු කරගත හැකියි.

      Delete
  5. ඔය හැම දේකටම මිලක් නියම කරන්නෙ මිනිස්සුනෙ. ඒ නිසා මිනිස්සු අමිලයි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න, ඒකයි කාරනය. ඔබේ කොමන්ටුව සුවිශේෂයි.

      Delete
  6. මිනිස්සුන්ගෙ බාර් කෝඩ් ප්‍රින්ට් කරන්න බැරි තරම් සංකීර්ණ ඇති.. කාලෙන් කාලෙට වෙනස් වෙනවත් ඇති ..
    නියම කෝඩ් එක අඳුන ගන්න ටික කාලයක් ඇසුරු කරලා ස්කෑන් කරන්න වෙනවා...
    ඕකට පිලියමක් හොයාගන්න කම් මිනිස්සු අතර අවතක්සේරු කිරීම්, අධිතක්සේරු කර ගැනීම් නවතින එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. "ඕකට පිලියමක් හොයාගන්න කම් මිනිස්සු අතර අවතක්සේරු කිරීම්, අධිතක්සේරු කර ගැනීම් නවතින එකක් නෑ.." සහතික ඇත්ත.

      ආරක්ෂක ක්‍රම දියුණු වෙද්දි පුද්ගල හැඳුනුම් වඩාත් නිවැරැදිව කරන්න පුලුවන් ක්‍රමයක් හැටියට බයෝමැට්‍රික් ක්‍රම බාවිතයට ආවා, ඒ අනුව මිනිසාගේ ඇඟිලි (රේඛා) හා අක්ෂි ගෝලය ස්කැන් කර ලබා ගන්නා හැඳුනුම් ක්‍රම ආවා. බයෝමැට්‍රික් ක්‍රමය පුද්ගලයාට ආවේණික බව ජීව විද්‍යාත්මක පිළිගැනීමයි, ඒ වගේම එය වෙනස් නෙවෙන බවයි මතය. ඒත් පුද්ගලයින්ගේ ඇඟිලි සළකුණු වෙනස් වූ අවස්ථා කිහිපයක් පවා වාර්තාවි තියෙනවා. ඔව් මිනිසා එතරම් සංකීර්ණයි.

      Delete
  7. ජීවමාන මිනිසුන්වත් එක එක්කෙනාගෙ දර්ශකවලට අනුව බාර්කෝඩ් එකකට දාගන්නවනෙ. සම්මත අගයකුයි නැත්තෙ. කවදත් වගෙ අය්යගෙ සන්සන්දනයනම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඒ දර්ශක වලට දාන්න වර්ග, උප-වර්ග කරන්න උත්සාහ කළහොත් තව මොනතරම් සංකීර්ණතාවයක් ඇතිවෙන්න බැරිද?

      පෝස්ටුවේ දුෂ්කරම දෙය වුනේ ඒ සන්සන්දන සටහන, නංගිගේ කොමන්ටුවෙන් ඒ ගැන සෑහීමකට පත්වෙන්න පුලුවනි.

      Delete
  8. මෙය ගල්මල් අඩවියේ පළකළ සියවෙනි පදපෙළයි. වරින් වර එකින් එක පදකර මෙ දුර ආවේ ලියූ ඒවා රසවිඳින්න ගොඩවූ ඔබෙන් ලද දිරියෙනි, ඒ අතරින් අදහස් විමසුම් හා විවේචන ඇතුළත් කොමන්ටු වලින් ලැබෙන ශක්තිය සුවිශේෂයි.

    ඔබ සැමට මගේ හෘදයාංගම ස්තුතිය. ජය!

    ReplyDelete
    Replies
    1. හදපිරි සෙනෙහෙන්ම සුබ පැතුම් ඩීන් මල්ලී. තව තව වටිනා නිර්මාණ කරනට දිරිය ශක්තිය නිබඳවම ලැබේවා!

      Delete
    2. ප්‍රසන්න හා චන්දි අක්කේ, බොහෝම ස්තුතියි

      Delete
  9. මීට පෙර ආවද කියල මතක නැහැ. නමුත් ඔන්න මගෙන් සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. සුබ පැතුමට බොහෝම ස්තුතියි.

      Delete